රාජපක්ෂලාගේ අපරාධ නඩු විභාග කළ විනිසුරු ලංකා ව මාරු කරයි Featured

Published in පුවත්
Sunday, 28 October 2018 18:37

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් ලෙස කටයුතු කළ ලංකා ජයරත්න මෙනෙවිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලෙස මාරු කර යවා තිබේ.

ඒ වෙනුවට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලෙස කටයුතු කළ රංග දසනායක පත් කර ඇත. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයේ කටයුතු කළ කාලයේ සිදු වූ පැහැරගැනීම් සහ ඝාතන රැසක් සම්බන්ධ නඩු විබාග කෙරුණේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේය. මේ නඩු විභාග වලදී මහේස්ත්‍රාත්වරිය සෘජු තීරණ ගැනීම සහ නියෝග ලබා දීම නීති ක්ෂේත්‍රයේ පැසසුමට ලක් විය. නාවික හමුදා සාමාජිකයන්ට චෝදනා එල්ල වී ඇති තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම මෙන්ම පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් පරීක්ශන පවත්වන නඩුද ඒ අතර විය.

මහින්ද රාජපක්ශ මහතා ජනාධිපති ධුරයේ කටයුතු කරන කාලයේ මෙසේ විනිසුරුවරුන් මාරු කිරීම සුලබව දැකිය හැකි විය.

ලංකා ජයරත්නට උසස්වීමක් ලබා දුන් බව පෙනෙන්නට තිබුනද, මේ පිටුපස ඇති සත්‍ය කතාව නම් සති කිහිපයක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ තබා මහාධිකරණ විනිසුරුවරියක ලෙස පත් කොට, ඇයව කොළඹින් පිටතට යැවීමය. එවිට අදාළ ප්‍රධාන නඩු වලට මැදිහත් වීමට ඇයට අවස්තාවක් නොලැබේ.

රංග දසනායක මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට තාවකාලිකව පත්කර ඇති අතර, ඔහු වෙනත් ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයකට කඩිනමින් පත් කිරීමට නියමිතය. ඉන් පසු අදාළ නඩු විභාග තමන්ට අවශ්‍ය පරිදි කර ගැනීමට රාජපක්ශලාට හැකියාව ලැබේ.

මේ වෙලාවේ හොද නම තියාගෙන ගේම් ගහන්නේ එසේය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us