News Items (18842)
මහජන බැංකුවේ සමාන්‍යධිකාරිවරයා මේ වන විට රුපියල් ලක්ෂ 21ක මාසික වැටුපක් ලබන බව සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී අද (23)
රජයේ ප්‍රතිපත්තියට අනුව දුම්වැටි අලෙවි නොකරන නගර 107 ක් මේ වන විට දිවයින පුරා ඇති බවත් 2019 වසරේදී එය 200 දක්වා වර්ධනය කරගැනීමට බලාපොරොත්තු වන බවත් සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
පෞද්ගලික අංශය, පොදු - පෞද්ගලික හවුල්කාරීත්වය සමග එක්ව ආර්ථිකය ශක්තිමත් කරනවා
ශ්රී ලංකාවේ පෞද්ගලික ව්‍යාපාරික අංශය, පොදු - පෞද්ගලික හවුල්කාරීත්වය සමග එක්ව ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය සවිමත් කිරීම සඳහා සුවිශාල මෙහෙවරක් ඉටු කරන බවත්, මෙය අප රටේ ආර්ථිකය සංවර්ධනයට හේතු වන බවත්, එම නිසාම අපගේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට (SMES) මේ සඳහා හවුල් වන ලෙසට දිරිමත් කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පැවසීය.
සමස්ත ලංකා පෞද්ගලික බස්රථ සේවක සංගමය ඊයේ (15) මධ්‍යම රාත්‍රී සිට ආරම්භ කර ඇති වැඩ වර්ජනය අසාර්ථක බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරයි.
මගී බස්රථවල රූපවාහිනි යන්ත්‍ර තහනම් කිරිම සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාව ගෙන ඇති තීරණය නැගෙනහිර පලාතේ මගී බස්රථ සම්බන්ධයෙන් තදින්ම ක්‍රියාත්මක කිරිමට පළාත් මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරිය තීරණය කර තිබේ.
ගීතයකට පුළුවන් තැවෙන සිත් සනසන්න වගේම බිදුණු සිත් හදන්න. ඒ ගෞරවය හිමිවිය යුත්තේ එකී ගීය ගයන ගායකයාට හෝ ගායිකාවට. ඇයත් ගායිකාවක්. වාසනාවකට දායාද ලත් ගායනය ඇයට උපතින්ම ලැබුණු දෙයක්. රටක් ඇයට ආදරය කරනවා” ඇයගේ දක්ෂතාවය නිසාම. ගී යුගයක් ස්වර්ණමය යුගයක් කරපු ගායකයන් ගේ දුවා දරුවන් අද මේ යුගය ගායනයෙන් පෙරළියක් කරනවා ඔබ දකිනවා. මේත් එහෙම කෙනෙක්. තවම ඔබට ඇයව මතකෙට ආවේ නැත්නම් මම කියන්නම් ඇය කවුද කියලා. ඇය වෙන කවුරුවත් නෙවෙයි. අතුල සමිතා සුසංයෝගය කවින්ද්‍යා අධිකාරි. ඇය ගේ මංගල සිනමාපටය නිකුත් වුණා. බලමු ඇය මොකද කියන්නේ කියලා.
පෞද්ගලික අංශයෙන් විදුලිය ලබාගැනීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය තවත් විදුලිබලාගාර දෙකක් සමග ගිවිසුම් අත්සන් කිරීමට සූදානම් වන බව වාර්තාවේ.
'මන්ත්‍රී වැටුප් සත 5ක් වැඩි කරන්න දෙන්නේ නෑ'- ජනපති
පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන්ගේ වැටුප සත පහකින් හෝ වැඩි කරන්නට ඉඩ නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර සිටියි.
ලෝක උරුම සිංහරාජ වනාන්තරය තුල මේ වන විට විශාල වශයෙන් දැව ජාවරම හා ජාන මංකොල්ලය හා වල්ලපට්ට කැපීම, මැණික් පතල් හෑරීම ඇතුළු නිති වීරෝධි ක්‍රියාවන් සිදුවෙමින් පවතී. සමස්ථ සිංහරාජයේ විවිධ ප්‍රදේශවල මේ වන විට ඉහත පෙන්වාදුන් නිතී විරෝධි ක්‍රියාවන් සිදුවන අතර සිංරාජයේ මාණික්කවත්ත, රජවත්ත, වැද්දාගල , කුඩවව,රඹුක ,බටේමුල්ල වැනි ප්‍රදේශවල මෙම තත්වය වඩා වර්ධනය වෙමින් පවතී. එයට අමතරව සිංහරාජයේ පරිවාර වනාන්තරයක් වන වළංකන්ද, තණබොල, ප්‍රදේශයත් දැව ජාවාරම් කරුවන්ගේ ග්‍රහණයට මේ වන විට හසුවී ඇත.
තිරය ඉදිරියේ පෙළහරපානා නළු නිළියන් බොහෝ දෙනෙකු ගැන පුවත්පත් ලිපි පළවුණත් ඔවුන් හැඩකරන්නෝ පිළිබඳ ලියැවෙන්නෙ හුඟක් අඩුවෙන්. ඒ වගේම ඒ අය වැඩිය මාධ්‍යයට එන්නෙත් නැති තරම්. කෙසේ වෙතත් තිරපිටුපස සිටින උදවිය නිර්මාණයක් වෙනුවෙන් කරන කැපකිරීමත් සුළුපටු නැහැ. අප එක්කාසුකරගත්තා එවන් වූ නිර්මාණකරුවෙක්ව. ඔහු නමින් තිළිණ ලක්ෂාන් හෙට්ටිගමගේ. මේ දිනවල අතිසාර්ථකව තිරගතවන යශෝධරා චිත්‍රපටයේ වස්ත්‍රාභරණ නිර්මාණය කළේ ඔහු.
