තමන් විසින්ම තමා වීරයා යැයි පවසන මුග්ධ පාලකයෝ මෙලෙස කාලකණ්නි සහගත අවසානයන් තම ජීවිතයට එක්කර ගත්හ.
මේ එවන් යුගයක් යළි පරාවර්ථනයක් වීමක්දැයි අපි නොදනිමු. එහෙත් මේ එවැනි අවශ්‍යතාවයක් සහිත යුගයක් බව නම් අපි පැහැදිලිව පවසමු.. එහෙත් ද්‍රොහියා කවුද වීරයා කවුද පැටැලී ඇත.. තීන්දුවක් ගැනීමට මේ පැටලිල්ල ලෙහා ගත යුතුය.
ජනසම්මතවාදයට එරෙහි ද්‍රෝහීයා කවුරුන්දැයි හරියටම විනිශ්චය කර ගත යුතුය.
මේ සමඟ වන, එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන බලකාය විසින් ප්‍රකශයට පත් කරන ලද ප්‍රකාශනය අප විසින් උපුටා පළ කරන්නේ ඒ පහසු කිරීම වෙනුවෙනි.
අපේ දියසෙන් කුමරු
දියසේන කුමාරයා ගැන අපි පරම්පරා ගනනාවක් තිස්සේ මහත් අපේක්ෂා සහිතව පසුවීමු. මිට දශකයකට එපිට අතීතයේද මේ දවස් යනු දියසේන කුමාරයකු ගැන මහත් බලාපොරොත්තු දල්වා ගත් අවධියක් වූ බව මතකයට එයි.
අප සිටියේ ඉතිහාසයේ එක සංක්‍රාන්ති සමයකය. ඊටත් දශකයකට පෙර අප එවැනිම වූ සංක්‍රාන්තික අවධියක් පසු කළෙමු. එහිම තවත් දිගුවක් ලෙස 2005 වසරේදී අපි මහින්ද රාජපක්ෂ මහතාව ජනාධිපතිවරයා ලෙස පත් කරගත්තේ මහත් උජාරුවෙනි.
තිස් වසරක් තිස්සේ ඇදී ගිය යුද්ධය නිසා මුළු මහත් සමාජයම තෙහෙට්ටුවට පත්ව සිටියෙමු. වෙඩි තැබීම් බෝම්බ පිපිරවීම් කොයි වෙලාවේ කොයි මොහොතේ සිදුවේවිදැකි කිසිවකුට නිනව්වක් තිබුණේ නැත. සෑම කෙනෙකුටම සෑම කෙනෙකුම දෙසම සැකයෙන් බලනවා හැර අපට වෙන කරන්න කිසිවක් තිබුණේ නැත. බස් රථයක ගියත් පවුලේ බර කරට ගත් වැඩිමහළුවෝ ගියේ වෙන වෙනමය, බස් දෙකකය. මාපියන්,එකෙකු අහිමි වුනොත් දුවා දරුවන්ට කෙනෙකු හෝ ඉතුරු වෙතැයි සිතුවෙමු. එදා කැබිතිගොල්ලෑවේ බස් බෝම්බය පුපුරා ගිය මොහොතේ තම දරුවාගේ මළ සිරුර දැතට ගෙන ඒ තාත්තා කිව්වේ මේ මුළු මහත් සමාජයේම වුවමනාවයි..
මානුෂික මෙහෙයුම ඓතිහාසිකය
අපි යුද්ධයකට ගියෙමු. වෙන කරන්නට දෙයක් තිබුණේ නැත. යුද්ධය කෙතරම් ම්ලෙච්ඡ දෙයක් වුවත් සමස්ත පුරවැසියාගේ නිද්හස රැඳී තිබුණේ ඒ මානුෂික මෙහෙයුමේ ජයග්‍රහණය මතය.
තුන්වේල සරි කර ගන්නට වැටුප කෙතරම් අසමත් වුනත් අපි නොහඬා යුද්ධයේ ජයග්‍රාහී ප්‍රතිපලය දෙස බලා සිටියෙමු. අති මහත් කැප කිරීම් රැසක් හමුවේ.., ඇත්තටම ඔවුන් රණ විරුවන් ! හමුදාව අප වෙත ජයග්‍රහණය, අපේ නිදහස, මුළු රටේම නිදහස.., ඔවුන්ගේ දෝතින අපවෙත ගෙනත් දුන්නෝය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ දේශපාලන ජීවිතයේ තීරණාත්මක දින කිහිපයක් වූවාට සැක නැත.
එදා නන්දිකඩාල් කලපුවෙන් නැඟුණු ජයග්‍රහණයේ රණ හඬ දකුණේ දෝරේ ගලා ගියේ ඉතිහාසයේ නොවූ වුරූ තරම් ජන ප්‍රීති ඝෝෂා මැදිනි. එදා සතුට ඉතිරී ගියායුරු මැවී පෙනේ. ජාතික ධජ අතැතිව පාරට නොආවේ කවුරුන්ද. ? මහ පාර මැදම ඉඳුනු කිරි බත් කෑල්ලක රස නොලැබුවේ කවුරුන්ද ?
වෙඩි බෙහෙත් ගඳ නැති හුස්ම පොදක් අපි වින්දේ දශක තුනකට පසුවය. ඒ ඉතිහාසයේ කෙදිනකවත් මකා දැමිය නොහැකි ඓතිහාසික සන්ධිස්ථානයක්.
දූෂණයට එරෙහි යුද්ධය
එදා ගාලූ මුවදොර පිටියේ පැවැති ඒ නිදහස සැමරුම් උළෙලේදී රාජපක්ෂ ජනාධිපතිවරයා තවත් යුද්ධයක් ආරම්බ කරන බව පැවැසුවේය. ඒ රාජ්‍ය යාන්ත්‍රණයේ ඉවවහා ගිය දූෂණය නාස්තිය වංචාව දුරු කිරීමේ යුද්ධයි.
මේ නම් දියසේන කුමරුම විය හැකි බව අපි එදා කල්පනා කළෙමු. මහින්ද චින්තන නම් මෙරට සංවර්ධනයේ නියමු ලියැවිල්ල සාක්ෂාත් කර ගැනීම සඳහා ජනාධිපතිවරාට තවත් ඉතිරිව තිබුණේ සිය ධූර කාලයෙන් අඩකටත් වඩා අඩු කාලයකි. යුධ ජයග්‍රහණයෙන් අනතුරුව රටත් එහි ජනතාවත් සුඛිත මුදිත කිරීමට ලැබී තිබු මේ ස්වර්ණමය අවස්ථාව යළි පැහැර හැරිය නොහැක. එමෙන්ම ඔහුට කළගුණ සැලකිය යුතුව තිබිණි. අපි බොහෝ දෙනා 2010 ජනාධිපතිවරණයේදී මෙරට යළිත් ලබාදිය යුත්තේ මහින්ද රාජපක්ෂටම බව තීන්දු කළෙමු.
එය අමාරු සටනක් වී තිබුණේය. ඒ ජය ගත්තෙමු. එහෙත් අපි නොදැන කුමක් හෝ යමක් ජයග්‍රණයේ මල්වෙඩිවලට මුවාවෙමින් සංදර්ශනවලට මුවාවෙමින් සිදුව පැවැති බව අප වටහා ගන්නා විට ජනාධිපතිවරණයේ ප්‍රතිවාදී අපේක්ෂකයා සිටියේ සිර කූඩුවේය. යුද්ධයට දේශපාලන නායකත්වය ලැබුණේ ජනාධිපතිවරයාගෙන් සේම යුධ පිටියේ ඒ ජයග්‍රහණය කරා මෙහෙය වූයේ සෙන්පති සරත් ෆොසේකා ය.
ඔහු ජනාධිපතිවරයාගේ ප්‍රතිවාදියාවන විට කුමක් හෝ බරපතල අවුලක් සිදුවෙමින් තිබෙන බව තේරුම් ගියත් ඒ ටක්කෙටම වැටහුනේ සරත් ෆොන්සේකාගේ සියලූ වරප්‍රසාදයන්, නිලතල, වැටුප් මෙන්ම ප්‍රජා අයිතියද අහෝසි කිරීමට තරම් මහා වෛරීසහගත පලිගැනීමේ ක්‍රියාවලියකට රාජපක්ෂ පාලනය තල්ලූ වෙමින් සිටින අවධියේය.
මේ ක්‍රියාවලිය කිසිවකුත් අනුමත කළේ නැත. සටනක් කර පැරදුනාම පරාජිතයාට අත දී ඔහුව ඔසවා තැබීම ශිෂ්ඨ සම්පන්න මිනිසුන්ගේ සිරිතය. එහෙත් එහෙම වුනේ නැත. යුද්ධයේදි යටත් වූවන්ට ජිවත්වන්නටවත් අයිතිය නොදුන්නේ යැයි හෙළිදරව් වූ ඇතැම් තොරතුරු හා ජනාධිපතිවරණයෙන් පසුව වූ සිදුවීම් අතර ලොකු වෙනසක් තිබුණේ නැත.
ඊටත් පෙර පත්තරකාරයකු වෙච්ච ලසන්ත වික්‍රමතුංගව ඝාතනය කරන විට ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කරවන විට විරුද්ධ මතදැරීම රාජපක්ෂ යුගයේ අකැපැයි යනුවෙන් බොහෝ අය තේරුම් ගත්හ. සමහරු ගුටිකෑහ, සමහරු අත් අඩංගුවට පත් වූහ. තවත් බොහෝ අය රටින් පලා ගියහ. සමහරු සැඟ වූහ.
පවුල් පාලනය
මේ වෙන කොට ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් වෙනුවට රාජපක්ෂ පවුලේ පාලනය හොඳින් තහවුරු විය. අයියලා, මල්ලිලා, තාත්තලා, පුතලා, මස්සිනාලා, නෑනලා, බෑනලා, ලේලිලා.. රාජ්‍ය යාන්ත්‍රණයම ඔවුන්ගේ යටතට පත් කරගෙන තිබිණි.
මේ අතර යුධ අපරාධ මානව හිමිකම් කඩ කිරීම් චෝදනා එකපිට එකා ආවේය. උත්තර වෙනුවට ප්‍රශ්න කරන්නා ත්‍රස්තවාදියකු විය. අධිරාජ්‍යවාදී ඉත්තෙකු විය., විජාතික කුමන්ත්‍රණකරුවකු විය, .එන් ජී ඕ කාරයෙකු විය.
එහෙත් ඒ සියල්ල දේශප්‍රේමයේ නාමයෙන් අපි ඉවසූවෙමු. පසුව පැවැත්වූ හැම මැතිවරණයකින්ම ඔහුගේ පාලනය අපි කවුරු හෝ එකතුව දිනෙව්වෙමු.
සංහිඳියාව හොරකමට බාධාවක් වීම
දේශප්‍රේමීයා කියන්නෙ එක ජාතියක් තලා පෙලා අනෙක් ජාතිය ඔසවා තබන හුදු ජාතිවාදියෙකු නොවෙයි යැයි අපි අසා ඇත්තෙමු. දේශයට ආදරය කරන්නා ඒ දේශයේ වෙසෙන සියලූ මනුෂ්‍ය වර්ගයා කෙරෙහි ආදරය දැක්විය යුතුය.
එහෙත් ජාතීන් අතර සංහිඳියාව වෙනුවට විවිධ ආගමික ත්‍රස්ත කල්ලි නිර්මාණය කර එකිනෙකා කෙරෙහි සැකයෙන්, වෛරයෙන් බලන්නට යළි මේ සමාජය හුරු වූයේ පසුගිය වසර කිහිපයක කාලයක සිටය. උතුරේ උද්ධයක් පැවැතියත් අපි දෙමළා සැක කළේ නැත. එය හුදු ත්‍රස්ත කල්ලියක වැඩක් බව අප තේරුම් ගෙන සිටියෙමු. මුසල්මානුවා අපේ අපේ ඉතිහාසයේ කිසිදා හතුරෙක් වූයේ නැත. අප විරුද්ධ වුයේ ඒ අන්තවාදී ත්‍රස්තයන්ට පමණය. එහෙත් අද අපි අපිවම කොටවන තැනට සමාජය පත් කරවා ඇත. එදා 'අපි වෙනුවෙන් අපි' කීවේ මේ හැමෝම එකමුතුවය.
ඒක කොහොම උනත් කලින් කි ලෙස රාජපක්ෂ ජනාධිපතිවරයා අරඹනවා කිව් දුෂණ වංචා කෙරෙහි වන යුද්ධය ආරම්බ වන තුරු අපි තවමත් බලන් ඉඳිමු. දැන් ඊට වසර හයක්ම ගෙවී ගොස්ය. වසර හයක් කියන්නේ පාලකයකුට රටක් වෙනස් කරන්න වුවමනාවටත් වැඩි කාලයකි.
රාජපක්ෂ ජනාධිපතිවරයා තමා සතුව ෆයිල් තිබෙන බව කියන විට අපි සිතුවෙ දැන්වත් යමක් සිදුවනු ඇති බවය, එහෙත් ඔහුම පසුව කීවේ ඒ වෙන ෆයිල් වගයක් බවය. එනමුත් දැන් දැන් රාජපක්ෂ ආණ්ඩුවේ බොහෝ දූෂණ වංචා ගැන තොරතුරු හෙළිවෙයි.
එහෙත් මේ කාලය තුල සිදුවූ දුෂණ වංචා අක්‍රමිකතා මෙතරම් යැයි කී හැකි නොවේ. හෙල්පින් හම්බන්තොට අරමුදලේ ලක්ෂ 830ක මුදල් ටික පිල්ලි ගැසීමට පටන් ගත් දා සිට මැතකදී ආන්දෝලනයකට තුඩු දුන් කෝටි 1500ක අක්‍රමිකතාවක් සහිත ගල් අඟුරු ගනුදෙනුව දක්වා.., චීන ගනු දෙනු දක්වා.., සමහර විට ඊටත් එහා දක්වා වූ වංචාකාරී ක්‍රියාවන් හී වටිනාකම කෝටි දස දහස් ගනනකින් කියන්න සිදුවන තරම් ඒවා විය.
දියසේන කුමාරයාගේ වෙස් ගැලවේ
දියසේන කුමාර අපට වීරයෙකි. මුළුමහත් ජනතාව දුකෙන් මුදවාලිය හැකි තරමේ වීරයෙකි. ඒ වගේම දියසේන කුමාරයාගේ වෙස් බැඳගෙන එන කිසිවකුට හැමදා වීරයකු ලෙස රඟපෑම කළ නොහැකිය. කෙදිනෙක හෝ ජනතා ද්‍රෝහියකු වනු ඇත . එවිට බැඳගෙන ආ වෙස් මුහුණු ගැලවෙනු ඇත. මේ ගෙවෙන්නේ එහෙම කාලයක් දැයි දැන් නම් සැකයක් නැති තරම්.
මේ බලන්න වෙස්මුහුණු ගැලවෙන කොට..
.
උතුරේ යුද්ධයෙදී කොටින්ගෙන් අත් අඩංගුවට ගත්තා කිවු රූපවාහිනියෙන් පෙන්නුව රත්ත්‍රං හා සල්ලි ටොන් ගනනක සිදු වූයේ කුමක්ද යන්න ග්‍රෑම් ගනනින් ඒ නැවත බෙදා හැරීමෙන් වසන් කළ හොහැකියි.
එල්ටීටීඊ සංවිධානය සතුව තිබු නැව් 14 ට දැන් අයිති කාටදැයි සොයා ගත යුතුය.
එම සංවිධානයේ විදේශ ගිණුම්වල තිබු කෝටි හාරදහසක පමණ මුදල් කන්දරාව දැන් කාගේ ගිණුමට බැර වෙලාදැයි සෙවිය යුතුය.
එම සංවිධානයේ වත්මන් නායක කුමාරන් පද්මනාදන් නොහොත් කේපී සතුව තිබු එම සංවිධානයේ ව්‍යාපාර දේපල රාජසන්තක කර තිබේ දැයි විමසිය යුතුය.
චීනය සමඟ කරන සංවර්ධන ව්‍යාපෘතින්ගෙන් පමණක් කෝටි 24,000ක් පමණ කොමිස් මුදලක් රාජපක්ෂ පවුලට ලැබෙන්නෙ කියන චෝදනාව ගැන සෙවිය යුතුය.
ටෙන්ඩර් කැඳවීමකින් තොරව චීන සමාගම්වලට පමණක් සංවර්ධන ව්‍යාපෘති බාර දෙන්නේ ඇයි ? අනෙකුත් සමාගම්වල මිළ ගනන් වලට වඩා චීන සමාගම්වල මිළ දෙතුන් ගුණයකින් වැඩි වෙන්නේ ඇයි? දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝ මීටරක් රුපියල් මිලියන 900 ට හදකොට එවැනිම කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කිලෝ මීටරයකට මිලියන 7200ක් ගෙවන්නේ ඇයි ? ඇස්තමේන්තුව වැඩි වන විට කොමිස් ප්‍රතිශතයද ඉහළ යයි... චීන ගනුදෙනු ගැන මේ වගේ ප්‍රශ්න වැලකි.
මෙරට ආයෝජයනය කරන්න එන විදේශ සමාගම් වලින් කොමිස් ඉල්ලන්නේ කවුදැයි සෙවිය යුතුය. පහුගියදා ලෝප්‍රකට ගූගල් සමාගම පැමිණි වෙලේ ආයෝජන මුදලෙන් සියයට 15 ඉල්ලූවේ කවුද? එම සමාගම රට හැර ගියේය. ලොකු කොමිස් ගෙවන ලෝක බැංකුව විසින් තහනම් කළ හොර චීන සමාගම් විතරක් මෙරට රැඳේ. අද චීනය ණය ආධාර ලබා දී සිදු කරන බොහෝ ව්‍යාපෘතීන්වල කොන්ත්‍රාත්තුව ලබාගෙන ඇත්තේ මෙලෙස තහනම් කළ සමාගම් විසින්ය.
ඒ වගේම සංවර්ධනය කියල කරපු මත්තල ගුවන් තොටුපොළ, හම්බන්තොට වරායෙන් ලැබෙන ප්‍රතිලාබයක් තිබේද? මත්තල ආදායම මාසයකට රුපියල් 16,000 ක්. හම්බන්තොටට නැවක් ආවම ඒක ජාතික පුවතක් වන තරමට අහම්බයක් වී තිබේ.
මිහින් ලංකා වැනි හීන මානය දුරුකර ගැනීම සඳහා , නව ගුවන් සේවා ආරම්බ කරමින් වසරකදී ලැබූ රුපියල් කෝටි 650ක දැවැන්ත පාඩුවට වගකියන්නේ කවුද? පැවැති ගුවන් සේවය වූ ශ්‍රිලංකන් ගුවන් සේවය පාඩු ලබන්නේද රුපියල් කෝටි දහස් ගනනින් (කෝටි 9000). සමෘද්ධි සහනාධාර බෙදන්න වැය කරන්නෙත් කෝටි දහසකට ආසන්න මුදලක්. මේ පාඩුවේ අගයෙන් පොහොර සහනාධාරයෙන් බාගයක් දෙන්න පුලූවන්.
පොහොර සහනාධාරය දීලා කෘෂී ආර්ථිකය ශක්තිමත් කළා කිව්වාට 2004න් පස්සේ එක වී බුසලක්වත් මේ වන කොට වැඩියෙන් ලැබිලා නෑ. රටේ දරුවන්ගේ මන්දපෝෂණය සියයට 40 යි 50 යි අතර.. ඊට පස්සේ බඩු මිළ ? යුද්දේ ඉවර උනාම කවුරුත් හිතුවා බඩු මිල සුටුස් ගාලා අඩුවෙයි කියලා. ඒත් උනේ මොකක්ද බදු පිට බදු වැදිණි. සියයට දාහක් විතර වෙනකනුත් ආහාර බදු වැඩි විය. අවුරුද්දකට රුපියල් කෝටි ලක්ෂයක් විතර අපෙන් බදු විදිහට එකතු කර ගන්නවා. හැබැයි ඒ බදු මුදලින් නඩත්තු වෙන්නේ රජ පවුලක්. ලැම්බෝගිනි, ඇස්ටන් මාර්ටින් පදින ළමයි හතර පස් දෙනෙකුට අපි රට බාර දෙන්නයි අපි මෙහෙම බදු ගෙවන්නේ.
එච්චරක්ද ? අයවැයෙන් රාජ්‍ය ආයතන සඳහා වෙන්කරන මුදල් වලින් අඩකටත් වැඩි ප්‍රමාණයක් (69%) වෙන් කරන්නේ රාජපක්ෂ පවුල යටතේ තියෙන ආයතන වලට. ඒත් මේ ආයතන කීයෙන් කීයද පාඩුවක් නොවෙන්න කරගෙන ගිහිල්ල තියෙන්නේ. රටේ ප්‍රධාන ආයතන 17 ක පාඩුව කෝටි 30,000 කට වඩා පෙන්වල තිබේ.
ජනාධිපතිවරයාගේ වියදමට වෙන් කරන මුදල ගනන හදලා බැලූවාම එක දවසකට ලක්ෂ 262ක් විතර වියදමට වෙන් කරලා. 2015 අවුරුද්දේ ගමන් වියදම් වලට විතරක් ලක්ෂ 8220ක් වෙන් කරගෙන. පසුගිය අවුරුදුවලත් අවුරුද්දෙ අන්තිමට මේ සල්ලි වලින් සතයක්වත් ඉතුරු වෙලා නෑ. ඒ සියල්ල වියදම්. මොනවටද..?
ජනාධිපතිවරයාගේ එක් පුතෙකුගේ සපත්තු කුට්ටමක මිළ රුපියල් 1,50,000 ක් කියල එයාම කියල තිබුණා. හැබැයි රුපියල් 600 සපත්තු කුට්ටමක් ගන්න බැරුව දිවිහානි කර ගත්තු දැරියක් සිටියෙත් මේ රටේමයි.
ජනාධිපතිගේ දරුවන්ට රේසින් කාර් 19 ක් ගෙනාවේ, කෝටි 90කට. ඊයේ පෙරේදා හෙළිවුණා, ඒංගලනත මහරැජිණියගේ බර්කින් හැම් මාළිගයේ හිටපු සිදු අශ්වයෙකුත් කෝටි ගණනක් දීලා ගෙනාපු විත්තිය.
ක්‍රීඩා ක්ෂේත්‍රයත් රටේ දූෂිතම පැත්තක් බවට පත්වෙලා. ක්‍රීඩා ඇමැතිවරයකුම කිව්වා ක්‍රිකට් කියන්න දූෂිතම තැන කියලා. ටිකට් පත් හොරකමේ ඉඳලා රූපවාහිනි විකාශන අයිතිය දක්වාම කෝටි ගනනෙන් වංචාවල් වෙලා.. එත් ක්‍රීඩාවෙන් කවුරුවත් දියුණු වුණේ නම් නෑ. ලක්ෂ 70,000ක් වියදම් කරලා හදපු සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණයක් තිබෙන බවවත් දැන් කාටවත් මතක නැතිව තියෙන්නේ ඇයිද යන්නත් සෙවීම වටින වැඩකි.
ලොකු ලොකු ඒවා විතරක් නෙවෙයි ගමේ සංවර්ධනයේ නාමයෙන් වන මංමාවත් ඉදිකිරීම සඳහා වැයවූ මුදලත් ඒ එක වැස්සට ගැලවී යන්නේ මන්දැයි දැන ගත යුතුය.
මාර්ග සංවර්ධනයට යන මුදලට වඩා ඒ වෙනුවෙන් කොමිස් මුදල්වලට යන බව රහසක් නොවේ. ගමේ පාරක් හදන්න පාස් වන රුපියල් ලක්ෂ විස්සෙන් ලක්ෂ 11ක්ම කොමිස් බව පසුගියදා එම කොන්ත්‍රාත්කරුවකු විසින්ම හෙළි කළේය.
උතුරු දුම්රිය මාර්ගය ඉදිකරන්නැයි කියමින් රටේම ජනතාවගෙන් එකතු කළ කෝටි ගනනක මුදලට සිදුවූයේ කුමක්දයි කිසිවකුත් කියන්නේ නැත. ඒවගේම මේ දුම්රිය මාර්ගයේ කොටසක් හදන්න දුම්රිය දෙපාර්තමේන්තුවට දීලා තිබුණ කිලෝමීටරයක් රුපියල්මිලියන 45කට ඉතුරු කොටහා ඉන්දියාවේ සමාගමකට දුන්නා මිලියන් 220 ගානේ.. දේශීය ආර්ථිකයක් හදන්නේ මෙහෙමද ? නෑ.., කොමිස් ඊට වඩා වටින්නේය. ඇත්ත එයය..
දැයට කිරුල වැනී මහා නාස්තිකාර සංදර්ශනවලට ගිය වියදමත් ඉන් රටට ලැබුණු ප්‍රතිලාබයක්වේ නම් ඒ හෙළි කර ගත යුතුය.
කොළඹ ඉඩම් වගේම පිට පළාත්වල ඉඩම් තුට්ටු දෙකට විදේශ සමාගම්වලට විකුණමින් සිටින්නේ ඇයි දැයි සෙවිය යුතුය. අක්කර 3200ක ගෝල්ෆෙස් ඉඩම චීන සමාගම් දෙකකට සියයට සීයේ බදු මුදල් අය නොකර සින්නක්කරේටම, ඒකත් තුට්ටු දෙකට විකුණලා දැම්මා දැන් ගොඩක් අයට අමතකයි.
සෝමාවතිය රක්ෂිතයේ අක්කර 11000ක් සුද්ද කර බහුජාතික සමාගමකට පවරන්න මෙතරම් මහන්සි ඇයි දැයි කිසිවකුත් නොදනී.
සංවර්ධනයේ නාමයෙන් මෙරට ගත් ණය වෙනුවෙන් ගෙවන්නට තිබෙන ණය හා පොලී මෙරට පුරවැසියන් ගනනෙන් බෙදාගත් විට ඒ ලක්ෂ 5කි. හැබැයි රාජපක්ෂ පවුලේ අදායම පහුගිය අවුරුදු නවයට රුපියල් කෝටි 24,000ක් කියලයි මේ ගනුදෙනු ගැන හොයපු බලපු ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වල දුන්නේ. ඒකත් චීන ගනුදෙනුවලින් විතරක්.
රටේ ආර්ථික සංවර්ධන වේගයක් ගැන රාජපක්ෂ ආණ්ඩුව කතා කරයි. ඒත් මේ රටේ වැඩිම ආර්ථික සංවර්ධනයක් පෙන්වන්නේ 1978 අවුරුද්දේ එක සියයට 8.2ක්. වත්මන් පාලකයෝ තමන් සියයට 8 ක වේගයක් පවත්වාගෙන යන බව කියයි. ඒත් මහ බැංකුවේ, සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ම වරක් කිව්ව මේක සැක සහිතයි, වැරදියි යනුවෙන්. ඇත්ත තමයි, ආර්ථිකය මෙහෙම සංවර්ධනය උනා නම් අපේ අතේ සල්ලි තියෙන්න ඕනෙ. ජේ ආර්ගේ කාලයේ ඕන තරම් වියදම් කරන්න අතේ සල්ලි තිබුණ කියල වැඩිහිටියෝ කියන්නේ ඇත්ත සංවර්ධනයක් එදා තිබුණ නිසා කියන එක පැහැදිලියි.
මතට තිත තබනවා කියමින් අපට පොරොන්දු වී බලය ගත්තත් අද වන තුරු එකදු මත්පැන් අලෙවි සලක්වත් වසන්නට හැකි වී නැහැ. 2005 න් පස්සේ අලූත් බාර් 362ක් පමණ එකතු විය. එමෙන්ම මත් පැන් හා දුම් වැටි නිශ්පාදනය අවුරුද්දෙන් අවුරුද්ද ඉහල ගිහිල්ලා කියලා ඒ පරික්ෂා කරනකොට පෙනෙයි. 2005 දී සැර මත්පැන් පාවිච්චිය ලීටර් 3,845 යි. 2013 දී 44,259 යි. ඊටත් වඩා මෙරට ලෝක කුඩු ජාවාරම්කාරයන්ගේ කේන්ද්‍රස්ථානය බවය පත්උනේ මේ මෑත වසර දෙක තුන තුලදී.
ඒ වගේම සූදූ පනතක් ගෙනවිත් සූදූ කැසිනෝ ඔට්ටු ඇල්ලීමේ දුරාචාර කටයුතු නිතිගත කළේය. කොළඹ මහා විශාල කැසිනෝ හොටල් තුනකටත් දැන් අවසර දී තිබේ. අලූතෙන් සූදු බලපත් තුන්සිය ගනනකුත් නිකුත් කරපු බව ආණ්ඩුවේ ලේඛන වලම සඳහන්ය. මෙහෙම ගියොත් කැසිනෝ සුදු සමඟ ගණිකා ව්‍යාපාරයත් ජයටම සිදුවෙනවා ඇත.
මෙරට අවුරුද දහස් ගනනක් තිස්සේ රැකගෙන ආ සංස්කෘතික සිරිත් විරිත් එකින් එක කෙලෙසා දැමීම මේ වසර කිහිපයේදී වඩා වේගයෙන් සිදුවෙමින් පැවැති බව පෙනුනි. මෙරට සියලූ ආගමිකයන්ගේ ගෞරවයට පාත්‍ර වූ ශ්‍රී දළදා මාලිගාව අද්දර කාර් රේස් පැදීමටත් අඩනිරුවත් නලඟනන් ගෙන්වා බාල් නැටීමටත් රාජපක්ෂ පවුලේ පුතාලා කටයුතු කළේය. ඊට මහනායක හිමිවරු දැඩි විරෝධය දැක්වූවත් ඊට කන් දුන්නේ නැත. එමෙන්ම ශ්‍රී පාදස්ථානයේ සංචාරක කලාපයක් කර ඒ ඓතිහාසික පුද බිම විනාශ කිරීමටද මේ වන විට පිඹුරුපත් සකසා අවසන්ය.
භික්ෂුවකගේ තිබුණ සංවරකම, සීලය කෙළසා දමා භික්ෂු ත්‍රස්තවාදයක් මෙරට ඇති කිරීම සඳහා පුරෝගාමී වූයේ මේ පාලන තන්ත්‍රය බව ඉතිහාස ගත වනවාද ඇත.
ඒ වගේම මෙරට කතෝලික ජනතාව සුදොතුම්පියතුමාගේ සංචාරය හේතුවෙන් ජනාධිපතිවරණය කල් දැමීමට ඉල්ලීම් කළ ද ඒ ගනනකටවත් නොගත් පාලකයෝ අවසන තර්ජනයෙන් ඒ බලපෑම නතර කර ගත්තේය. දැන් උන්වහසේව මැතිවරණ ප්‍රචාරක පොස්ටර්වලටත් යොදාගෙනය. ශ්‍රීපදස්ථානයේ සිට පූජනීය ස්ථාන සැමකම වාගේ ජනාධිපතිවරයාගේ මැතිවරණ කටවුට්ය.
රටේ කාන්තා හා ළමා අපචාරයන් ඉතිහාසයේ කෙදිනකවත් නැති ප්‍රමාණයකින් ඉහළයාම මේ පසුගිය අවුරුදු හය හත තුලදී සිදුවිය. ස්ත්‍රී දුෂණ පමණක් දිනකට පහක් හයක් පමණ පොලිසිවලට වාර්තා වෙයි. අපරාධ, පොලිස් පොත්වල මේ ගනන් ලොකු ඉලක්කම් වලින් ලියැවෙමින් තිබේ. ඒ අතර ස්ත්‍රී දූෂකයන් වූ ඇමැතිවරු 08 දෙනෙක්, නියෝජ්‍ය ඇමැතිවරු 05 දෙනෙක්, මන්ත්‍රීවරු 12 දෙනෙක්, පළාත්පාලන මන්ත්‍රීවරු 40ක් පමණ දෙනා ගැනත් චෝදනා ඉදිරිපත් විය.
රටේ නිදහස් අධ්‍යාපනයක් දැන් ඇත්තේ නැති තරම්. ගොඩනැගිලි ටිකකුත් ගුරුවරුන්ගේ පඩි ගෙවීමත් හැර අන් සියල්ල මාපියන් මත අතහැරලා. රජයක් විසින් අධ්‍යාපනයට වෙන් කළ අඩුම මුදල ලැබුණේ පසුගිය අයවැයෙන්. ඒ ක්‍රමානුකූලව වසර 10ක් තිස්සේ කපාහැර තිබෙන බව ඒ සංඛ්‍යා ලේඛනවල පෙන්වා දි තිබේ. සෞඛ්‍ය සේවය ගත්තත අද පැරසිටමෝල් පෙත්ත ගන්න සිදුව තිබෙන්නේ පාර්මසියෙනි. අධ්‍යාපනයට වෙන් කරන්නේ බිලියන් 30 ක වගේ මුදලක්.(මෙය ඛනිජ තෙල් සංස්ථාවේ පාඩුවට සමානයි) නමුත් අලූතෙන් ඉදිකරන ආරක්ෂක මුලස්ථාන ගොඩනැගිල්ලට විතරක් බිලියන 20 ක් වියදම් කරයි. යුද්ධය නිසා උතුරේ ගෙවල් ලක්ෂයකට වැඩිය විනාශ විය. ඒත් නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශයට වෙන් කරන්නේ බිලියන 1.7 යි නිවාස අමාත්‍යංශයට බිලියන 2.1 යි.
රටේ ඇත්තටම සංවර්ධනයක් වෙන්නෙ කොහෙද කියන එක දැන් පැහැදිලි වෙන්න ඔනේ.
මේ සියල්ලත් සමඟ මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා වියදම් කරන මුදල් කන්දරාව කොහෙන් ලැබුණක්ද ? යන්න සොයා ගැනීම වෙහෙසකර වුවත් ඒ අපිට බුද්ධිමත් ලෙස තීන්දුවක් ගැනීමට උපකාරී වනු ඇත.
වීරයා ද්‍රෝහියා වෙන් කර ගැනීම
මේ වගේ රාජපක්ෂ පාලනයේ අද දකින්නට ලැබෙන තවත් විස්තර මහ ගොඩක් ඉදිරිපත් කළ හැකියි.
මේ තරම් හෑල්ලක් මෙහෙම ලියන්න සිදුඋනේ අපේ අනාගතය සම්බන්ධයෙන් බරපතල තීන්දුවක් ගතයුතු අවස්ථාවක් ලබන ජනවාරි 08 වෙනි දින එළඹෙන නිසාය.
අපි මිට වසර 10 කට පෙරත් ඊටත් වසර 10 කට පෙරත් තීන්දු ගත්තේ එහෙම ගොඩක් සිතා බලාය.
තිබුණු ආණ්ඩු පෙරලන්නත් එවගේම රැක ගන්නත් අපිට සාධාරණ හේතු තිබිණි.
මේ එළඹ ඇත්තේද එලෙස සාධාරණව කල්පනා කර තමන්ගේත් තමන්ගේ දූදරුවන්ගේත් රටෙත් අනාගතය ගැන කල්පනා කර පැහැදිලි තීන්දුවක් දිය යුතු අවස්ථාවකි. එක හරියට කිරෙන් දිය වෙන් කර ගන්නවා වගේ අමාරු වෙන්න පුළුවන්. ඒත් ඒ තීන්දුව ගත යුතුමයි.
වීරයෝ තැනිය යුත්තේ අප විසින්ය. ද්‍රෝහීන් පලවා හැරිය යුත්තේද අප විසින්ය.
ඉතිහාසයේ ගොඩනැගූ වීරයන් අද ද්‍රෝහීන් නම් ඔවුන් පලවා හැරියයුතු බවට විවාදයක් නැත.
මෙහි ජූරිය වියයුත්තේ ඔබයි..
ඔබේ තීන්දුව ඔබට ඔබේ දුවා දරුවාට ඥාතියාට, අසල් වැසියාට, සමාජයට, රටට.., සාධාරණ වියයුතුයි.
වෙනසකට එක්වෙමු ! පොදු අපට මෛත්‍රීපාලනයක් !!
- එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන බලකායේ ප්‍රකාශනයකි.