ඔන්න ආර්ථික ඔස්තාර් මහින්ද, හිටු කියලා සල්ලි අච්චු ගහන්න පටන් අරගෙන.

Published in පුවත්
Sunday, 04 November 2018 13:12

පසුගිය සිකුරාදා (26) දින මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් පසු ගෙවී ගිය දින 3ක් ඇතුළත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම 36.61% කින් වැඩි වී තිබෙනවා. එය රුපියල් මිලියන 32.014ක වැඩි වීමක් පෙන්නුම් කරමින් රුපියල් මිලියන 119, 463.60ක් දක්වා ඉහළ ගොස් ඇති බව සිලෝන් ටුඩේ පුවත්පත පෙන්වා දෙනවා.

ඒ අනුව මේ සති අන්තයේ දී ශ්‍රී ලංකා රජය මුදල් නෝට්ටු මුද්‍රණය සඳහා ණය පිරිවැය 24.35% කින් වැඩිවී තිබෙනවා. එය රුපියල් මිලියන 550.26 සිට රුපියල් මිලියන 2,809.66 දක්වා වැඩි වීමක් පෙන්නුම් කරනවා. 

කෙසේ වෙතත් මීට වසරකට පෙර ආණ්ඩුවේ මුදල් නෝට්ටු මුද්‍රණ පිරිවැය වූ රුපියල් මිලියන 805.87ක් වී තිබුණා.

රටක ආර්ථික අර්බුධ කොතෙකුත් තිබිණද එය කළමනාකරණය කර ගැනිම වෙනුවෙන් මුදල් නෝට්‍ටු මුද්‍රණය කිරීමට තීන්දු කරනවා නම් එය ආණ්ඩුවේ නොහැකියාව ප්‍රදර්ශනය කිරීමක් බව ආර්ථික ගැන ප්‍රමාණික දැනුමැත්තන්ගේ අදහසයි.

මහින්ද ඩොලරයේ අගය ඉහල යෑම වලක්වා ලීමට විදේශ සංචිත ටික හිතු මනාපේ වියදම් කිරීමද මේ වන විට ආරම්බ කර තිබෙනවා. රටේ ණය අර්බුධය වහගන්න හිතු මනාපේ නෝට්‍ටු මුද්‍රණයද දැන් ආරම්බ කර තිබෙනවා. ගැලරිය පිනවීම පිණිස බදු මුදල් කපා හැරීමක්ද සිදු කළා.

මහින්ද යන දිසාව දැන් පැහැදිලියි. පසුගිය සමයේදී මෙන් මල්වෙඩි සංදර්ශන පෙන්වා ජනතාවගේ ඇස් නිලංකාර කර බිලියන් ගනනින් හොරකම් කිරීම මිසක් වෙනකක් සිදු නොවන බව සහතිකයි. මහින්ද මුදල් ඇමැතිවරයා ලෙස මේ දක්වා ගත් පියවරන් කිසිවක් රට අභිවෘර්ධියට හෙතු නොවන බව පාසල් දරුවකුටත් තේරෙන සරළ කාරණයක්.
රටේ ණය බර උද්ධමනය හෙට අනිද්දාට ඩබල් ත්‍රිබල් වී තමන්ගේ ගෙදර කුස්සියට දැනෙන විට සිරා මරා කුමන්ත්‍රණයේ රඟ සියලු දෙනා වටහා ගනු ඇති.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us