කටවුට් අගමැති, නොකවුට් ජනපති සහ බ්ලැකවුට් රට Featured

Saturday, 03 November 2018 13:19

මහින්දගේ දේශපාලනය දැන් රට අරක්ගෙන තිබේ. ලයිට් කණුවක් කණුවක් ගානේ මහින්දගේ කටවුට් ප්‍රදර්ශනය කරමින් පවසා සිටින්නෙ පෙර පැවැති මජර පාලනය නැවත පිහිට වූ බවය.

ඩොලර් මිලියන් බිලියන් ගනනින් වියදම් කර ආණ්ඩු බලය අල්ලා ගැනීමට කෑදර වීම තුල පෙන්වා දෙන්නේ යළි රටම විකුණා දමා හෝ තම තමන්ගේ බැංකු ගිණුම් තරකර ගැනීමට තිබෙන විශ්වසය ගැනය. යළි යහපාලනයක් අපට හමු නොවනු ඇත. පැවැති මජර කම්වලට වඩා වැඩි මජර කම් ඉදිරියේදි දකින්නට ලැබෙනු ඇත. ඒ ගැන අමුතුවෙන් තව කතා කළ යුතු නැත.

එහෙත් මේ අවාසනාවන්ත තත්වයට රට පත් වීම ගැන. සහ ඊට ඉඩ දීම ගැන මෛත්‍රීපාල සිරිසෙනට හා රනිල් වික්‍රමසිංහට සමාවක් දිය නොහැක. මෛත්‍රීපාල සිරිසේන කියන්නේ රටක දේශපාලනය කිරීමට සුදුස්සකු නොවන බව ඔහු ජනාධිපතිධුරයට පත් වී කෙටි කාලයකින්ම පෙන්වා දුන් තැනැත්තෙකි.

ජනවරි 08 වෙනිදා ජනාධිපතිවරණය ජය ගෙන ඊට පහුවදා ජනාධිපතිධුරය බාර ගන්නා විට ඔහු වටා සිටියේ ජනවාරි 08 පෙරළියට දායකත්වය දැක්වූවන් නොවේ. පළමු වරද්දා ගැනීම එතැනින් සිදු විය. අද මේ සිදුවන දේශපාලන විගඩම ආරම්බ වූයේ එදාය. මහින්ද ( හෝ එම පාර්ශ්වයේ කිසිවකු විසින්) ඒ සියල්ල මනාව සලසුම් කළේය. මහින්ද ජනාධිපතිධුරය පමණක් නොව ආණ්ඩුවද බාර දි පැත්තකට වූයේ අනාගත සැලසුමක් අනුවය. ඒදා අගමැතිධුරය තම සන්තකයේ තියා ගැනීමට කටයුතු කළේ නම් ඉක්මනින් මහ මැතිවරණයක් පැවැත්වීමට සිදුවීම විය යුතුව තිබිණි. මහින්ද ඒ වලක්වා තමන්ගේ බලය ‍රැක ගත්තේය. එසේ නොවුන්නා නම් වැඩි බහුතරයක් සහිත එජාප ආණ්ඩුවක් බිහි වීමට ඉඩ තිබිණි. මෛත්‍රීපාල සිරිසේන ශ්‍රිලනිපයේ නායකත්වයට දැක්වූ කෑදර කම නිසා මහින්දව ආරක්ෂා කරන ප්‍රතිපත්තියකට ද මාරු විය. රාජපක්ෂලට එරෙහිව නිතිය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදුන්නේ ශ්‍රිලනීප පාක්ෂිකයා තමන් සමග තරහ වෙනු ඇති බවට කළ උපකල්පනය නිසාය. ( එසේ නැතිනම් ඔහු වටා සිටි එජාප විරෝධි පිරිසේ ලණුවක් කෑවේය)

කොහොම නමුත් මෛත්‍රී ගේ දේශපාලන විපරීතබාවය හෝ අනුන්ගේ ලණු කැමේ ගොබ්බකම නිසා රට අද මේ විනාසයට මුල පිරීය. ඒ ගැන අමුතුවෙන් පැහැදිලි කිරීම අවශ්‍ය නැත පසුගිය හතර අවුරුද්දේ සිදුවූ සිදුවීම් පෙලගස්සා බැලීමේදි මේ ඉතා පැහැදිලිය.

අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහගේ පාලන ක්‍රමවේදය වුවමනාවට වඩා ප්‍රජාතාන්ත්‍රික වීම රටට දැනුනේ බරපතල අඩුපාඩුවක් ලෙසය. එසේම ඔහු අපේක්ෂා කළේ මෛත්‍රී, මහින්ද දෙපළද ප්‍රජාතාන්ත්‍රිකයන් වෙනු ඇති බවය. එහෙත් මෛත්‍රීගේ ගොබ්බකම වෙනස් වූයේ නැත මහින්දගේ මජරකම වෙනස් වූයේද නැත. රනිල් මේ දෙදෙනා හමුවේ ‍රැවටීමට ගොදුරු විය. එහි අහිතකර ප්‍රතිපලය දැන් බුක්ති විඳින්න සිදුවන්නේ රනිල්ට ෙනාව  මහ ජනතාවටය. රනිල්ට නැති වෙන්න දෙයක් නැත. දුක් වෙන්න දෙයක් නැත. ඔහු ඔහුගේ ප්‍රතිපත්තිගරුක දේශපාලනය කළා මිසක වෙන දේශපාලන ගේම් ගැහුවේ නැත. එජාපයට වැරදුන තැන එතැනය.

ඒ කොහොම වුනත් දැන් අවසානයේ රට යළි අඳුරු යුගයකට පියවර තබා තිබේ. අඳුරේ අඩිය තැබීම අවධානම්ය. ඒ අවධානම බාර ගැනිමට රටේ සෑම පුරවැසියෙකුටම සිදුව තිබේ. බයියන්ද ටොයියන්ද කියා වෙනසක් වන්නේ නැත.

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us