නව තාක්ෂණයෙන් සන්නද්ධ වන රත්මලාන ගුවන්තොට Featured

Published in පුවත්
Thursday, 02 August 2018 19:55

රත්මලාන ගුවන්තොටුපොළ දීර්ඝ කාලීන සංවර්ධන වැඩපිළිවෙළක් යටතේ දියුණු කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සදහන් කර ඇත්තේ රත්මලාන ගුවන්තොටුපොළෙහි විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

2030 වසරේ අවශ්‍යතාවන් ඉලක්ක කර ගනිමින් නව සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙනු ඇති අතර රත්මලාන ගුවන්තොටුපොළ මෙරට පළමු ජාත්‍යන්තර ගුවන්තොටුපොළද වේ.

ගෙවීගිය වසර අසූවකට වැඩි කාලයක දී එය ජාත්‍යන්තර හා අභ්‍යන්තර ගුවන් සේවා සදහා යොදා ගැනුණි.

පසුගිය සමය තුළදී ගුවන් හමුදා මෙහෙයුම් සදහා ද යොදා ගැනුණේ රත්මලාන ගුවන්තොටුපොළ වන අතර යුද්ධය අවසන් වීමෙන් පසු එම ගුවන්තොටුපොළ සිවිල් ගුවන් කටයුතු සදහා යොදා ගෙන ඇති අතර නවීන තාක්ෂණය යොදා ගනිමින් එය වැඩිදියුණු කිරීම රජයේ අපේක්ෂාවවේ.

ගුවන්තොටුපොළේ සංවර්ධනය සදහා රුපියල් මිලියන 1479ක් වැය කෙරෙනු ඇත.

 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us