තවත් ව්‍යවස්ථා සංශෝධනයක්..මහින්ද 2020 ජනාධිපති අපේක්ෂකයා..සිරිසේන කුණුකූඩෙට Featured

Published in පුවත්
Sunday, 04 November 2018 19:07

එළඹෙන ජනාධිපතිවරණයේ ශ්‍රීලනිපය ප්‍රමුඛව පොදුජන පෙරමුණේ සන්ධානයකින් ඉදිරිපත් වන ජනාධිපතිධුර අපෙක්ෂකයා ලෙස මහින්ද රාජපක්ෂ ඉදිරිපත් වීමට තීන්දු කර තිබේ. ඒ අනුව මේ වන විට 19 වන අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දෙවරකව වැඩි වාරයක් ජනාධිපතිධුරය සඳහා ඉදිරිපත් වීමට නොහැකි බවට තිබෙන ව්‍යවස්ථා ප්‍රතිපාදනය ඉවත් කිරීමට තීන්දු කර තිබේ.

ඒ අනුව දෙවරක් ජනාධිපතිධුරය ඉසුලූ පසුව එක වාරයකට පසුව නැවත ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් විය හැකි බවට මෙම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට නියමිතය. ඒ අතර 19 ව්‍යවස්ථාවෙන් කප්පාදු කරනු ලැබූ බලතල කිහිපයක්ද යළි ලබා ගැනීමට තීන්දු කර ඇත. ඒ අනුව ජනධිපතිවරයාට වසර හතරමාරක් යන තුරු පාර්ලිමේන්තුව විසුරුවා ලිය නොහැකි බවට තිබෙන ප්‍රතිපාදනය, අගමැතිවරයා ඉවත් කිරීමට නොහැකි ප්‍රතිපාදන, ඉවත් කෙරෙනු ඇත.

කෙසේ නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන ජනාධිපති අපෙක්ෂක්යා ලෙස ඉදිරිපත් වීම සඳහා තබා තිබු බලාපොරොත්තු මේ අනුව අකුලා ගැනීමට සිදුවනු ඇත. මේ අතර රාජපක්ෂ කණ්ඩායමේ ප්‍රබලයන් කිහිප දෙනෙකුම පවසා තිබුණේ මෛත්‍රීපාල සිරිසේනව ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට කිසිසේත්ම ඔහුට පොරොන්දුවක් නොදුන් බවත්. එය කිසිදස් සිදු නොවන බවත්ය.

දූෂිතයන් අවීචි මහ නරකාදියට යවා මිසක් තමන් ජනාධිපතිධුරයෙන් ඉවත් නොවන බවට පසුගිය පළාත් පාලන මැතිවරණ සමයේදී දිව්රා පොරොන්දු වූ මෛත්‍රීපාල සිරිසේනට දූෂිතයන් සමඟ මේ ඉතිරි අවුරුද්දක පමණ කාලය ගත් කර විශ්‍රාම ගැනීමට සිදු වනු ඇත. වත්මන් ව්‍යවස්ථාව අනුව අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට පැවැරෙන බලතල අනුව ජනාධිපතිවරයා සැලකෙන්නෙ බල ශුන්‍ය පුද්ගලයකු ලෙසය. ඒ බව ජනාධිපතිවරයාම පසුගියදා පවසා තිබිණි.

මේ අනුව රාජපක්ෂ ගේ නායකත්වයෙන් වන ආණ්ඩුවක ජනාධිපතිවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේනට යහපාලනයේදි ලැබුණු ඉඩ කඩවත් නොලැබෙනු ඇත. ඔහු නිකම්ම නිකම් පඹයෙකු පමණක් වෙනු ඇත. රාජ්‍ය මාධ්‍ය බාර කැබිනට් ඇමැතිවරයා ලෙස සියලූම මාධ්‍ය ආයතන මේ වන විට ඔහු යටතේ පැවැතියත්. රාජ්‍ය මාධ්‍ය පාලනය මුළුමනින්ම රාජපක්ෂ හිතවාදීන් අත් පත් කරගෙන තිබේ. ජනාධිපතිවරයගේ ප්‍රතිරුපය ඉහළ නැවීම වෙනුවට සියළු අවස්තා රාජපක්ෂවරු වෙත ලබා දීම සිදු වෙමින් පවතී. ජනාධිපතිවරයාගේ නියෝජිතයන් ලෙස පත් කර තිබෙන නිලධාරීන් කාර්යාල කාමර වලට පමණක් කො‍ටු කර තැබීම සිදුව තිබේ.

කෙසේ නමුත් සන්ධානයේ ලෙකම් මහින්ද අමරවීර , දුමින්ද දිසානායක ශ්‍රිලනීප මහ ලෙකම් රොහණ ලක්ෂන් පියදස ආදීන් දිගින් දිගටම පවසා හිටියේ ශ්‍රිලනිපයේ ජනාධිපතිධුර අපෙක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේනව ඉදිරිපත් කිරීමට ශ්‍රීලනිපය දේශපාලන තීන්දුවක් ගෙන තිබෙන බවය.

Last modified on Sunday, 04 November 2018 19:11

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us