පෞද්ගලික අංශය, පොදු - පෞද්ගලික හවුල්කාරීත්වය සමග එක්ව ආර්ථිකය ශක්තිමත් කරනවා Featured

Published in පුවත්
Thursday, 16 August 2018 15:22
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා ආසියානු ශාන්තකර කලාපීය ව්‍යවසායකත්ව 2018 සම්මානය ව්‍යවසායකයෙකුට පිරිනැමූ ආකාරයයි. කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා ආසියානු ශාන්තකර කලාපීය ව්‍යවසායකත්ව 2018 සම්මානය ව්‍යවසායකයෙකුට පිරිනැමූ ආකාරයයි.

ශ්‍රී ලංකාවේ පෞද්ගලික ව්‍යාපාරික අංශය, පොදු - පෞද්ගලික හවුල්කාරීත්වය සමග එක්ව ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය සවිමත් කිරීම සඳහා සුවිශාල මෙහෙවරක් ඉටු කරන බවත්, මෙය අප රටේ ආර්ථිකය සංවර්ධනයට හේතු වන බවත්, එම නිසාම අපගේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට (SMES) මේ සඳහා හවුල් වන ලෙසට දිරිමත් කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා කොළධ පැවති ආසියානූ ශාන්තිකර කලාපීය ව්‍යවසායකත්ව 2018 සම්මාන උළෙලේදී ය.

මෙම සම්මාන උළේලේදී ප‍්‍රමුඛ පෙළේ ව්‍යවසායකයින් රැසකට ව්‍යවසායකත්ව සම්මාන පිරිනැමුණි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් කතා කළ අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා මෙසේද පැවසීය.

''මගේ අමාත්‍යාංශය යටතේ පවතින ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජිත ආයතනය හෙවත් NEDA ආයතනය මේ වන විට කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් (SME)ඉතිහාසයේ පළමු වරට කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකත්ව ප‍්‍රතිපත්තියක් හඳුන්වා දී තිබෙනවා. අපගේ නෙඩා ආයතනය අප රටේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන්ම පෙනී සිටින රාජ්‍ය ආයතනයයි. එම නිසා ඔවුන් තම වගකීම ඉහළම මට්ටමින් ඉටු කරනවා. මෙම ප‍්‍රතිපත්තිය පුළුල් පරිසරයක් පුරා විහිදී පවතිනවා. එමගින් ඉහළ විභ්‍යතාවයකින් දියුණු කළ හැකි කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් සමූහයක් අවට පරිසරය, සුදුසුම නවීන තාක්ෂණය, ව්‍යවසායකත්ව සංස්කෘතිය සහ නිපුණතා සංවර්ධනය, මූල්‍යමය ප‍්‍රවේශය, වෙළෙඳපොළ පහසුකම් සැලසීම, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකත්ව සම්පත් කාර්යක්ෂමතා ගවේෂණය හා සංවර්ධනය ප‍්‍රතිපත්ති රාමුවක් ඔස්සේ සිදු කරනවා. මෙම ප‍්‍රතිපත්තිය ගරු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආර්ථික දැක්මට අනුව සකස් කරන ලද එකක්. ඔහුගේ දැක්ම වන්නේ දේශීය ව්‍යවසායකයින් අන්තර්ජාතික වෙළෙඳපොළ කරා රැගෙන යාමට මාර්ගයක් ඇති කිරීමයි. ඒ සඳහා රජය ඔවුන්ගේ නිෂ්පාදන මට්ටම හා තරගකාරීත්වය වැඩි දියුණු කිරීමට පියවර ගෙන තියෙනවා. අප පසුගිය වසරේදී ප‍්‍රථම කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකත්ව ඉන්කියුබේටරය කුරුණෑගලදී විවෘත කරනු ලැබුවා. මේ නිසා මම අපගේ ව්‍යවසායකයින්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම සේවාවන්ගෙන් උපරිම ප‍්‍රයෝජනය ලබා ගන්නා ලෙසයි. එමගින් ඔබලාගේ ව්‍යාපාරයන් දියුණු කරගන්නා ලෙසත් මම ඉල්ලා සිටිනවා. ඒ වගේම මම අද සම්මානයට පාත‍්‍ර වුණු අපගේ ව්‍යවසායකයින් සියලූ දෙනාට මම සුභ පතනවා., යැයි පැවසීය.

මෙම අවස්ථාවට ආසියා ව්‍යවසායකත්වය හෙවත් Enterprise Asia සභාපති ඩාටෝ විලියම් නග් (Dato Willium Ng) ශ‍්‍රී ලංකාවේ ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි මහත්වරුද සහභාගී විය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us