රටේ පිළිගත් නීතියට එරෙහිව යමින් තව දුරටත් කටයුතු කළහොත් ශ්‍රිලංකාවට එරෙහිව තහංචි පැනවීමට යුරෝපාසංගය. ඇමරිකාව ජපානය සහ ඕස්ට්‍රෙලියාව මේ වන විට ජනාධිපතිවරයද දන්වා ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

රජය පිළිගත් නිතිමය තත්වයන්ට එරෙහිව යමින් අගමැතිවරයකු හා කැබිනට් මණ්ඩලයක් පත් කිරීම ගැන රජයේ ජේෂ්ඨතම පරිපාලන නිළධාරීන් සිය විරෝධය පළ කර තිබේ. අද උදෑසන ජනාධිපතිවරයා හමුවී ඇති ජනාධිපති ලෙකම්, නව අගමැති ෙල්කම් හා ජේෂ්ට අමාත්‍යංශ ලෙකම්වරු ජනාධිපතිවරයා විසින් තමාට නැති විධායක බලතල පාවිච්චි කරමින් ව්‍යවස්ථා විරෝධී ලෙස සිදු කරන පත් කිරීම් අනුව කිසිසෙත්ම තමන්ට අමාත්‍යංශ මට්ටමින් කිසිදු නීතිමය පිළිගැනීමක් සිදු කළ කොහැකි බවට පවතින නීතියද පෙන්වා දෙමින් අවධාරණය කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එම තනතුරෙන් ඉවත් කිරීම සඳහා දෝශාභියෝගයක් වෙනුවෙන් අත්සන් එකතු කිරීමේ මෙහෙයුමක් මේ වන විට එජාපය ක්‍රීයාත්මක වෙමින් තිබේ. අතිශය විශ්වාසවන්ත ආරංචි මාර්ග පවසන ලෙස මෙම දෝෂාභියෝගය ෙයා්ජනව වෙනුවෙන් බැසිල් රාජපක්ෂ මහතාගේද සහය හිමිව තිෙබ්.

මහින්ද රාජපක්ෂව නීති විෙරා්ධීව ෙහා් අගමැතිධුරයට නම් කරනු ලැබූවද බහුතරය සකසා ගැනීමේ නොහැකියාව මත මේ වන විට විපක්ෂ නායක ධුරය ලබා ගැනීම සඳහා උපක්‍රමික සැලසුමක් දක්වා මාරු වීමට බැසිල් රාජපක්ෂ තීරණය කළ බව ඒ මහතාට සමීප ආරංචි මාර්ග පවසයි.

ෆේස්බුක් ඇතුලු සමාජ මාධ්‍ය සියල්ල තනම් කිරීමට ජනාධිපතිවරයා තීරණයක් ගත් බවත් ඒ අනුව අද දිනය තුලදී එම තහනම ක්‍රියාත්මක කිරීමට පියවර ගනු ඇති බවත් ජනාධිපති මාධ්‍ය අංශයෙන් තොරතුරු මාර්ග පවසයි. මේ වන විට ජනාධිපතිවරයා ගත් තකතීරු තීන්දුවට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සෙ දැඩි විෙරා්ධයක් එල්ල වෙමින් පැවැතීම මෙයට ෙහ්තුව වී තිබේ.

තනිවම ශ්‍රීලනීප ආණ්ඩුවක් පිහි‍ටු විය හැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ලොකු ලණුවක් දි ඇති බව ශ්‍රිලනිපයේ ජේෂ්ඨතම මන්ත්‍රීවරයෙක් ලංකා ඩේලි වෙත පවසා සිටී. ශ්‍රීලනිපයේ ජේෂ්ඨ සාමාජිකයන්ටත් නොදන්වා ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවෙන් ඉවත් වීෙම් තීන්දුව ගැනීම පි‍ටුපස බැසිල් රාජපක්ෂගේ කුමන්ත්‍රණයක් දියත් වී ඇති බව ශ්‍රිලනිප ජේෂ්ඨයන්ගේ අදහස වී තිබේ.

මහින්ද රාජපක්ෂගේ අගමැති හීනය හැබෑ කර ගැනීම වෙනුවෙන් විජේදාස රාජපක්ෂ මහතාට අලුත් ඇමැතිකමකට කතා කළද විජේදාස මහතා දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබේ.

ඒකාබද්ධ විපක්ෂය පවත්වන මාධ්‍ය හමු සඳහා ජාතික රූපවහිනී සහ අයි ටී එන් මාධ්‍යවේදීන්ට ආරධනා කිරීම අද සිට තහනම් කර තිබේ. මෑත භාගයේ ඒකාබද්ධ විපක්ෂය පැවැත් වූ මාධ්‍ය හමු වලදී රාජ්‍ය මාධ්‍ය නියෝජනය කරන මාධ්‍යවේදීන් අසන ලද ප්‍රශ්න වලට පිළිතුරු දී ගත නොහැකි වීම සහ බොරු කීමට සිදු වීම නිසා එම කණ්ඩායමට බරපතල ගැටළුවකට මුහුණ දිමට සිදු විය.

Dialog Axiata PLC and Ericsson, two of the leading communication service providers, and the Ministry of Telecommunication, Digital Infrastructure and Foreign Employment, signed a Memorandum of Understanding to set up Sri Lanka’s first 5G Innovation Center.

ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් සම්බන්ධයෙන් එල්ල වන දූෂණ වංචා චෝදනා ඉහළ යත්ම මාධ්‍ය නිදහස පාලනය කිරීමේ නීති පැනවීම අත්‍යාවශ්‍ය බව යෝජනා රැසක් මේ වන විට ඉදිරිපත්ව තිබේ.

Connet With Us