2010 දි ඉල්ලපු කොමිස් මේපාරත් ඉල්ලුවොත් කියලා අපි අයින් වුණා - ජයිකා Featured

Published in පුවත්
Friday, 02 November 2018 17:17

සිරිසේන ජනාධිපතිවරයාගේ තක්කඩි දේශපාලන තීන්දු හමුවේ ශ්‍රී ලංකාවට ලැබෙන්නට තිබූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියෙන් ජපානයේ ජයිකා ආයතනය ඉවත් වීමේ හේතු අනාවරණය වී තිබෙනවා.

2010 වසරේදී අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මුල්වරට ජයිකා ආයතනයේ නියෝජිතයන් පිරිසක් අරලියගහ මන්දිරයේදී හිටපු ජනාධිපති රාජපක්ෂ සමඟ සාකච්ඡා ආරම්භ කර තිබුණා. මෙවැනි ව්‍යාපෘතියක් සඳහා කොමිස් මුදලක් ලබා ගැනීම සාමාන්‍ය තත්වයක් වුවද රාජපක්ෂ පාර්ශ්වය අතිවිශාල කොමිස් මුදලක් ජයිකා ආයතනයෙන් ඉල්ලා තිබෙනවා. මේ නිසා එම කොමිස් මුදල ලබා දීම ප්‍රතික්ෂේප කරමින් ජයිකා ආයතනය ව්‍යාපෘතිය ඉවත් කරගෙන තිබුණා. රාජපක්ෂගේ පැමිණීමත් සමඟ 2010 වසරේ ඉල්ලූ ලෙස කොමිස් මුදල් මෙවරත් ඉල්ලා සිටිය හැකි බැවින් අදාළ ව්‍යෘපෘතියෙන් තාවකාලිකව ඉවත් වන බවට ජයිකා ආයතනයේ නියෝජිතයකු පැවසූ බවත්, සිරිසේනගේ මෙම ව්‍යවස්ථා විරෝධී හිතුවක්කාර වැඩපිළිවෙලට ජපානය සිය දැඩි විරෝධය පළ කර සිටි බවත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය පවසනවා.

2015 යහපාලන රජය පත් වීමත් සමඟ පෙරට වඩා විශාල ව්‍යාපෘතියක් ලෙස මෙම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නැවතත් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට ජයිකා ආයතනය කටයුතු කළා. ඒ අනුව මේ සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතියට සමගාමිව තවත් දුම්රිය පද්ධති 6ක් සමඟ සැහැල්ලු දුම්රිය මාර්ග 7ක් ස්ථාපිත කෙරෙන අතර, එයින් 2ක් සඳහා මේ වන විට ආධාර ලබා දීමට ජයිකා ආයතනය ඉදිරිපත්ව තිබුණා. ඊට අදාළ සියලු මුදල් ජයිකා ආයතනය විසින් 0.1%ක පොලියක් මත සහන ණය මුදලක් ලෙස ලබා දීමටද නියමිතව තිබුණා.

ඉතා අඩු පොළි අනුපාතයක් සමඟ ශ්‍රී ලංකාවට විශාල ආර්ථීක ලාභයක් ලැබීමට තිබූ මෙම ව්‍යාපෘතිය ජයිකා ආයතනය ඉවත් කර ගැනීම මෙරට ආර්ථිකයට විශාල පාඩුවක් බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us