පාර්ලිමේන්තුව කැඳවීම වලක්වන්නේ පාර්ලිමේන්තු මහ ලේකම්! Featured

Published in පුවත්
Sunday, 04 November 2018 15:29

පාර්ලිමේන්තුව කැඳවීමේ ගැසට් නිවේදනය නිකුත් කිරීම සඳහා කතානායක කරූ ජයසූරිය මහතාට ව්‍යවස්ථානුකූල බලයක් පැහැදිලිව තිබියදී එය සිදු කළ නොහැකි බවට පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක ව්‍යාජ නිති තර්ක මතු කරමින් ඒ වැලැක්වීමට කටයුතු කරමින් සිටී.

ධම්මික දසනායක යනු රාජපක්ෂ පවුලේ සමීප හිතවතකු වන අතර වරක් ශිරන්තු රාජපක්ෂ පාර්ලිමේන්තු පැමිණි අවස්ථාවදී ඊට මැදිහත් වී ඇයට කෑම ඇදීම සඳහා ද පෞද්ගලිකවම සම්බන්ධව සිටි අයෙකි.

ඒ කෙසේ නමුත් කතානායකවරයා අද දින පාර්ලිමේතුව කැඳවීමේ ගැස්ට් නිවේදනය නිකුත් කිරීම සඳහා සූදනමින් සිටියෙය, එහෙත් ඊයේ රාත්‍රියෙම බැසිල් රාජපක්ෂ ඇතුලු පිරිසක් ධම්මික දසනායක හා සාකච්ඡා කොට කතානායක වරයාගේ තීන්දුව ප්‍රමාද කරන ලෙස ඉල්ලා ඇති බවත් ඒකාබද්ධ විපක්ෂයේ ආරංචි මාර්ග පවසයි.

සිරා මරා කුමන්ත්‍රණයට තවමන් බහුතර මන්ත්‍රීන් ප්‍රමාණය එකතු කර ගැනිමට නොහැකි වීම මෙට හේතුව වී තිබේ. මේ වන විට ඔලු ගෙඩි ගනනින් 104 ක කණ්ඩායමක් සිටින බව පෙන්නුම් කළද පාර්ලිමේන්තුව රැස් කිරීමේදී එම කණ්ඩායමේ තවත් පිරිසක් සිරා මරා කුමන්ත්‍රණයට සහය පල නොකර සිටීමට ගෙන ඇති තීන්දුව සම්බන්ධයෙන් සිරා මරා කුමන්ත්‍රණකරුවො බියට පත්ව සිටී. මේ වන විට ලසන්ත අලගියවන්න විදේශ ගතව සිටින අතර දුමින්ද දිසානායක මහතා සැඟවී සිටී, දුමින්ද සමග සිටින කණ්ඩායම තීරණාත්මක මොහොතේදී මහින්දට එරෙහිව කටයුතු කරන බව ඔහුගේ සමීපමතයන් පවසයි

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us