අයි ටී එන් සභාපතිනි සේවයෙන් දොට්ට. අමාත්‍යංශයට ඇතුලුවීමත් තහනම් කරයි Featured

Published in පුවත්
Sunday, 28 October 2018 17:42

අයි ටී එන් සභාපතිනිය ලෙස කටයුතු කළ ජනමාධ්‍ය අමාතංශයේ අතිෙර්ක ෙල්කම් තිලකා ජයසුන්දර මහත්මියව මේ වන විට එම තනතුරෙන් ඉවත් කර තිබේ. ඇය රාජකාරී පැහැර හැරි බවට චෝදනා එල්ල කර ඇත. පසුගිය 26 වන දින රාත්‍රියේ පටන් අයි ටී එන් ආයතනයේ පාලන බලය බලහත්කාරයෙන් පැහැර ගත් රාජපක්ෂ කල්ලියේ මැරයන් විසින් සබාපතිනියට හා තවත් ඉහළ නිලධාරීන්ට ආයතනය තුලට ඇතුල් වීම වලකා තිබිණි.

ඉන් පසුව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක ධර්ම ශ්‍රී ඒකනායක පසු දින පැමිණි සභාපතිමියට, විධායක නිළධාරී චන්දන තිලකරත්න ක්‍රියාකාරී අධ්‍යක්ෂ විමල් කැටපෙආරච්චි සහ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී සුභාෂ් ජයවර්ධන යන අයට ආයතන පරිශ්ර්ය තුලට ඇතුළු වීම වැලැක්විය යුතු බවට නියොගයක් පනවා තිබේ.

මේ වන විට ජනමාධ්‍ය අමාත්‍යංශයට ඇතුලු වීමද තහනම් කර ඇති අතර මුදල් අමාත්‍යංශයට ඇයව මාරු කර තිබේ.
කෙසේ නමුත් පසුගියදා ජනාධිපති දියණිය චතුරිකා සිරිසෙන විසින් අයි ටී එන් ආයතනයේ බලය තමන්ගේ නියොජිතවරියකු වූ අඟනකට බාර දීම සම්බන්ධයෙන් තිලකා ජයසුන්දර ඊට එරෙහි විය. ඒ රජයේ කිසිදු තනතුරක් හෝ දේශපාලන තනතුරක් හෝ නොදරන උද්දච්ච ගැහැනියකගේ නියොග වලට යටත් වන්නෙ නැති බව ජයසුන්දර මහත්මිය සෘජුව පැවසුවාය.

මේ නිසා චතුරිකා ඇගේ ජනාධිපති තාත්තා ජයසුන්දර මහ්ත්මිය සමඟ වෛරයෙන් පසු විය.
තිලකා ජයසුන්දර මහත්මිය පරිපාලන සේවය දක්ෂ කර්යක්ෂම නිලධාරිනියක් ලෙස ප්‍රකට තැනැත්තියකි. දුෂණ වංචා චෝදනා කිසිවක් එල්ල වී නැත. අයි ටී එන් සේවකයන් නිලධාරීන් පවා ඇයට ඉහළ ලෙස ගරු කරනු ලැබුවේ. ඇය අවංක කාර්යශූර ලෙස ආයතනය ගරා වැටී ඇති තත්වයෙන් ගොඩ ගැනීමට වෙහෙසකාරි රාජකාරියක අවංකව යෙදුනු නිසාය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us