පුකේ ජනාධිපති...! Featured

Wednesday, 04 April 2018 01:17

තවත් වසර 75 කට පරාජය කරන්න බැරි යයි කිව් රාජපක්ෂලාගේ වියරු ඒකාධිපති පවුල් ආණ්ඩුව 2015 ජනවාරි 08 වනදා පෙරලා දැමීම අහම්බයක් නොව වසර ගනනාවක සැලසුමකි. පැති ගනනාවකින් ප්‍රහාරාත්මක බලවේග සූදානම් කෙරිණි. ඒ අතර ඇතුලතින් පහරදීමේ ක්‍රියාන්විතයක් ද දියත්ව තිබිණි. එනම් රාජපක්ෂලාගේ සැලසුම් අවුල් කිරීම මෙන්ම එහි කොටසක් කඩා වෙන් කිරීමය.

චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ තීක්ෂණ භාවය, රනිල් වික්‍රමසිංහගේ අතිශය ඉවසිලිමත්භාවය මේ මෙහෙයුමේ තීරණාත්මක සාධක විය. එමෙන්ම මංගල සමරවීර හා ඔහුගේ කණ්ඩායමේ උපක්‍රමික මාධ්‍ය මෙහෙයුම් හා සිවිල් සමාජ බලවේග ඒකරාශී කිරීමේ මෙහෙයුම් රාජපක්ෂවරුන්ගේ සැලසුම් නොමඟ යවමින් තිබිණි.

රාජපක්ෂවරුන්ගේ නමවත් පැවසීමට බියවූ යුගයක එය පෙරළා දැමීම වෙනුවෙන් ජීවිත පරදුවට තබා වෙහෙස වූ මිනිසුන් ගනනාවක් ද තව සිටියහ.

අනුන්ගේ සටනකට රූකඩ නායකයෙක්

විපක්ෂයේ පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම මෙන්ම එම පොදු අපේක්ෂකයා රාජපක්ෂ රෙජීමයෙන්ම ඉවත් කරගන්නා අයෙකු විය යුතු බවට තීරණය වීමත් සමඟ ගනන් බැලූ පුද්ගලයන් අතර මෛත්‍රීපාල සිරිසේන ඉදිරියෙන් සිටියේය. ඔහු රාජපක්ෂ රෙජිමය හා ගැ‍ටුම් ඇති කරගැනීම ඔහුවත් නොදන්නා දේශපාලන මෙහෙයුමක් විය. අගමැති බලාපොරොත්තුව ඔහු තුල ජනිත කරවීම මෙන්ම එයට රාජපක්ෂ වරුන්ගේ විරෝධය එල්ල වීමද මේ ඒ නොදන්නා දේශපාලන මෙහෙයුමේ කොටස් විය. අවසානයේ විපක්ෂයේ පොදු අපේක්ෂකයා විය යුත්තේ මෛත්‍රීපාල සිරිසේන බව තීරණය කරන විටත් ඒ බවක් සිරිසේන ද දැන සිටියේ නැත.

එහෙත් සිරිසේන හා මුල් කතා බහෙදී ඔහු මීට එකඟ වූයේ නැත. මන්ද රාජපක්ෂවරු පැරදවිය හැකි බව ඔහු කිසිසේත්ම විශ්වාස නොකළ බවිනි. නමුත් අවසානයේ මලිත් ජයතිලක රාජපක්ෂවරුන්ට ඉදිරිපත් කරන ලද ජනාධිපතිවරණ අනාවැකිය රාජපක්ෂවරු පිලිගත්තේ නැති වූවද ඒ වාර්තා ගෙදර ගෙන ගොස් ගනන් බැලූ සිරිසේන රටේ මීලඟ ජනාධිපතිවරයා වීමට තමාට අවස්ථාවක් ඇති බව සැක හැර දැන ගත්තේය. එහෙත් පසුව පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට කැමැත්ත පල කළේ නිකම් නොවේ.. දැඩි අවධානමක්ද සහිතවය. ඒ ගැන ඔහුට දිය හැකි ඉහළම ගෞරවය දිය යුතුය.

රාජපක්ෂවරු පරාජය කිරීමේ සූක්ෂමව දියත් වූ මෙහෙයුමේ කොටසක් ලෙස මෛත්‍රීපාල සිරිසේන ඇතුලතින් කඩා එළියට ගැනීම අවසන් මොහොතේ සිදු විය.

විපක්ෂයේ පොදු අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන බව ලංකා ඩේලි අපි නිශ්චිතව දැන ගත්තේ මෛත්‍රීපාල සිරිසේන විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ප්‍රසිද්ධ කරළියට ඒමට පෙරය....මෛත්‍රී යුගයක් අත ලඟ මැයෙන් ඒ ආරංචිය කාටත් කලින් අපි දුන්නේය.

මෛත්‍රී යුගයක් අතලඟ!

සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා අද හෝ හෙට ආණ්ඩුවෙන් ඉවත් වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔහුගේ ඉවත්වීමත් සමග තවත් ඇමැතිවරු පිරිසක්ද ආණ්ඩුවෙන් ඉවත් වීමට නියමිතව ඇතැයිද වාර්තා වේ.

යම් හෙයකින් අමාත්‍ය මෛතී‍්‍රපාල සිරිසේන මහතා 'පොදු අපේක්ෂකයා' ලෙස ඉදිරිපත් වන්නේ නම්, ඔහුට සහය පලකිරීමට ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික හෙළ උරුමය ද එකඟත්වය පළකරන බව පවසා තිබේ.-lankadaily.com - Published in පුවත් Thursday, 20 November 2014 20:34

මෛත්‍රීපාල සිරිසේන ද්‍රෝහියකු බව රාජපක්ෂවරු හංවඩු ගසන විට අපි ඔහු වෙනුවෙන් පෙනී සිටියෙමු. ඇත්තටම ද්‍රෝහීයා කවුද ?

ඒ පුද්ගලයකු ආරක්ෂා කරගැනීම වෙනුවෙන් නොවේ. පැවැති රාජපක්ෂ රෙජීමයේ ප්‍රජාතන්ත්‍ර විරෝධීභාවය , දූෂණය වංචාව නාස්තිය ඉවවහා ගිය රාජ්‍ය පරිපාලනය මෙන්ම ම්ලේච්ඡ අපරාධ තව දුරටත් මේ රටේ නොවිය යුතු බැවිනි. ජන කොටස් අතර විරසකභාවය ඇති කරමින් රට යළිත් වර්ගවාදි කොලහලයකට ඇද දැමීමට ගෙනතිබූ උත්සාහය පරාජය කිරීම වෙනුවෙනි. සුන්නද්ධුලි කර දැමු උතුරේ දෙමල ජනතාවගේ නිදහස සහ අයිතිවාසිකම් යළි ලබා දියයුතු බැවිනි. සියලු ජන කොටස් අතර සාමය හා සංහිඳියාව පැවැතිය යුතු බැවිනි. නීතියේ යහපාලනය ක්‍රියාත්මක වීම වියයුතු බැවිනි. ඒ වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු විය යුතු බැවිනි. ඒ හා සමඟම රටම දැවැන්ත ආර්ථික අර්බුධයකට ගෙන යමින් තිබූ ආර්ථික ඝාතකයන්ගෙන් රට මුදවා ගැනීම මෙන්ම යළි ආර්ථිකය ගොඩනැන්වීමේ අසීරු ඉලක්කය සපුරා ගැනිම ද වෙනුවෙනි.

රාජපක්ෂලා දුන් ලනු ගිලීම

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එල්ල වූ සියලු සතුරු ප්‍රහාරයන්ගෙන් ඔහුව රැකගැනීම සිදු කළේ රට තුල යහපාලනය ගොඩ නංවා සියලු ජනතාවට නිදහස් හා සාමකාමි ජීවිතයක් ලබාදීම වෙනුවෙනි. රටේ විධායක බලය ඔහු වටා කේන්ද්‍රව තිබීම මත ජනාධිපතිවරයා ලෙස රට ගොඩනැගීමේ අසීරු කාර්ය වෙනුවෙන් ඔහුව රැක ගැනීමට සිදු විය.

එහෙත් කාලයාගේ ඇවෑමෙන් ඇතැම් තත්වයන් වෙනස් විය. විධායක ජනාධිපති පු‍ටුවට බුදු හාමුදුරුවන් පත් වූවත් ඔහුටද බල තන්හාව ඇතිවීම වැලක්විය නොහැකි බවට කියන කතාව යළිත් සනාත වෙමින් පැවැතියේය. සිරිසේන ශ්‍රීලනීපයේ නායකත්වයට පත් කිරීම රාජපක්ෂවරුන්ගේ සූක්ෂම මෙහෙයුමක් ලෙස සිදු විය. එම‍ඟින් ඔහුට නොතිබුණු දේශපාලන බලයක් ආරූඩ වූ අතර ඔහුම නොදැන ශ්‍රීලනීපයේ ගැලවුම්කාරයා බවට පත් විය. රාජපක්ෂවරුන්ට ශ්‍රීලනීපයේ තිබූ උරුමය ‍රැකීමට ද අවසානයේ ඔහුට සිදුවිය. එහි ප්‍රතිපළය වූයේ රාජපක්ෂවරුන් හා චෝදනා ලත් අපරාධකරුවන් විශාල පිරිසකට නීතියෙන් ආරක්ෂාව ලැබීමය. ඒ චෝදනා ෆයිල් පිටින් හමස් පෙට්ටියේ බහාලීමට ඔහුට සිදු විය. නින්දිත ලෙස යහපාලන සම්මුතිය අවසන් කළේය.
එපමණක් නොවේ..ශ්‍රීලනීපය සාම්ප්‍රදායික එජාප විරෝධී පක්ෂයක් යැයිද එම නිසා ඒ විරෝධය දිගින් දිගටම නඩත්තු කළ යුතු බවට රාජපක්ෂලා දුන් ලනුවද ඔහු ගිල්ලේය.

මහින්දට වඩා ජාතිවාදියකු වීම

ජනවාරි 08 වෙන්දාට පෙර විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස රට හමුවේ තැබු ප්‍රතිපත්ති ප්‍රකාශනය ගැන ජනවාරි 09 වනදායින් පසුව ඔහුට වගක් තිබුණේ නැත. ඒක සාධාරණය. මන්ද ඒ ප්‍රතිපත්ති කිසිවක් ඔහුගේ ඒවා නොවීමය.. එය ඔහුගේ අරමුණද නොවීය. ඔහුට අවශ්‍ය වූයේ ජනාධිපතිධුරයට හිමි පු‍ටුවේ වාඩිවීම පමණය. රාජපක්ෂ සමයේ අගමැතිධුරය වෙනුවෙන් තිබූ ආසාව ජනාධිපතිධුරය ලැබීමෙන් සන්තර්පණය කරගැනීම පමණක් ඔහු සිදු කළේය. රටේ ප්‍රජාතාන්ත්‍රවාදී ප්‍රගිතිශීලී බලවෙගවල වුවමනාව ඔහුට අමතක වූවා පමණක් නොව ඒ පසෙකළා යළි රාජපක්ෂවරුන්ගේ මජර චින්තනයටම ඔහු යටත් විය. ඔහුට අවශ්‍ය වූයේ ශ්‍රීලනීපයේ රාජපක්ෂ උරුමය අභිබවා ගොස් එය තමගේ උරුමයක් බවට පත්කර ගැනීමටය. රාජපක්ෂලා ඒ සිදු කළේ කෙසේද ඔහුද එයම කලේය. මහින්දට වඩා ජාතිවාදියකු වීමට ඔහු උත්සහ ගත්තේය. ඒකාධිපතියකු වීමට උත්සහ කළේය. උතුරේ දෙමළ සංහාරයට අවසන් සති දෙකෙදී අණ දුන්නෙ තමන් බවට ප්‍රකාශ කිරීම පවා කිසිදු හිරිකිතයක් නැතිව කළේය.

සාම්ප්‍රදායිය එජාප විරෝධය වෙනුවෙන් එජාපයේ රටේ සංවර්ධනය වෙනුවෙන් ගෙන හා අණ පනත් සංවර්ධන වැඩ පිලිවෙලවල් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. පසුගිය පළාත් පාලන මැතිවරණ සමය වන විට එම තත්වය උත්සන්න වී නන්දොඩවන්නකු බවටද පත් විය. වේදිකාවේ විහිලු සපයන්නෙක් විය. සියයට හතරේ ජනාධිපති ලෙස අවසන බෞතිස්ම විය.


ඓතිහාසික තකතීරුකම

සම්මුතික ආණ්ඩුව පිහි‍ටුවීම මෙන්ම එහි වැඩ පිලිවෙලද දියුණු නූතනවාදී ප්‍රවේශයකින් ඉදිරියට ගැනීම සිදු වෙමින් තිබියදී ග්‍රාම්‍ය බයි චින්තනයකින් හෙබි සිරිසේනට එය තේරුම ගැනීමේ හෝ හැකියාවක් තිබුණේ නැත. මේ ග්‍රාම්‍ය බව නිසාම ඔහු තවත් අයගේ ගොදුරක් බවට පත් විය. විශේෂයෙන්ම නම් වශයෙන් සටහන් කරන්නෙ නම් සිරස ටීවී අධිපති කිලී මහරාජාට ඔහුව රූකඩයක් මෙන් නැටවීමෙ අවස්ථාව ලැබිණි. කිලී මහරාජාගේ උග්‍ර රනිල් විරෝධය සිරිසෙන හරහා ප්‍රකාශයට පත් කිරීමට මෙන්ම ඒ රනිල් පන්නා දැමීමේ මෙහෙයුමද සිරිසේනගේ නායකත්වයෙන් සිදු කිරීමට කිලී මහරාජා සමත් විය. රාජපක්ෂවරුන්ගේ ලනු කෑම දිගින් දිගටම සිදුවීමත් නිසා සිරිසේන තමන් කරන්නේ මොනවාද කියන්නේ මොනවාද යන්න ගැන හරි හැට දැන සිටියේ නැත. මේ නනත්තාර වීම රාජපක්ෂවරුන්ගේ දේශපාලන සැලසුම් වඩාත් පහසුවෙන් වේගවත්ව සිදුකිරීමට රුකුලක් විය.

අද විවාදයට ගැනෙන ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවද ඒ අනුව සැකසුනකි. එය සාර්ථක කරගැනීම වෙනුවෙන් ඔහු පසුගිය සමයේ දීවා ‍රෑ වෙහෙසුනේය. විශ්වාසභංග යෝජනාව රාජපක්ෂවරුන්ගේ නිර්මාණයක් ලෙස කරලියට ආවද එය මුලුමනින්ම ජනාධිපතිවරයාගේ පාර්ශ්වයේ මෙහෙයුමක් විය. තමන් නායකත්වය දරණ ආණ්ඩුවට එරෙහිව තමන් විසින්ම ක්‍රියාත්මක වීමේ පූර්වාදර්ශයන් මේ ලෝක ඉතිහාසයෙන් හමුවන්නෙ නැත. මේ නිසා සිරිසෙනගේ මේ විශ්වාශභංග මෙහෙයුම ඓතිහාසිකය. ඓතිහාසික තකතීරුකමක් ලෙස ද එය හැඳින්විය හැක.

ජනතා අභිලාෂයන් දැන් පාවා දී හමාරය

ඒත් ඊයේ රාත්‍රිය වන විට විශ්වාසභංගය පාරාවළල්ලක් වී තමන්ව බිත්තියටම හේත්තු වූ වෙලාවේවත් මේ තකතීරුකම ඔහු තේරුම් ගෙන තිබෙනවා ද යන ගැනවත් ඔහුට විශ්වාසයක් නැති වග සැක නැත. මන්ද ඔහුගේ ග්‍රාම්‍ය චින්ත්නයට එවැනි තත්වයන් කලමකරණය කරගැනීමට තබා එය තේරුම් ගැනීමට තරම් මොළ කළඳක් තමන්ට නැති වග පසුගිය වසර 3 තුලදී පෙන්වා දී ඇති බැවිනි.

තමන්ගේ තනි කැමැත්තෙන් තමගේ වීර්යයෙන් ජනාධිපතිධුරය අත්පත් කරගත්තා වැනි හැඟීමකින් මේවන විට පසුවන සිරිසේනගෙන් ජනවාරි 08 ජනතා අභිලාශයන් ඉෂ්ඨ කර ගැනීම ගැන තව දුරටත් බලාපොරොත්තු තැබිය හැකි තැනක නැත. ඔහු 62 ලක්ෂයක ජනතා අභිලෂයන් දැන් පාවා දී හමාරය. මේ ජනතාව ඉදිරියේ ඔහු ද්‍රෝහියෙකි. පුකේ ජනාධිපතිවරයෙකි.

Last modified on Wednesday, 04 April 2018 01:35

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us