News Items (18842)
ඒ ආණ්ඩුවත් වැඩි කල් යන එකක් නොවේ. මෛත්‍රී ඒකාධිපති හීනයක
සිරිසේන ජනාධිපතිවරයා මේ වන විට තමන්ගේ හිතෛෂීන් අමාත්‍යංශ ලේකම්වරුන් ලෙස පත් කිරීම සඳහා නම් ලැයිස්තුව සකසා අවසන්ය. ඒ අනුව සියලු ඇමැතිවරු කටයුතු කළයුතු බව පවසා ඇත. නමුත් මේ වන විට හොර අගමැතිගේ ඇමති මණ්ඩලය දිවුරුම් දී හෝ නම් කිරීම සිදුකර නැත.
ජනාධිපතිවරයාගේ ජාතිය ඇමතිල්ල ගෑණි දාලගිය මිනිහාගේ අඬවැඩියාවට දෙයක් නැත. ඒ ගැන ඕනැවටත් වඩා දේ ලියැවී තිබේ. අවශ්‍යම කෙනෙක් ඉන්නවා නම් අජිත් මුතුකුමාරණගේ සිංදුවක් ඇසුවාට කමක් නැත. ඒ අපුල විඳිය හැකිය..ඒ නිසා ඒ ගැන සඳහන් නොකරමු.
පොරොන්දු වූ ලෙස 113 ගෙනත් නොදුන්නොත් ඉල්ලා අස්වන බව මහින්ද මෛත්‍රීට දන්වයි...!
මහින්ද රාජපක්ෂගේ අගමැති ධුරය තහවුරු කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ 113 ක බහුතරය ගෙනත් දෙන්නේ නැත්නම් තමන් ඉල්ලා අස්වන බව මහින්ද රාජපක්ෂ විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට අනතුරු අඟවා තිබේ. අද දහවල් පැවැති සාකච්ඡාවකදි මේ බව පවසා තිබේ.
දැන් කෙළව ගත්තා මදිද ? මහින්ද මෛත්‍රීගෙන් අසයි. හමුදා මෙහෙයුම මහින්ද එපා කියයි
අරලියගහ මන්දිරය හමුදාව යොදා මුදවා දිය හැකි බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් තමන්ගේ හොර අගමැති මහින්ද රාජපක්ෂට අද උදෑසන කළ යෝජනාව ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
මහින්ද, සිරිසේනට බොලේ පාස් කරයි ... ද්‍රෝහියා සිරිසේන..!
ඊනියා අගමැති මහින්ද රාජපක්ෂ, සිරිසේන ජනාධිපතිවරයාට දැන් අලුත් බෝලයක් පාස් කරමින් සිටියි. හදිස්සියේම නැකතක් බලලාද කොහෙදෝ ජනාධිපති කාර්යාලයට ගොස් අමාරුවෙන් ජනරජ නාමය වරද්ද වරද්දා දිවුරුම් දුන් රාජපක්ෂ උන්නැහේ සිරිසේන ජනාධිපතිවරයා තමන්ට එන්න කියා අගමැතිකම භාර ගන්න කියූ නිසා එසේ කළ බව කියා තිබේ.
දුමින්ද 10 ක සමඟ ස්වාධීන වන බව මෛත්‍රීට දැනුම් දෙයි
ජනාධිපතිවරයාගේ ඓතිහාසික පාවා දිමට එරෙහිව දුමින්ද දිසානායක ඇතුලු ශ්‍රිලනිපයේ මන්ත්‍රීවරු 10 දෙනෙකු අද උදෑසනම ජනාධිපතිවරයා හමුවෙ තමන්ගේ තීරණය දැනුම් දි ඇත.
මහින්ද තනිවෙයි. බැසිල් ඇමතිකම් එපා කියයි. ගෝඨා ඕනෙ කියයි
මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ලෙස ජනාධිපති හමුවේ දිවුරුම් දී ආණ්ඩුකිරීමේ ආසාවකින් පසු වුවද ඔහුට අවශ්‍ය සහයොගය ලබා නොදිමට බැසිල් පාර්ශ්වයේ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබේ, ඒ අනුව නව කැබිනට් මණ්ඩලයේ ඇමැතිධුර ලබා ගැනීම ඔවුන් ප්‍රතික්ෂේප කර ඇත.
රාජපක්ෂගේ පැමිණීම ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාට මරු පහරක් - ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි
මහින්ද රාජපක්ෂගේ නැවත බලයට පැමිණීම ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ජන ජීවිතයට නැවතත් මරු පහරක් බව අල් ජසීරා පුවත් අඩවිය පවසනවා. දෙමළ ජනතාවගේ සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රජාව එක් විය යුතු බව එහි මාධ්‍යවේදී මාරියෝ අරුල්දාස් සිය ලිපියෙන් පෙන්වා දෙනවා.
පාර්ලිමේන්තුව කැඳවන බව මහනායක හිමිවරුන්ට කතානායක දන්වයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විධායක බලතල යොදා ගනිමින් පාර්ලිමේන්තුව කල් තැබූවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයකගේ ඉල්ලීම සලකා බලා නුදුරු දිනකදී පාර්ලිමේන්තුව රැස් කිරීමට පියවර ගන්නා බව කතානායක කරූ ජයසූරිය මහතා අද උදෑසන මහ නායක හිමිවරුන්ට දන්වා ඇත.
චන්ද්‍රිකාගේ මෙහෙයුම සාර්ථකයි. ශ්‍රිලනිපයේ පළුවක් ගලවයි
මෛත්‍රීපාල + මහින්ද කුමන්ත්‍රණකාරී බලු හවුලට එරෙහි ශ්‍රීලනිප මන්ත්‍රීන් ගනනාවක් පාර්ලිමේන්තුව තුල ස්වාධීන මන්ත්‍රීන් වශයෙන් කටයුතු කිරීමට එකඟ කරවා ගැනිමට හිටපු ජනධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සමත්ව ඇති බව සමීප ආරංචි මාර්ග පවසයි
