ආරක්ෂක අංශ සහය නැතිව,ගෝඨා කනස්සල්ලෙන්

Published in පුවත්
Tuesday, 30 October 2018 12:36

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂට සමීප විශ්‍රාමලත් මේජර් ජෙනරාල්වරුන් කිහිප දෙනෙකු ඊයේ ඔහු හමු වී තිබේ.

එහිදී ඔවුන්ගෙන් බහුතරය පවසා ඇත්තේ ව්‍යවස්ථා විරෝධී ලෙස මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත්කිරීම නිසා තමන්ට විදේශ රටකට යාමට තිබූ අවස්ථාව පවා අහිමි වනු ඇති බවයි. මේ වන විටත් විදේශ රාජ්‍ය කිහිපයක්ම ශ්‍රිලංකාවට එරෙහිව සංචාරක තහංචි පැනවීමට තීරණය කර තිබේ. ඒ අනුව ආණ්ඩුවට එක් වන දේශපාලකටන්ට හා විධායක මට්ටමේ රාජ්‍ය නිලධාරීන්ටද එම තහංචි වලට යටත් වීමට සිදුවනු ඇත.

ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයේ හිටපු අධ්‍යක්ෂ වරයකු වන මේජර් ජෙනරාල් කුමාර හේරත් මෙහිදී පවසා ඇත්තේ යුද හමුදාව අභ්‍යන්තරයේ සිතාගෙන සිටි ආකාරයේ ප්‍රබෝධයක් මහින්ද රාජපක්ෂ අගමැති වීමෙන් ඇති වී නැති බවයි.

අනෙක් කාරණය වන්නේ මීට වසර දහයකට පෙර යුධ සමයේදි සිටි නිලධාරීන් හා සෙබලුන් අති බහුතරයක් මේ වන විට හමුදා සේවයෙහි නොමැති නිසා රාජපක්ෂලා කෙරෙහි විශේෂ ලැදියාවක් නොමැති බවය. එමෙන්ම ජාතිවාදයෙන් ආගම්වාදයෙන් පෝෂණය කරනවා වෙනුවට වර්තමානයේ හමුදා නිලධාරීන් සාමය සංහිඳියාව මානව හිමිකම් ගැන විශේෂ පුහුණුවක් ලැබු ශිෂ්ඨ සම්පන්න නිලධාරීන්ගෙන් සමන්විත් බවත් එම නිලධාරීන් පෙන්වා දී ඇත. එම නිසා ආරක්ෂක අංශ තමන්ට සහයෝගය ලබා දෙනු ඇතැයි විශ්වාස නොකළ යුතු බවද ඔහු පෙන්වා දී තිබේ. මේ තත්වය මත ගෝඨාභය රාජපක්ෂ කනස්සල්ලෙන් යුතුව පවසා ඇත්තේ යළි යුධ මානසිකත්වයක් සෙබලුන් තුල ඇති කිරීම වූයේ නැත්නම් තමන්ට පාලනය ගෙනයා නොහැකි බවය

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us