සංඝරත්නය ගන්නෙ වෙනම ආතල් එකක් - ගුරුගොඩ සිරිවිමල හිමි Featured

Wednesday, 28 March 2018 08:09

බෞද්ධ දර්ශනය (බුද්ධාගම නොවේ) යනු කුමක්දැයි නිවැරදිව වටහා ගැනීමට නම් වල්පොළ ශ්‍රී රාහුල හිමියන්ගේ ‘‘බුදුන් වදාළ ධර්මය’’ කෘතිය කියන්නැයි මාර්ටින් වික්‍රමසිංහ මහතා පවසා තිබුණි.

එහෙත් අපේ සිංහල බෞද්ධයෝ බහුතර පිරිසක් මාර්ටින් වික්‍රමසිංහ මහතා ලියු සියලු දේ කියෙව්ව ද කියු සියලු දේ වෙත සවන් දුන්න ද ‘‘බුදුන් වදාළ ධර්මය’’ නම් කියවා නොමැති බව දැනට වසර කිහිපයක සිට දක්නට ලැබෙන බෞද්ධ ජනතාවගේ හැසිරීම් රටාවලින් පැහැදිලි ය.

වර්තමාන බෞද්ධ ජනතාව වෙත වල්පොළ රාහුල හිමියන්ගේ සත්‍යෝදය පොත කියවන්නැයි යමෙකු පැවසුවෙ නම් ඔවුන් අසන්නේ ‘‘එය ප්‍රකාශ කර ඇත්තේ ගල්කන්දේ ධම්මානන්ද හිමි ප්‍රමුඛත්වය දෙන වල්පොළ ශ්‍රි රාහුල පදනමෙන් නේද?’’ යනුවෙනි. එය හරියට කෙනකු ඇඟිල්ල දිගු කර සඳේ අලංකාරවත් බව පෙන්වන විට බලන්නා පෙන්වන්නාගේ ඇඟිල්ල දෙස බලා ‘‘මේ මොන හඳක් ද?’’ යනුවෙන් අසනවා බඳුය.

මතු දැක්වෙන්නේ බුදුන්ගේ දර්ශනය මත පිහිටා කටයුතු කරමින්, වර්තමාන මිනිසුන් වැලඳගෙන ඇති මිථ්‍යා මත වෙත දැඩි ලෙස ප්‍රහාර එල්ල කරමින් බෞද්ධ ජනතාව දැනුවත් කරන ස්වාමින් වහන්සේ නමක් වන ගුරුගොඩ සිරිවිමල හිමි විසින් ප්‍රකාශිත අදහසකි.( මෙහි මාතෘකාව සංස්කාරකගේ බව සලකන්න)

දැන් කාලයක ඉඳන් බෞද්ධ ජනතාව කරන වැඩ දිහා බලාගෙන ඉන්න අය දක්වන ගොඩක් අදහස්වල සාරාර්ථය අරං බැළුවහම එ් අය කියන්නෙ මේව මහ පුස් වැඩ කියන එක තමා ඉතිං දන්නවනෙ සිංහල බෞද්ධයො කුණුහරුප කියනව වැඩියිනෙ. ඒ නිසා මේ පෝස්ට් දාපුවම දායක සභා වලින් එළව එළවා පහර දෙනවා.

මම මේව ගැන දැන් නොලියන්නෙ ගෙදර ඉන්න අම්ම පව් නිසා. ඒත් ගොඩක් අය මේ පෝස්ට්වලට මාව මෙන්ෂන් කරල තියෙනව වගේම In Box හරහාත් පැන විමසුම් කරල තියෙනව. ඒ නිසා මේක ලියනව.


බුදුන්වහන්සේ ලෝකයට පහළ වීමත් උන්වහන්සේගේ දේශනා මාර්ගයේත් මේව කරපල්ලා යනුවෙන් උන්වහන්සේ පවසල තියෙනවලු. (මමනම් එහෙම එකක් දන්නෑ) බුදු කෙනෙක් ලෝකයට පහළ වෙන්නෙ මොකටද කියන එක හැම කෙනෙක්ම තේරුම් ගන්න එක වඩා හොඳයි. හැබැයි මේවට බුදුන්වහන්සේ ගාව ගන්නවට මම විරුද්ධයි.

බෞද්ධයො ගත්තහම කොටස් දෙකයි. එකෙක් සද්ධා මාර්ගිකයි අනිකා ප්‍රඥා මාර්ගිකයි. මේ දෙකේම අන්තවාදීව ඇලිල තියෙනව. මධ්‍යමව ඉන්න සුළුතරයකුත් ඉන්නව .බොහෝ දෙනෙක් මාත් එක්ක කියල තියෙනව මම කැමති ‘‘ගෞතම බුදුන්ගෙ ඔරිජිනල් රීඩින් එකට’’ වගේ කතාත් මාත් එක්ක කියල තියෙනව.


කෙසේවෙතත් මේ පූජා කාරයන්ගෙන් බුදු දහම ගලවා නොගත්තොත් නම් මහා විනාසයක් වෙනව. අර කියපු ඔරිජිනල් රීඩින් එක මැකිල යනව. ඇටි කෙහෙලුයි, අඹයි අන්නාසියි, පලතුරු කඳු ගොඩ ගහන්නෙ ඇයි අපි? ඒක සැබෑ බුද්ධ පූජාව නෙමෙයි.

බුදුන්වහන්සේ පෙන්වා දෙන දර්ශනයේ ප්‍රැක්ටිකලි පැත්ත තමයි බුද්ධාගම කියන්නෙ. ඒක විවිධ විදියට රටවලට ඇතුළු වෙලා තියෙනව.මේ දැන් තියෙන්නෙ නම් ආගම කියල මිනිස්සු මිථ්‍යාවට පමුණුවන හුදු ඇදහිල්ලක්ම පමණයි.

හැබැයි ඇත්තෙන්ම බුද්ධාගම කියන්නෙ ප්‍රායෝගික ක්‍රියා පිළිවෙත .ඒකෙ බිහිවෙන අන්ධයො ටික තමයි මේ වගේ දේවල් කරල නිවන් ලබන්න හදන්නෙ. ඉතිං ඒ අයට බැණ බැණ ඉන්නවට වඩා හොඳයි තමන්ගෙ පාඩුවෙ තමන්ගෙ නිවන හදාගන්න එක සහ වරද දුටු තැන පෙන්වල දෙන එක. හැබැයි හිත් රිදවන එකටනම් එකඟ වෙන්න බෑ.

සමාජවාදී මුහුණුවරකින් බැලුවම මම කියන්නෙ මේක දුප්පත් අසරණයට අයිති දෙයක්.
ඒ නිසා බුදුන්වහන්සේ කියල තියෙනව ද, අරකෙ තියෙනව ද වගේ තැන්වලින් අල්ල ගන්නැතිව මොළෙන් වැඩ කරන එක තමයි යුතුකම.

අපේ ගෞරවනීය සංඝරත්නය ගැන නම් කතා කරන්න එපා. ඒ අය ගන්නෙ වෙනම ආතල් එකක්!

ගුරුගොඩ සිරිවිමල හිමි

sis.lk

Leave a comment

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us