සිංගප්පූරු ගිවිසුම අහෝසි කිරීමේ කැබිනට් පත්‍රිකාව,කැබිනට් අනුමැතියට Featured

Published in පුවත්
Sunday, 04 November 2018 16:22

ශ්‍රීලංකාවේ ආර්ථිකයේ තීරණාත්මක සංධිස්ථානයක් විය හැකිව තිබු ශ්‍රී ලංකාව-සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම වහාම අහෝසි කිරීමට එළඹෙන සතියේ කැබිනට් මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කිරීම සඳහා මහින්ද රාජපක්ෂ සූදානමින් පසුවන බව දැන ගැනිමට තිබේ.

මෙම ගිවිසුම නිසා රටට බරපතල ප්‍රතිවිපාකවලට මුහුණ පෑමට සිදුවන බව පසුගිය කාලයේ රාජපක්ෂ කණ්ඩායම මත පළ කළේය. විශේෂයෙන්ම විමල් වීරවංශ තමන්ගේ ආණ්ඩුවක් යටතේ පැය 24 ක් ඉක්මයන්න පෙර මෙම ගිවිසුම අහොසි කරන බව දිගින් දිගටම ප්‍රකාශ කර තිබිණි. ඒ අනුව මෙම ගිවිසුම අහෝසි කිරීමේ කැබිනට් සංදේශය කඩිනමින් සකස් කිරීම සදහා මහින්ද රාජපක්ෂට ඔහු පසුගිය දින කිහිපයේදී අවධාරණය කර තිබේ.

ශ්‍රී ලංකා-සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුමශ්‍රී ලංකාව වසර 10 කට පසු අත්සන් කරන ලද පළමු වෙළෙඳ ගිවිසුම වන අතර, මෙය භාණ්ඩ වෙළෙඳාමෙන් ඔබ්බට ශ්‍රී ලංකාව පළමුවරට අස්සන් කළ වඩාත් පුළුල් වු ගිවිසුමක්ද වේ. අග්නිදිග ආසියාතික රටක් සමග ඇති අපගේ මුල්ම එකඟතාවයද මෙය වේ. මෙම ගිවිසුම ප්‍රධාන වශයෙන් සේවා, ආයෝජන, සනීපාරක්ෂක හා ‍ජෛවමිතික මෙහෙයුම්, වෙළඳාම සඳහා වන තාක්ෂණික බාධක ඉවත් කිරිම, වෙළෙඳ පිළිසරණ සහ ආරවුල් නිරවුල් කිරීම, රේගු සම්බන්ධතා සහ වෙළෙඳ පහසුකම් සැපයීම, ආර්ථික හා තාක්ෂණික සහයෝගීතාව, රජයේ ක්‍රමසම්පාදන, විද්‍යුත් - වාණිජ හා බුද්ධිමය දේපළ අයිතිවාසිකම් ආදිය ආවරණය විය.

කලාපයේ වඩාත්ම නිදහස් (ලිබරල් ) ආර්ථිකයක් ඇති එමෙන්ම ඉතා දැඩි නීතිමය පසුබිමක් සහිතව ක්‍රියාකරන, ගෝලීය වශයෙන් සක්‍රීය සහ දියුණු කළමනාකරණ / ආයතනික දක්ෂතා සහිත පුරවැසියන්ගෙන් හා ව්‍යුහයන්ගෙන් සැදුම්ලත් සිංගප්පුරුව වැනි රාජ්‍යයක් සමඟ මෙලෙස වෙළෙඳ ගිවිසුම් ගත විම නිසැකවම ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයේ ඊළඟ මට්ටම ළඟා කර දෙන ඵලදායි ආර්ථීක ප්‍රතිසංස්කරණ ක්‍රියාවකට මඟ පෑදෙන්නක් බව යහපාලන රජයේ විශ්වාශය වි තිබිණි .

Last modified on Sunday, 04 November 2018 16:24

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us