සබරගමු පලාත හා දකුණු පලාත තුල විහිදී ඇති සිංහරාජ වනාන්තරය 1988 වර්ෂයේ යුනිස්කෝ සංවිධානය මගින් ලෝක උරුමයක් බවට පත් කරන්නේ මෙහි ඇති ජෛව විද්‍යාත්මක වටිනාකම මෙන්ම ලෝකයේම දුර්ලබ වන ගහනයන්ගෙන් එකක් වීම නිසාය.
හෙක්ටයාර් 8864 ලෝක උරුමයක් ලෙසත් එයින් පිටත ඇති තවත් සිංහරාජයට අයිතිව තිබූ වනාන්තර ගණනාවක් පුරා විසිර ඇති සිංහරාජය මෙරට ඇති ප්‍රාථමික වනාන්තරයක් වන අතර එය මිනිසා සහ ජෛව ගෝල රක්ෂිතයක් ලෙස හදුන්වනු ලබයි. සියයට පහකට වැඩි ආවේණික ක්ෂිරපායීන් හා සමනලුන්ට වාසස්ථානයක් වන මෙහි සියයට 70 පමණ ආවේණික ශාක විවිධත්වයක් දැක ගත හැකිය.
සිංහරාජයේ මුළු බිම් ප්‍රමාණය හෙක්ටයාර් 11.187 ක් පමණ වන අතර පරිවාර වනාන්තර ගණනාවකින්ද මෙම වන භූමිය සමන්විත වේ. උතුරින් නාපොළ දොළ හා කොස් ගුලන ගගෙනුත්, දකුණින් මහදොල සහ ගිංගගෙනුත්, බටහිරින් කළුංදාව ඇළ සහ පිට කැලේ ගගිනුත් නැගෙනහිරින් බිරෂ්වුඩ් ප්‍රදේශයෙනුත් සමස්ථ සිංහරාජයේ ආරක්ෂිත ප්‍රදේශය ආවරණය වී ඇති අතර රත්නපුර ,ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක පුරා මෙය විහිදී ඇත.
ඓතිහාසික වශයෙන් වසර කොටි 15 පමණ පෙර සිංහරාජය ගොඩිවානා බිම හා එක්ව පැවති යුගයේ සිංහරාජය සම්භවය වී ඇති බව සැලකෙන අතර පරිණාමයේ මුල් අවදියේ සිට නොයිදුල් වනාන්තරයක් ලෙස මෙය පැවත එමින් ඇත.
මුවර්මහාන් සහ පානබොක්කේ විසින් 1961 වර්ෂයේ සදහන් කර ඇති පරිදි සිංහරාජයේ පස් සම්බන්ධව ලියන ලද පරියේෂණ පත්‍රිකාවල සදහන් කරන්නේ රතු සහ පොඩිසොලික් පස සිංහරාජයේ වැඩි කොටසක දක්නට ඇති බවයි.
නමුත් වනාන්තර කපා ඉවත් කිරීම නිසාත් එහි උෂ්ණත්වය වැඩි වීමට පටන්ගෙන ඇති නිසාත් එහි යම් යම් ස්ථාන වල ඇති ඇලුවියල් පස කබොක් සහ ලැටරයිටි පස් බවට පරිවර්ථනය වෙමින් පවතින බව පර්යේෂණ මගින් තහවුරු කරගන ඇත.
නිරිත දිග මෝසමින් හා ඊසාන දිග මෝසමින් ඉහළ වර්ෂාපතනයත් ලැබු සිංහරාජ වනාන්තරය වර්ෂාපතන මට්ටම ක්‍රමානුකූලව වෙනස්වෙමින් හා අඩුවෙමින් යන්නේ සිංහරාජයේ සිදුවන දැවැන්ත වන සංහාරය නිසාය. මෙම වනාන්තරය තුලින් ගිංගගේ හා කළු ගගේ ප්‍රදාන ජලපෝෂක ආරම්භ වන අතර විශාල දියකදුරු ගණනාවකින්ද සමන්විත වෙයි .
කොස් ගුලන ගග, කුඩව ගග, පිටකැලේ ගග, කළුකන්දාව ඇල, නාපොල දොළ, මහ ගග, ආරනුව දොළ, ගිංගග, ආරනු දොල වැනි ජල පොෂිතයන්ගෙන් සමන්විත වන අතර සිංහරාජ වැසි වනාන්තරය දකුණ හා සබරගමු පළාත් වල වැසි ලැබීමට අවශ්‍යය ජිවී ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට මෙම වනාන්තරය මගින් සිදුවන උත්ස්වේදන ක්‍රියාවලිය හේතුවේ.
ඉතා ඉහල ශාක විවිධත්වයකට හිමිකමි කියන මෙම තෙත් සදාහරිත වනාන්තරය තුල හොර (Dipterocarpus Zeylanicus)" කැකිල්ල (Dicranopteris Linearis")" කිරි හැඹිලිය (Palaquium grande) කටබොද (Cullenia Ceylaica)" මල බොඩ ( Myristica Dactyloides ) ශාක ඇතුළුව විශාල ශාක විවිධත්වයක් දැක ගැනීමට හැකිවන අතර එයින් හමුවන මුළු ශාක විශේෂ සංඛ්‍යාව 215 වැඩිය. වල්ලපට්ටා ජාවාරම් කරුවන්ගේ ග්‍රහණයට හා දැව ජාවාරම්කරුවන් නිසා සංහරායේ වනාන්තර විශාල වශයෙන් විනාශ වෙමින් ඇත.
සිංහරාජය තුළ ඉහළ ශාක විවිධත්වයක් සේම ඉහළ සත්ව විවිධත්වයක්ද දැක ගැනීමට හැකියාව ඇත. මෙම වනාන්තරය පුරා පෘෂ්ට වංශික සත්ව විශේෂ 260 පමණ වාර්ථා වී ඇති අතර එයින් 74 පමණ ලංකාවට ආවේණික සත්ත්ව කාණ්ඩ ලෙස සැලකේ, අලියා(Eliphas maximus maximu)" දිවියා (Panthera pardus kotiya)දම් මුහුණැති කොළ වදුරා (Trachypithecus Vetulas) ලංකා මල් කුරුල්ලා පුල්ලි වල් අවිච්චියා Zosterops cylonensis)පුල්ලි දත් කැටියා (Oligodon Sublinensis)ඇතුළු සත්ත්ව විශේෂ ගණනාවක් මෙම මිනිසා හා ජෛවගෝල රක්ෂිතය තුල වාර්ථාවේ.
වැසි වනාන්තරයක් වන සිංහරාජය වනාන්තරය හා එහි එහි සත්ත්ව විශේෂ ආරක්ෂා කරගැනීමේ අරමුණින් 1992 වර්ෂයේ එක්සත් ජාතීන්ගේ පාරිසරික සහ සංවර්ධන සම්මුතියට අත්සන් තබා ඇති අතර , පරිසරය හා පක්ෂින් පිළිබද බොන් සමිමුතිය 1990, දේශගුණිත විපර්යාස සම්මුතිය 1992, මිනිසා සහ ජෛව ගොල වැඩසටහන 1940, සතුන් හා ශාක විශේෂ වල ජාත්‍යන්තර වෙළදාම පිළිබද සම්මුතිය 1979 වැනි සම්මුති ගණනාවකට ලංකාව අත්සන් තබා ඇති අතර මෙහි සදහන් සියල්ල සිංහරාජයට ද අදාළ ජාත්‍යන්තර සම්මුතීන් වේ. මෙම සම්මුතීන් වලට අනුවද සිංහරාජය විනාශවන අයුරින් කිසිදු ක්‍රියාවක් කිරීම සපුරා තහනම් වුවද අද දවස වන විට සමස්ථ සිංහරාජයම දැව ජාවරම්කරුවන්ගේ පාරාදීසයක් වි ඇත.
1970 ට පෙර කොස්ගම පිහිටි තුනී ලැලී සමාගමට ප්‍රධාන ලෙස දැව සපයනු ලැබුවේ සිංහරාජ වනාන්තරයෙන්ය, පසුව මෙය ලෝක උරුමයක් වූ අතර එහි දැව කැපීම, ශාක වලට හානි කිරීම, සතුන් දඩයම් කිරීම හෝ සිංහරාජයට හානි වන කිසිදු ක්‍රියාවක් කිරීම තහනම් වූ අතර එවන් ක්‍රියාවන් සිදුවේ වම් එය මෙරට වන සත්ව හා වෘක්ෂලතා ආඥාපනත අනුව නිති විරෝධි ක්‍රියාවකි. එවන් නිති විරෝධි ක්‍රියාවන්හි නිරත පුද්ගලයන් අත්තඩංගුවට ගැනීම සදහා වන ජීවී නිළධාරින්ට හැකියාවක් ඇති අතර සිංහරාජයේ සිදුවන දැව ජාවරම් ඇතළු අනෙකුත් ජාවරම් වලට වන ජීවී නිළධාරීන් මෙන්ම ඇතම් පොළිස් නිළධාරීන්ද සම්බන්ධය.
කලවාන ,කජුවත්ත, රජවත්ත ප්‍රදේශයේ සිදුවන දැව ජාවාරම් සදහා රක්වාන පොලිසිය හා පොතුපිටිය පොලීසිය සෘජුව සම්බන්ධතා දක්වයි. රක්වාන ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රිවරුන් කිහිප දෙනෙක් හා ගම්වාසීන් කිහිපදෙනෙක්ද මෙම දැව ජාවරම් වලට සම්බන්ධ වි ඇති අතර පසුගිය 2018.07.18 වන දින රජවත්ත ප්‍රදේශයෙන් අල්ලන ලද දැව තොගය කිසිදු පරික්ෂණයකින් තොරව පොලීසිය විසින් නිදහස් කර ඇති අතර මෙම දැව ජාවාරම් සදහා වනජීවී නිලධාරීන් කිහිපදෙනක් සම්බන්ධ වී ඇත.
කෙසේ වෙතත් මෙලෙස සිදුවන දැව ජාවරමි හා නිති විරෝධි ක්‍රියා නිසා මෙහි ජෛව ප්‍රජාවට හා පරිසර පද්ධතියට විශාල හානියක් සිදුවන අතර එය සමස්ථ ලංකාවට මෙන්ම ලෝකයටම මෙම පරිසර පද්ධතියේ විනශය හානිකාරී ලෙස බලපානු ලබයි .
ලෝක උරුම සිංහරාජ වැනසීමෙන් ගලවා ගැනීමේ උවමනාවක් පරිසර අමාත්‍යවරයාට නොමැති අතර 2004.07.22 අමාත්‍යමණ්ඩල පත්‍රිකා 04x0858x001x005 -03 රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් සිංහරාජයේ මායිම්ව ඇති ඉඩම වසර 14 ගියද මේ වනතෙක් පවරා ගැනීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත. එමෙන්ම දිනෙන් දින විනාශ වන ලෝක උරුම සිංහරාජයේ ජාන මංකොල්ල කරුවන්ට හා දැව ජාවරම්කරුවන්ට පාරාදීසයක් වන්නට ඉඩහැර බලා සිටීමෙන් සිදු වන්නේ ලෝකයටම වටිනා පරිසර පද්ධතියක් අහිමි වී යාමයි .
-රවීන්ද්‍ර කාරියවසම්-