මන්ත්‍රීලා මිළදී ගන්න වියදම් කරන මුදල්, මහින්ද යළි හොයා ගන්නේ කෙසේද? Featured

Published in පුවත්
Saturday, 03 November 2018 13:56

මන්ත්‍රීවරු විසිදෙනෙකු පමණ මිළදී ගැනීම සඳහා රාජපක්ෂලා මේ වන විට රුපියල් බිලියන 10 කට (රු. කෝටි 1000 කට ) ආසන්න මුදලක් වැය කිරීමට කටයුතු යොදා තිබේ. මෙය බරපතල දේශපාලන සූදුවකි. සදාචාරාත්මක නැත. දේශපාලනිකද නැත. නීත්‍යානුකූලද නැත.

ඒ කුමක් නමුත් මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුතු නව පාලනය ඔහුගේ ඒකාධිපති පාලනයක් වනවා මිස වෙනකක් වන්නෙ නැත. ඔහු සමඟ සිටි පිරිස හෝ වේවා මිලදි ගත් පිරිස හෝ වේවා රටේ අභිවෘද්ධියක් ගැන සිතීම මේ අයට අදාල කාරණාවක් වන්නෙ නැත. මහින්ද සමග සිටියේ හොරු වංචාකාරයන් අපරාධකාරයන් පිරිසකි. මුදලට පැත්ත මාරු කළ වුන්ට ඒ මුදලේ වුවමනාව මිස යළි රටක් ගැන හෝ තමන්ගේ පාක්ෂිකයන් හිතෛශින් ගැන හෝ කල්පනා කිරීම අදාල වන්නෙ නැත. ඒ නිසා මහින්දගේ පාලනයේ ප්‍රතිපත්ති වැඩපිලිවෙලවල් අනම් මනම් ගැන කතා කිරීමේ කිසිදු ෙත්රුමක් නැත. එය තනිකරම ඒකාධිපති මිලිටරි පාලනයක් වනවා මිස වෙනකක් වීමට කිසිදු ඉඩක් නැත. එකතු කරගෙන සිටින පිරිස අනුව ප්‍රජාතන්ත්‍රවාදි ලෙස කටයුතු කිරීම හැකියාවක් නැත. ඒකාධිපතියකුගෙ හිතුවක්කාර නියොග මිස ඊට වඩා දෙයක් ක්‍රියාත්මක කිරීමට නොහැක.

වැදගත් කරණය නම් මේ මන්ත්‍රීවරුන් මිලදි ගැනීම සඳහා වියදම් කරන මුදල් කාගේද යන්නය? රාජපක්ෂලා ඒ කාලේ බිලියන ගනනින් හොරකම් කළ බවට එල්ල වූ චෝදනා විභාග කර අවසානයක් දකින්නට හැකි නොවීම නිසා මේවා මහින්දලාෙග්ම ගිණුම් වලින් එන මුදල්දැයි ටක්කෙටම කිව නොහැක. එහෙත් කවුරුන් විසින් හෝ මේ මුදල් ලබා දිම සිදු කර තිබේ.

අනෙක් වැද්ගත් කාරනව මේ වැය කළ මුදල් ඔවුන් නැවත හරි හම්බ කර ගත යුතු වීමයි. ෙම්සා විශාල මුදලක් නිකරුනේ වැය කිරීමට කිසිවකුත් මෝඩ වන්නෙ නැත. එසෙම ඔවුන් එතැනින් නතර වන්නෙ ද නැත. මේ වැය කළ මුදල මෙන් තව තුන් හතර ගුණයක්වත් ඔවුන් නැවත් හම්බ කර ගත යුතුය.

එය කරන්නේ කෙසේද? ඉදිරි මාස දෙක තුනේදි මහින්දලා විසින් එය පෙන්නුම් කරනු ඇත.. ඒ දිහා ඇස් නිලංකාර කරගෙන බලා සිටින්න ෙව්වි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us