News Items (18842)
අගමැති රනිල් ඉවත් කිරීමෙන් ඩොලර් බිලියන 2ක් ව්‍යාපෘති අහිමි වෙයි
ඇමරිකා එක්සත් ජනපදය හා ජපානය ඩොලර් බිලියනයකට වැඩි සංවර්ධන ව්‍යාපෘති තමාව ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස අග්‍රාමාත්‍ය තනතුරෙන් ඉවත් කිරීමත් සමඟ හකුළා ගත් බව රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
NGO වලට විදෙස් ආධාර එන එක වළක්වන්න.. මහින්ද ලැහැස්තියි
මහින්ද රාජපක්ෂ, රනිල්ගේ අගමැතිකම හොරා කෑ පසු අපේ රටේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් කිහිප දෙනෙක් රාජපක්ෂ හමු වීමට ගොස් තිබේ. එහිදී ඔවුන් සියලු දෙනාගේ එකතුවෙන් සකස් කළ යෝජනාවලියක් රාජපක්ෂට ලබා දීමට ඔවුන් කටයුතු කර ඇත.
තවත් ව්‍යවස්ථා සංශෝධනයක්..මහින්ද 2020 ජනාධිපති අපේක්ෂකයා..සිරිසේන කුණුකූඩෙට
එළඹෙන ජනාධිපතිවරණයේ ශ්‍රීලනිපය ප්‍රමුඛව පොදුජන පෙරමුණේ සන්ධානයකින් ඉදිරිපත් වන ජනාධිපතිධුර අපෙක්ෂකයා ලෙස මහින්ද රාජපක්ෂ ඉදිරිපත් වීමට තීන්දු කර තිබේ. ඒ අනුව මේ වන විට 19 වන අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දෙවරකව වැඩි වාරයක් ජනාධිපතිධුරය සඳහා ඉදිරිපත් වීමට නොහැකි බවට තිබෙන ව්‍යවස්ථා ප්‍රතිපාදනය ඉවත් කිරීමට තීන්දු කර තිබේ.
සිංගප්පූරු ගිවිසුම අහෝසි කිරීමේ කැබිනට් පත්‍රිකාව,කැබිනට් අනුමැතියට
ශ්‍රීලංකාවේ ආර්ථිකයේ තීරණාත්මක සංධිස්ථානයක් විය හැකිව තිබු ශ්‍රී ලංකාව-සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම වහාම අහෝසි කිරීමට එළඹෙන සතියේ කැබිනට් මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කිරීම සඳහා මහින්ද රාජපක්ෂ සූදානමින් පසුවන බව දැන ගැනිමට තිබේ.
පාර්ලිමේන්තුව කැඳවීම වලක්වන්නේ පාර්ලිමේන්තු මහ ලේකම්!
පාර්ලිමේන්තුව කැඳවීමේ ගැසට් නිවේදනය නිකුත් කිරීම සඳහා කතානායක කරූ ජයසූරිය මහතාට ව්‍යවස්ථානුකූල බලයක් පැහැදිලිව තිබියදී එය සිදු කළ නොහැකි බවට පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක ව්‍යාජ නිති තර්ක මතු කරමින් ඒ වැලැක්වීමට කටයුතු කරමින් සිටී.
බල සූදුවෙන් පත්වන රනිල් හෝ මහින්ද අගමැති ලෙස ජනතාව පිළිගත යුතු නැහැ...ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ගවලට එරෙහිව ප්‍රගතිශීලී බලවේග සමග එක්ව සටන් කරනවා...ජ.වි.පෙ. ප්‍රචාරක ලේකම් විජිත හේරත් අද පැවැති මාධ්‍ය හමුවකදී සපත කර සිටියේය.
මහින්දගේ ලෝකෝත්තර සුවය වෙනුවෙන් රතන පැන්නේ රුපියල් කෝටි කීයකටද?
ශ්‍රී ලංකාව නම් මේ සිංහල බෞද්ධ රටේ ජාරා ජීර්ණ වූ කහකඩධාරීන් අතර ප්‍රමුඛයෙකු වන අතුරලියේ රතන නම් කහකඩධාරියා සුපුරුදු ලෙස වාසි පැත්තට හෝයියා කියමින් මහින්ද රාජපක්ෂට සහය දැක්වීමට ඉදිරිපත්ව තිබේ. රෙදි ඇඳගෙනද එහෙම කළේ යැයි අසන්නට නොහැකිය.
ඔන්න ආර්ථික ඔස්තාර් මහින්ද, හිටු කියලා සල්ලි අච්චු ගහන්න පටන් අරගෙන.
පසුගිය සිකුරාදා (26) දින මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් පසු ගෙවී ගිය දින 3ක් ඇතුළත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම 36.61% කින් වැඩි වී තිබෙනවා. එය රුපියල් මිලියන 32.014ක වැඩි වීමක් පෙන්නුම් කරමින් රුපියල් මිලියන 119, 463.60ක් දක්වා ඉහළ ගොස් ඇති බව සිලෝන් ටුඩේ පුවත්පත පෙන්වා දෙනවා.
ජනාධිපතිතුමනි, මේ අහන්න.. - නීතිඥ උපුල් කුමරප්පෙරුම
ජනාධිපති තුමනි,
රටෙහි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සහ ජනතාවගේ පරමධිපත්‍යය ආරක්ෂා කල යුතු පලමු පුද්ගලයා ලෙස සිටිමින් ඔබ ඔබගේ පුද්ගලික අපේක්ෂා මුදුන් පත් කර ගැනීම සදහා එම වගකීම් පැහැර හරී නම් ඔබ රටෙහි ව්‍යවස්ථාවට මෙන්ම ජනතාවටද පිටුපා ඇති බව මගේ හැගීමයි.
සිරිසේන පීචං වෙයි. රනිල් නැතුව වෙන කෙනෙකුට අගමැතිකම දෙන්නද අහයි
මේ වන විට සිර මරා බලුපූට්‍ටුවට නීත්‍යානුකූලභාවය ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ බහුතරය නොමැති වීම තහවුරු වීමත් සමඟ සිරිසේන ජනාධිපතිවරයා මහින්දව අගමැති කිරීමේ ආශාව අත් හැර ඇත.
