හැදෙනවා නම් මෛත්‍රීට තව එකම අවස්ථාවක් තිබේ. නැත්නම් කුණු බක්කිය තමා Featured

Friday, 06 April 2018 00:55

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිධුරයට පත්වීම ඔහුට වෙනම ආතල් එකක් වූ බව පසුගිය වසර තුනකට ආසන්න කාලය තුලදී කළ කී දෑ වලින් ඔප්පුසිද්ධ කරනු ලැබ තිබෙන බව අමුතුවෙන් පෙන්වා දිය යුතු නැත. ඒ ගැන අප ඕනෑ තරම් ලියාකියා පෙන්වා දී ඇත.

ඒවා එසේම ඉතිහාසයට එක්වී තිබේවා... නමුත් ඉතිහාසයෙන් පාඩම් ඉගෙන නොගත් එකා කෙළවා ගැනීමෙන් පසුව හෝ පාඩම් ඉගෙන ගත යුතුය. දැන් මෛත්‍රී හමුවේ තිබෙන එකම අවස්ථාව තමන් විසින් කෙලවා ගැනීමෙන් පසුව ඉගෙන ගත හැකි පාඩම ඉගෙනීමය.

තමන්ව මේ රටේ 62 ලක්ෂයක ජනතාව බලයට පත් කළේ කවර නම් වුවමනාවක් වෙනුවෙන්ද යන්න ගැන දැන් පොඩ්ඩක නිවි හැනහිල්ලේ කල්පනා කළ යුතුය. මීට පෙර ලිපියකද අප සඳහන් කලේ මෛත්‍රීපාල සිරිසේන ජනතාවගෙන් ජනාධිපතිවරම ඉල්ලීමේදී තමන්ගේ ප්‍රතිපත්ති වැඩපිළිවෙල ලෙස ඉදිරිපත් කරන ලද ලියැවිල්ල ගැන ඔහු හංකවිසයක දෙයක් නොදැන සිටි බවය.

එය සකස් කළේ වෙන කවුරුවත්ය. එය මෛත්‍රී පාලනයේ ප්‍රතිපත්ති ලෙස සමාජ ගත කළේ වෙන කවුරුවත්ය. ඊට ඡන්ද ලබා දී රට යහපත් ලෙස වෙනස් කරමුය කියමින් රට වැසියා හමුවට ගියේ වෙනත් පිරිසකි..... මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මෛත්‍රීපාලගේ වුවමනාව හෝ අරමුණ නොවීම නිසා මෛත්‍රී කළේ වෙන වැඩය. ඔහු ජනධිපතිධුරයෙන් වෙනම ආතල් එකක ගත්තේය..

ඔබාමා කරට අත දාගෙන සිටීම. ඩෙවිඩ් කැමරන් පුක මිරිකීම. ව්ලැඩ්මීර් පුටින් කන කැසීම ආදී ලෙස ලෝක නායකයන් දුන් උන්ඩුකපුච්චය හිරි වට්ටන ආතල් ඔහු හොඳින් වින්දේය. තමන් හා ඔවුන් එක මේසයේ වාඩි වී සිටීමට ලැබීම ගැන ඔහු ජීවිත කාලෙටම නොවිඳි ආතල් එකක් ගත්තේය. මේ ආතල් කොතරම් දකියනවා නම් තම පියාගේ සතුට වෙනුවෙන් චතුරිකා දියණිය වරක් වෙබ් අඩවි කරුවන් රැසක් රැස්කර කියා සිටියේ පියාට ලෝක නායකයන් සලකන සැලකිල්ල ගැන වෙබ් වල පුලුවන් තරම් පුවත් ඡායාරූප ආදිය පල කරන ලෙසය..ඒවාට කප්පම් ලෙස රාජ්‍ය ආයතන වෙලඳ දැන්වීම් ලබා දෙන බවය. මෙම ලියුම්කරුද සහභාගී වූ එවැනි එක් හමුවකදී චතුරිකා දියණියට පවසා සිටියේ පිටරට කෙළි ගැන ඕනෑ තරම් දේ ලියා දිය හැකි බවය. එහෙත් තාත්තා ජනාධිපතිවරයා ලෙස මේ රටට පොරොන්දු වූ වැඩ පිලිවෙලක් තියෙනවා. ඔහු බාරගත් කාර්යෙභාරයක් තියෙනවා. ඉස්සෙල්ල එක හරියට කරන්න පටන් ගන්න කියන්න..අපි දෙන්නම් සපෝර්ට් එක දොඹෙන් යන්න... එහෙත් ඒ කතා බහෙන් පසුව ඒ රැස්වීමද අහවර වූ අතර. ඉන් පසුව කිසිදා ලියුම් කරුට ජනාධිපති මැදුරට ආරාධනා ලැබුනේද නැත. වෙලඳ දැන්වීම් වලින් සන්තර්පනය වෙමින් සිටින වෙබ් කරුවන් පිරිසක් තාම ජනපති වැණුමේ යෙදී සිටී. ඒ වනපු වැනිල්ලේ තරමට දැන් ජනාධිපතිවරයා සිටින්නේ රෙදි ගලවාගෙන බව ජනාධිපතිවරයාවත් දැන්නේ නැත.

ඒ කොහොම වුණත් රාජපක්ෂලාගේ කිලී මහරාජාගේ හා තමන් වටා සිටින ගොබ්බ උපදේශක රැළගේ ලණු කා අගමැතිවරයාව පැන්නිය හැකි යැයි සිතා ගෙන ආ විශ්වාසභංග ලනුව දැන් දිරවාගත් නොහැකිව සිටින මෛත්‍රීපාල සිරිසේනට අවශ්‍ය නම් වස්තියක් සිදු කර යළිත් පිරිසිදු වීමේ අවස්ථාව උදා වී ඇත.

ජනාධිපතිවරයාට විශ්වාසභංගයෙන් උගත හැකි පාඩම් කිහිපයක් තිබේ. පළමු කාරණය අගමැති රනිල් වික්‍රමසිංහ කියන්නේ තමන්ට අහලකටවත් කිට්ටු වෙන්න බැරි තරම් බලවත් දේශ්පාලන ශුරයකු බව තේරුම් ගැනීමය. එසේ කියන්නේ විශ්වාසභංගය නැමැති ජෝගි නැ‍ටුම කුඩුපට්ටම් කිරීම නිසා නොවේ.

රාජපක්ෂවරු පරාජය කර මෛත්‍රීපාල සිරිසේනව ජනාධිපති පු‍ටුවේ වාඩි කිරීමේ මෙහෙයුමේ පටන් ඔහු සිදු කළ සූක්ෂම දේශපාලනික ක්‍රියාවලිය නිසාය. පාර්ලිමේන්තු මන්ත්‍රී 42 දෙනෙකුගේ සුලුතරයක් තිබියදී ජනාධිපතිවරය ලවා ඔහුව අගමැතිධුරයට පත් කර ගැනීම සහ එය දැවැන්ත අභියෝගයක් බව දැන දැනම බාර ගැනීමට බයක් ඔහුට තිබුණෙන් නැත. ඔහු ‘ බය නැති අගමැති‘ වුණේ එදාය. තමන්ට එරෙහි පාර්ලිමේන්තු බහුතරය තමන්ට අවශ්‍ය ලෙස කලමනාකරණය කර ගැනීමේ දේශපාලන සටකපට බව ඔහුට තිබිණි.

ඊටත් වඩා වදගත්ම කාරණය වන්නේ විධායක ජනාධිපතිධුරය ඒකාධිපති තනතුරක් කිරීම වෙනුවෙන් රාජපක්ෂලා ගෙන ආ 18 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කොට 19 වන ව්‍යවස්ථා සංශෝධනය තුනෙන් දෙකෙ බහුතරයෙන් සම්මත කර ගැනීමට ඔහු සමත් වීමයි.. එය නිකම්ම නිකම් සංශෝධනයක් නොව එහි අඩංගුව කෙතරම් ශුර ලෙස දුර දක්නා නුවනින් යුතුව සකස්කර තිබේද යන්න විශ්වාසභංගයෙන්ම තහවුරුවක් ලැබී තිබිණි. අගමැතිවරයාව ජනාධිපතිවරයාට හෝ පාර්ලිමේන්තුවට හෝ හිතුමනාපේ වෙනස් කිරීමට නොහැකිවන ලෙස එය සකසා තිබිණි.. එසේ එය නොවුණානම් ගුණමකු කම ඉවවහා ගිය වුන් අගමැතිවරයාව ගෙදර යවා දැන් බොහො කේය. එසේම මේ වන විට මහින්ද රාජපක්ෂ අගමැති වී බොහෝ කල්ය.

අගමැති රනිල් වික්‍රමසිංහ, ජනාධිපතිවරයා ශ්‍රීලනිපයේ නායකත්වයට කැදවීමේ ආනිසංස කලින් දැන ගෙන සිටියාක් මෙන් ඔහු දූරදර්ශීව කටයුතු කර තිබේ. එසේම තමන්ට එල්ල විය හැකි දේශපාලන අභියෝග කලමනාකරණය කර ගැනීම ඉතා අපූරුවට සිදු කර තිබේ. ශ්‍රිලනීපය දැන් කැබළි කර අවසන්ය. මෛත්‍රී පිල මහින්ද පිල ලෙස ඒ දෙකඩ කළේය. දැන් මෛත්‍රී පිලද දෙකඩය. මහින්දගේ පොහො‍ට්ටු පිලද දෙකඩය. හෙට අනිද්දා වන විට පොහොට්‍ටු කල්ලිය තවත් දෙදරීම් ගනනාවකට මුහුණ දිමට නියමිතය. මෛත්‍රීගෙන් වෙන්වූ කොටස ඒ පොහොට්‍ටුවට රිංගා ගැනීමේ ක්‍රියාවලිය ආරම්බ වීමෙන් පසුව එය තිව්රව සිදුවෙනු ඇත.

ඒ දේශපාලන මෙහෙයුම් කොහොම උනත් දැන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිටින්නේ දේශපාලන නායකයකුට සිදුවිය හැකි නරකම අත් දැකීම් බුක්ති විඳිමිනි. එනම් දේශපාලනික හුදකලා වීමේ බිහිසුණු මොහොතකය. ඔහු වෙනුවෙන් විස්වාසභංගයට අත් එසවූ ශ්‍රිලනීප මැති ඇමැතීන්ට යළි ආණ්ඩුව තුලට ගාල් වීමේ සදාචාරාත්මක අයිතියක් නැත. එසේම සම්මුතික ආණ්ඩුව තව දුරටත් පවත්වා ගෙන යෑමට ජනාධිපතිවරයාට සිදුවනු ඇති අතර එහිදී අනිවාර්යෙන්ම ඒ ඇමැතිවරු ආණ්ඩුවේ තබා ගැනීමට ජනාධිපතිවරයාට සිදු කළ නොහැක. මන්ද ඊට එජාපයේ මෙනම සමස්ත රට වැසියාගෙම විරෝධයට හේතු වන්නක් වන බැවිනි. ඒ නිසා එම කණ්ඩායමට ජනධිපතිවරයා සමඟ සිටීමෙන් පළ නැතිවා සේම ජනාධිපතිවරයාටද ඔවුන්ගෙන් වැඩක් නැති වෙනු ඇත. එසේම විශ්වාසභංගයදා ඡන්ද නොදීමෙන් වැලැකුණු අය කියන්නේ ජනාධිපතිවරයාගේ වුවමනාවට එරෙහිව සිටි පිරිසයි. සම්මුතික ආණ්ඩුව කඩා ඉහිරවා යළි රාජපක්ෂවරුන්ට අවස්ථාව උදා කර දීමට ජනධිපතිවරයා වෙතින් ගත් උත්සාහයට එරෙහි පිරිසයි. මේ අනුව ජනාධිපතිවරයා වෙනුවෙන් ශ්‍රිලනිප පාර්ශ්වයෙන් කිසිවකුත් නැත.

පලාත්පාලන මැතිවරණයෙන් ලත් දරුණු පරාජය හමුවේ ඔහුගේ දේශපාලන නායකත්වය පිලිගැනීමට මහා ජනතාවක් නැති බවද ඔප්පු විය. තමන් විසින් සිදු කරනු ලබන බවට රටේ සමස්ථ ජනතාව හා වගවීමෙන් බැඳුණ දේ නොකර වෙන ආතල් සොයා යෑම නිසා මෛත්‍රීපාල සිරිසේනට අද වී ඇති වින්නැහිය ඉතා නරකම තත්වයක් වූවද ඔහුට තවත් එක අවස්ථාවක් ඉතිරිව තිබේ..ඒ තමන්ගේ පොරොන්දු පත්‍රය අතට ගෙන කියැවීමය.

ඒ අනුව සම්මුතික ආණ්ඩුවේ කටයුතු වෙනුවෙන් කැපවී..උනන්දු වී ඊට සහය පල කිරීමය.. තමන්ගේ ගොබ්බ උපදෙශකයන් රැළ එළවා දමා යමක් කමක් තේරෙන දේශපාලන ගේම් වලින් තොර රට ගැන හැඟීමක් ඇති උපදේශකන් පිරිසක් ජනාධිපතිවරයා පත් කර ගත යුතුය. ඒ වගේම වටේ ඉඳන් නැව් කඹම ගිල්ලවන කිලී මහරාජලා වගේ තක්කඩි ව්‍යාපාරිකයන්ගෙන් ඈත් විය යුතුය.ඔවුන් තමන්ව අසු කළ උගුල ගැන දැන් තේරුම් ගැනීමට තරම් මෛත්‍රීපාල සිරිසේන ලොකු ළමයෙකි. ඒ වගෙම කිලි මහරාජා සන්තයේ තබා ගෙන සිටින ජනාධිපති මාධ්‍ය අංශය නැමැති සිරස ටීවී මාධ්‍ය එකකය වහාව විසිරුවා හර තමන්ගේ දේශපාලන ප්‍රතිරූපය නිසි ලෙස ඉහළ නැංවිය හැකි විශ්වාසදායක මිනිස්සු ටිකක් එතැනට පත් කර ගත යුතුය. ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපය කෙලසන තරමක් කෙලසා දැමුවේ මේ මාධ්‍ය අංශයය ජනාධිපතිවරයාගේ නම පාවිච්චි කරමින් මේ අය කැත වැඩ ගොඩක් කර තිබේ. මෙය විසුරුවා හැරීම සිදු නොවේ නම් ජනාධිපතිවරයා හැමදාම හෙළුවෙනි. මන්ද අඳින අඳින රෙද්ද මොවුන් විසින් කඩා දමන බැවිනි.

එසේම සම්මුතික ආණ්ඩුව ලෙස පසුගිය කාලයේ ක්‍රියාත්මක කිරීමට උත්සහ ගත් විශිෂ්ඨ ක්‍රියාමාර්ග රැසක් තිබේ. එහෙත් ජනාධිපතිගේ ගොබ්බ උපදේශකයන්ගේ දේශපාලනික කුප්ප කම් නිසා මේවා බොහොමයක් කඩාකප්පල් කර තිබේ. ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණයක් රැසක් මෙලෙස හමස්පෙට්ටි වල හිර වූයේ ජනාධිපතිවරයාගේ නියෝග ලෙසය.

පසුගිය රාජපක්ෂ සමයේදී චෝදනා එල්ල වූ අපරාධකරුවන් රැසක්ම අදත් නිදැල්ලේ පසුවන්නේ ජනාධිපතිවරයාගේ මැදිහත් වීම නිසාය. රාජපක්ෂ පවුල ඒ අතරින් විශේෂය. ජනතාව බලා සිටියේ මේ හොරු අල්ලා හිරේ දමනා තෙක්ය..එහෙත් ජනධිපතිවරයා මේ රාජපක්ෂ හොරු අල්ලනවාට විරුද්ධ විය. ඔන්න අත් අඩංගුවට ගන්න හදනවෝ කියා හොරුන්ට පිටරට පැන හෝ බේරෙන මාර්ග කියා දුන්නෙය.

දැන් එදා කළ මරි මෝඩ තකතීරුකම් හරි යන්නෙ නැත.. තමන් ගහපු ගහපු හැම කුප්ප ගේම් එකකින් ෆේල් වූ බව දැන්වත් තේරෙන්න ඕනෑය. එහෙමත් නැත්තන් තමන්ට සිද්ධ වුණ අලකලංචිය මොකක්ද යන්න ගැන දන්නා කියන තේරුමක් ඇති අයගෙන් හෝ අසා දැන ගත යුතුය. අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රමුඛතාවයෙන් යුතුව ඉදිරිපත් කර තිබෙන දේශපාලන හා ආර්ථික ප්‍රතිසංස්කරණයන් ගැන තමාට අවබෝධ කර ගැනීමට හැකියාවක් නැති නම් ඒවා නිවැරදි ලෙස වටහා දිය හැකි උපදේශකයන් කිහිප දෙනෙකු පත්කර ගැනීම විය යුතුය.

බැඳුම්කර විමර්ශන වාර්තාව ගැන ඔය දැන් ඉන්නා ගොබ්බ උපදේශයන් විසින් ලියා දුන් වැරදි වාර්තාවක් කියැවීම නිසා තමන් රට හමුවේ විහිලුවක් වූ හැටි මතකම් තව දුරටත් ඔය ගොබ්බ රැල ළඟ තියාගන්නෙ නැත. අගමැති රනිල් වික්‍රමසිංහ ' සංවර්ධන පනත' ගෙන ආ වෙලේ ඊට තේරුමක් නැතිව එරෙහි විය. ගොබ්බ උපදේශකයෝ ' තිරසර සංවර්ධන පනත' නමින් එකක් ගෙන ඇවිත් ජනාධිපතිවරයාවත් රටත් රැවටීය, අගමැති 2025 v සංවර්ධන වැඩ පිලිවෙල ගෙන ආ විට ගොබ්බ උපදේශකයක් ' ග්‍රාමශක්ති' නමින් ගොබ්බ වැඩ සටහනක් ඉදිරිපත් කලේය. මිලියන් ගනනක නැති භංගස්ථාන කරමින් එයද අතුරුදන් කරවිය.

මේ ලෙස තව බොහෝ දේ ලිවිය හැකි වූවත් වී ඇති වින්නැහිය තේරුම් ගැනීමට මේ ප්‍රමාණවත්ය.

මිනිහෙකුට හැදෙනවා නම් මේ පහුගිය කාලයේ සිදුවූ කෙලවා ගැනීම වලින් උගත් පාඩම් ඇති තරම්ය. තමගේ වැරැද්ද නිහතමානීව පිළිගෙන යළි නිවැරැදි පිලිවෙතකට එළඹීමට සිහිබුද්ධියක් ඇති මිනිසෙකුට පුලුවන.

දැන් ජනාධිපති මෛත්‍රීපාලට ඒ අවස්ථාව තිබේ. ඒ අනුව 2020 වන විට මෙරට ඉතිහාසයේ ජනතා වීරයකු වනවාද ඉතිහාසයේ කුණු බක්කියට වැටෙනවාද යන්න තීරණය වෙනු ඇත.

Last modified on Friday, 06 April 2018 01:03

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us