අම්මට විශ්වාස කරගන්න බැරි වුණා ඒ මමමද කියලා Featured

Published in කලා
Monday, 13 August 2018 11:34

ගීතයකට පුළුවන් තැවෙන සිත් සනසන්න වගේම බිදුණු සිත් හදන්න. ඒ ගෞරවය හිමිවිය යුත්තේ එකී ගීය ගයන ගායකයාට හෝ ගායිකාවට. ඇයත් ගායිකාවක්. වාසනාවකට දායාද ලත් ගායනය ඇයට උපතින්ම ලැබුණු දෙයක්. රටක් ඇයට ආදරය කරනවා” ඇයගේ දක්ෂතාවය නිසාම. ගී යුගයක් ස්වර්ණමය යුගයක් කරපු ගායකයන් ගේ දුවා දරුවන් අද මේ යුගය ගායනයෙන් පෙරළියක් කරනවා ඔබ දකිනවා. මේත් එහෙම කෙනෙක්. තවම ඔබට ඇයව මතකෙට ආවේ නැත්නම් මම කියන්නම් ඇය කවුද කියලා. ඇය වෙන කවුරුවත් නෙවෙයි. අතුල සමිතා සුසංයෝගය කවින්ද්‍යා අධිකාරි. ඇය ගේ මංගල සිනමාපටය නිකුත් වුණා. බලමු ඇය මොකද කියන්නේ කියලා.

මොකද කවී කරන්නේ ?

මේ දවස්වල ස්වර්ණවාහිනී නාළිකාවේ නිවේදන කටයුතු කරගෙන යනවා. ඒ වගේම මගේ සංගීත උපාධියේ වැඩ කටයුතු කරගෙන යනවා. තව මගේ අම්මගේ එරන්දතී කලායතනයේ වැඩ කටයුතුත් මම තමයි දැන් බලන්නේ. ඒ වැඩ කටයුතුත් කරන අතරේ මගෙ අලූත් ගීතයේ වැඩත් පොඩ්ඩක් බලනවා. ඒවා තමයි වැඩ.

කවී මේ දවස්වල සතුටින් නේද ඉන්නේ ?

ඔව්. ගොඩාක් සතුටෙන් ඉන්නේ. මගේ අම්මා” මල්ලීත් ඒ වගේම සතුටෙන් ඉන්නේ.

ඒකට හේතුව ඝරසරප නේද ?

ඔව්. ඒක තමයි ප‍්‍රධානම හේතුව. මගේ කුළුඳුල් සිනමාපටය නිසා ගොඩක් සතුටුවෙනවා.

කොහොමද ඔබට ඝරසරප සිනමාපයට අවස්ථාව ලැබෙන්නේ ?

මට සිනමාවට යන්න අවස්ථාව උදාවෙන්නේ ජයන්ත චන්ද්‍රසිරි අන්කල් හරහා. ඔහු අපේ අම්මාට කෝල් කරලා අහනවා මාව ඔහුගේ ඊළඟ සිනමාපටයේ ප‍්‍රධාන නිළියට ගන්නද කියලා. එවැනි විශිෂ්ට අධ්‍යක්ෂකවරයෙක් එහෙම කතාකරල ඇහුවම ඒක අපේ අම්මිටත් හිතාගන්න බැරි වුණා. මොකද මම කොහෙවත් රංගනයෙන් දායකවෙලා නැති කෙනෙක්. ඒක මටත් ලොකු අභියෝගයක් වුණා. අම්මිට තමයි ඉස්සෙල්ලාම කෝල් එක එන්නේ.

රංගනය ගැන අකුරක්වත් නොදත් ඔබට ප‍්‍රධාන චරිතය භාරගන්න බය හිතුණේ නැද්ද ?

කලින් බයක් ඇති වුණා. මම ඉස්කෝලෙවත් රංගනය කරපු කෙනෙක් නෙවෙයි. මං අහල තියෙන දෙයක් තමයි එතුමන්ගේ සිනමාපටයක් වැඩ කළා කියන්නේ විශ්ව විද්‍යාලයකට ගියා වගේ කියන එක. ඒ අත්දැකීම මට ලබන්න පුළුවන් වුණා. ජයන්ත අන්කල්ගේ වැඩමුළු වලට සම්බන්ධ වුණාම ඒ බය නිකම්ම නැතිවෙලා ගියා.

පළමු රූගත කිරීම් දර්ශනය ඔබේ ජීවිත කාලය පුරාම මතකයේ තියේවි ?

ඇත්තෙන්ම ඔව්. ජයන්ත අන්කල්ට තිතට වැඩේ ඕනෑ. අපි කරන හැම දෙයක්ම පිටපතේ තියන විදියටම ඔහු බලාපොරොත්තුවෙනවා. ලොකු පුහුණුවක් දුන්නා. ඒ හින්දා ලොකුවට බයක් තිබුණේ නැහැ. හැබැයි ඒක මට ලොකු අභියෝගයක් වුණා. ඒ මගේ පළමු දර්ශනය නිසා.

ඝරසරප විද්‍යාගේ චරිතය ගැන යමක් කිව්වොත් ?

මේ සිනමාපටය තුළ නිර්මාණය වෙන්නෙ සම්පූර්ණ සත්‍ය කතාවක්. විද්‍යා දමිළ ගැහැණු ළමයෙක්. පස්සෙ ඇයට කළුකුමාර දිෂටිය ආරූඪ වෙනවා. වැඩි විස්තර මං කියනවට වඩා මං කැමතියි මට ආදරය කරන පේ‍්‍රක්ෂකයන් ඒක බලනවනම්. ලසස්සන කතාවක්. ආරාධනා කරනවා හැමෝටම එන්න කියලා සිනමාපටය බලන්න.

සත්‍ය අද්භූත කතාවක්. දක්ෂ අධ්‍යක්ෂකවරයෙක්. ඔබේ මංගල සිනමාපටය. කොහොමද මේ සුසංයෝගය දැනෙන්නේ ?

ඇත්තෙන්ම මම ගොඩක් වාසනාවන්තයි. මේ වගේ සුසංයෝගයක් කෙනෙක්ට ලැබෙන්නේ වාසනාවකට සහ කලාතුරකින්. චරිතයට අදාළ ඒ ආරූඪය ගන්නෙ කොහොමද කියන එක තමයි මට පොඩ්ඩක් හිතාගන්න බැරි වුණේ. ඒත් ඒක මට ලොකු අභියෝගයක් වුණත් ඒක මග ඇරුණේ වැඩමුළු හරහා.

ප‍්‍රවීණයන්ගෙන් ඔබට ලැබුණු සහයෝගය මොනවගේද ?

මට තවත් ලොකු අභියෝගයක් වුණේ ප‍්‍රවීණයන් එක්ක වැඩකරන එක. කුසුම් රේණු ඇන්ටි” වසන්ත අන්කල්” ජැක්සන් ඇන්තනී අන්කල්” සංගීතා ඇන්ටි” කමල් අන්කල්” ශ‍්‍රියන්ත අන්කල් වගේ ප‍්‍රවීණයන් මට ගොඩක් උදව් කළා. මම ආධුනිකයෙක් විදියට කොයිම වෙලාවකදීවත් බැලූවේ නැහැ. හැම තිස්සේම අපේ අඩුපාඩු හැදුවා. එයාලට ගොඩක් ගරු කරනවා.

චරිතයට සාධාරණයක් කරන්න පුළුවන් වුණා කියලා හිතනවාද ?

මට ඒ හැගීම මුලදී තිබුණේ නැහැ. නමුත් මීඩියා ප්‍රෙස් එක දවසට පස්සේ දවසේ ඉදන් මට දැණුනා මම චරිතයට සාධාරණයක් කළා කියලා. මොකද මේ ක්ෂේත‍්‍රයේ ඉන්න විශිෂ්ට පුද්ගලයින් මට කතාකරලා කිව්ව මම ඒ චරිතය සාර්ථකව කරල තියෙනවා කියලා. මං හිතනව මං ඒ දේ ජයගත්ත කියලා.

ඉදිරියටත් රංගනය කරන්න අදහසක් තියනවද ?

රංගනය කරන්න ලොකු අදහසක් තිබුණේ නැහැ. ඉදිරියටත් රංගනය කරනව කියලා ලොකු අදහසක් නෑ. ටෙලි නාට්‍ය වලට ගොඩාක් කතාකරනවා. ඒත් ඒවගෙ ඉගෙනගන්න” අළුත් අත්දැකීමක් ලබන්න දෙයක් නැති නිසා භාරගත්තේ නැහැ. මොකද හැමදාම කෙරෙන්නේ එකම තේමාවන් නිසා. ජයන්ත අන්කල් නිසාමයි මේකට සහභාගී වුණේ. නැත්නම් කවදාකවත් අදහසක් තිබුණෙ රංගනයට එන්න.

අම්මගෙන් මොනවගේ අදහසක්ද ලැබුණේ ?

මගෙ ජීවිතේ ලොකුම පුරුක් දෙක අම්මා සහ මල්ලී. අම්මා මුලින්ම ෆිල්ම් එක බැලූවේ නැති තරම්. මොකද එයාට විශ්වාස කරගන්න බැරි වුණා ඒ මමමද ඒ චරිතය කරන්නේ කියලා. එය කිව්වා එයා ගොඩාක් ආදරෙන් රසවින්දා කියලා. එයාට තාමත් හිතාගන්න බෑ ජයන්ත අන්කල් කතා කරපු එක. මං හිතනවා මං ගැන ඒ දෙන්නා තරම් සතුටුවෙන දෙන්නෙක් නැතුව ඇති කියලා.

මම ලොකු ලොකු බලාපොරොත්තු තියාගෙන ජීවත්වෙන කෙනෙක් නෙවෙයි. මොකද ඒ තියාගන්න බලාපොරොත්තු ඉටු වුණේ නැත්නම් ලොකු දුකක් හිතෙනවා. මං හැම තිස්සෙම හෙට දවස ගැන හිතලා වැඩකරන කෙනෙක්. එනදේට මුහුණ දෙන කෙනෙක්.

ප‍්‍රසංග මාභරණ

(දිවයින)

Last modified on Monday, 13 August 2018 11:46

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us