භාතිය සන්තුෂ් පරණ වැඩේට නැවත අත ගසයි, රාජපක්ෂ සංදර්ශන යළිත්

Published in පුවත්
Friday, 02 November 2018 21:04

පසුගිය රාජපක්ෂ සමයේදී රාජ්‍ය මුදල් නාස්ති කරමින් පැවැත් වූ සංදර්ශන බොහොමයක කොන්ත්‍රාත් බාරගෙන සිටි භාතිය සන්තුෂ් දෙපළ යලිත් ඒ පරණ සෙල්ලමට අත දැමීමට උත්සහ ගනිමින් තිබෙන බව වාර්තා වේ.

මේ වන විටත් ගොඨාභය රාජපක්ෂගේ හිතවත්කම් පාවිච්චි කරමින් මහින්ද රාජපක්ෂගේ අලුත් ආණ්ඩුවේ සංදර්ශන සහ ප්‍රචාරක ව්‍යාපෘති තමන්ගේ සමාගම වෙත ලබා ගැනීම වෙනුවෙන් රාජ්‍ය ආයතන ප්‍රධානින් සමඟ කතා බහක නිරතව සිටින බව දැන ගැනීමට තිබේ.

විශේෂයෙන්ම නාගරික සංවර්ධන අධිකාරිය හරහා සිදු කෙරෙන ව්‍යාපෘතිවලට අදාලව උත්සව සංවිධාන කටයුතු ලබා ගැනීමේ සහ පෙර ගණු දෙනු වල ඉතිරි මුදල් ලබා ගැනීමේ උත්සාහයක පසුගියදා නිරතව සිටි බවත් වාර්ථා වේ .

පසුගිය රාජපක්ෂ සමයේදී භාතිය සංතුෂ් බාරගෙන තිබු දැවන්ත උත්සව අවස්ථා කිහිපයට අනව්‍යශ්‍ය ලෙස වැඩිපුර මුදල් ගෙවා තිබීම ගැන විමර්ශනයක්ද ක්‍රියාත්මක විය. ඒ අතර බෙල්ලන්විල වේරැස්ස ගඟ සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වූ මේ සංගීත කණ්ඩායමට ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවෙන් රුපියල් ලක්ෂ 270ක්ද, ශාන්ත ජෝන් මාළු වෙළෙඳපොළ ප්‍රතිනිර්මාණය කරමින් විවෘත කළ අවස්ථාවේදී පැවැති උත්සවයේදී නාගරික සංවර්ධන අධිකාරිය මඟින් මේ ගායන ශිල්පීන් දෙදෙනාටම රුපියල් ලක්ෂ 130ක් වශයෙන් ගෙවා ඇතැයිද හෙළිදරව් විය.

නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොඩනගා විවෘත කර කොළඹ 07 ආර්කේඩ් සුපිරි වෙළඳ සංකීර්ණයේ විවෘත කිරීමේ උළෙලේදී ඉසව් සම්බන්ධීකරනය සඳහා මෙම B&S සමාගමට රුපියල් ලක්ෂ 450 ක් නාගරික සංවර්ධන අධිකාරිය මගින් ගෙවා ඇතැයි ද අනාවරණය විය. ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන්, කලාකරුවන් හා ක්‍රීඩකයන් සම්බන්ධ කර ගනිමින් සිදුකරන විවිධ වැඩසටහන් සහ ප්‍රචාරක කටයුතු සම්බන්ධීකරණය කිරීම භාතිය හා සංතුෂ්ගේ B&S සමාගමට පවරා තිබිණි.

ඒ වෙනුවෙන් කලාකරුවන් හා ක්‍රීඩකයන් සම්බන්ධ මැතිවරණ කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 2945ක ඇස්තමේන්තුවක් ඔවුන් මේ සඳහා ඉදිරිපත් කර ඇති බවට ද තොරතුරු වාර්ථා විය.

කෙසේ නමුත් රාජ්‍ය මුදල් මෙලෙස නාස්තිකාර ලෙස පරිහරණය කිරීමත් මෙම සංදර්ශන වෙනුවෙන් අවශ්‍ය ප්‍රමාණයට වඩා මුදල් ගෙවීම් සිදු කර සමාගමක් නඩත්තු කිරීම ගැන සමාජයෙන් බරපතල චෝදනා එල්ල විය. දැන් යලිත් වතාවක් ඒ පරණ සෙල්ලම පටන් ගැනිම සිදුවන්නේ නම් රාජපක්ෂලා කතා කරන වත්මන් ආණ්ඩුවට එහා ගිය ' යහපාලන' ලත් තැනම ලොප් වන්නේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us