සංඝ කතිකාවත් අවශ්‍ය පමණට බුදුරජානන් වහන්සේ පනවා ඇතැයි ද එකී සංඝ කතිකාවත් තිබිය දී පංචශීල ප්‍රතිපත්ති වත් නොරකින පිරිසක් පනවන කතිකාවත් මහා සංඝ රත්නයට කුමකට දැයි උන් වහන්සේ විමසූහ.
ආනන්ද හිමියන් මේ අදහස් පළ කළේ නාරාහේන්පිට අභයාරාමයේ අද (2) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. එහි දී තවදුරටත් අදහස් දැක්වූ උන් වහන්සේ මෙසේ ද කීහ.
‘‘බුදු හිමියන් කතිකාවත් පිළිබඳ බුද්ධ දේශනයේ සඳහන් කළා. වැරදි කරන අවස්ථාවල දෙන දඬුවම් ද නියම කළා. වරදක් කළොත් බ්‍රහ්ම දණ්ඩනය පැනවිය හැකියි. මේ නීති රීති තියෙද්දී තවත් කතිකාවත් මොකටද? මේ හදන්නේ අනවශ්‍ය විදියේ ගැටුම් ඇති කරන්නයි. එවැනි ප්‍රශ්න ඇති නොකර ඉන්න කියා අපි ආණ්ඩුවට කියනවා.
ඒ සමඟම තවත් කරුණක් කිව යුතුයි. සරත් ෆොන්සේකා මහතා මාධ්‍ය දඩයමක් ලෑස්ති කරලා. මාධ්‍ය හසුරුවන්න මේ වගේ මිනිස්සු වැඩිකල් පවතින්නේ නැහැ. කොතලාවල මහත්තයාගේ කාලෙත් මේ වගේ මිනිස්සු හිටියා. යහපාන ආණ්ඩුව මේවා කරන්න ලෑස්ති වුනාට වැඩක් නැහැ.
මම හොරකම, වංචාව දූෂණය වගේ දේවල් වලින් තොරයි කියල ජනාධිපතිතුමා කියල තියෙනවා. ඒක හොඳයි, නමුත් වටේ අය ඒ සකල විධ වැරදි කරනවා. කොන්ද පණ නැති කැබිනට් එකක් ගැන සමහර ඇමතිවරු කියනවා. ඒ වුණාට ඒ කියන ඇමතිවරුන්ටත් කොන්දක් නැහැ.
තමන් අවංක නම් ශික්ෂාකාමි නම් ඒ මට්ටමට තමන්ගේ ගෝල බාලයොත් හදන්න ඕන. නැත්නම් මේ යහපාලන ආණ්ඩුව ගෙදර යන්න ඕන. අපට පුළුවන් තායිලන්තයේ වගේ කරන්න යැයි ද මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවැසූහ.‘‘
''පංචශීලයත් නොරකින්නන් පනවන කතිකාවත් අපට මොකටද?'' Featured
පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු භික්ෂු කතිකාවත් පනත වහා ඉවත් කර ගන්නට කටයුතු නොකළ හොත් එහි පනවන නීති රීති ලත් තැනම ලොප් කරන්නට සංඝ සමාජය කටයුතු කරන බව සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවැසූහ.
Leave a comment
Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...