මාලනියනි, ඔබ කැමති ඉතිහාසයේ රන් බඳුනට ද? කුණු බක්කියට ද?

Thursday, 01 January 2015 08:02

නට්සිවාදීහු කොමියුනිස්ට්වාදීන් අත් අඩංගුවට ගත්හ
මම කිසිවක් නො කීවෙමි
මන්ද, මා කොමියුනිස්ට්වාදියකු නො වන බැවිනි


ඔවුහූ ප්‍රජාතන්ත්‍රවාදීන් සිරගත කළෝ ය
මම කිසිවක් නො කීවෙමි
මන්ද, මා ප්‍රජාතන්ත්‍රවාදීයකු නො වන බැවිනි


ඔවුහූ කම්කරු නායකයන් අත් අඩංගුවට ගත්හ
මම කිසිවක් නො කීවෙමි
මන්ද, මා කම්කරු නායකයකු නො වන බැවිනි


ඔවුහූ යුදෙව්වන් සිරගත කළහ
මම කිසිවක් නො කීවෙමි
මන්ද, මා යුදෙව්වකු නො වන බැවිනි


අවසානයේ ඒ මෘගයෝ මා සොයා පැමිණියහ
එයට එරෙහි වන්නට කිසිවකුත් නො සිටියේ ය


මන්ද ඒ වන විටත් බොහෝ දෙනා ම සිරගතවත්
තවත් පිරිස් මරා දමාත් තිබූ බැවිනි

- දේවගැති මාර්ටින් නිලමොර්

මාර්ටින් නිලමෝර් නමැති දේවගැතිවරයාගේ මෙම කවියට සමාන අදහසක් මේ රටේ දෙමළ ජාතිකයකුත් කිව්වා අපිට හොඳට මතකයි. ඔහු තමයි කුට්ටමනී. ඔහු එදා කිව්වෙ ‘‘අද උතුරට එරෙහිව එල්ල කරන අවිය හෙට දකුණට එරෙහිව එල්ල කරන බව මතක තියාගන්න’’ කියල. ඔහුගෙ ප්‍රකාශය යථාර්ථයක් කරමින් වසර පහක් ඉවර වෙන්න කලින් දකුණේ හැටදහසක් පමණ තරුණ තරුණියන් පිරිසක් ටයර් සෑයවල්වල පිච්චුණා. ගංගා, ඇළ දොළවල්වල සහ මහ මුහුදේ පා වුණා; දකුණේ වෙරළ තීරයේ දිගට ම ඒ තරුණ තරුණියන්ගේ මළ සිරුරු ගොඩගහන්න පටන්ගත්තා. ඒ සියල්ල අමතක කරපු සිංහල ප්‍රමුඛ මේ රටේ ජනතාව දෙවන වතාවටත් උතුරේ මහා සංහාරයකට ඉඩකඩ සැලසුවා. ඒ සංහාරය කරපු රාජ්‍ය ආරක්ෂක අංශයට ‘‘නිල් මානෙල් මල්’’ පැලැන්දුවා. ඒ සංහාරයේ උච්චතම අවස්ථාව එලඹෙන්නෙ 2009 දි. 2014 දි ඒ ආරක්ෂක හමුදාව ම බොන්න පිරිසිදු වතුර ඉල්ලපු දකුණේ සිංහලයන්ට එරෙහිව තමන්ගෙ අවි එල්ල කරල අහිංසක ජිවිතයක් බිලි ගත්තා. ඒ නිල මට්ටමෙන්. නිල නොවන විදියට මාධ්‍යෙව්දීන්, කලාකරුවන් සහ මේ පාලකයන්ට එරෙහිව නැගී සිටි විශ්වවිද්‍යාල ශිෂ්‍යන් පවා අභිරහස් විදියට ඝාතනය කරා.

දෙනෝදාහක් මැද මහ දවාලෙ තමන්ගෙ ම දේශපාලන සගයෙක් ඝාතනය කරා. ඒ, මේ අත්තනෝමතික පාලකයන්ගෙ ම තවත් දේශපාලකයෙක්. අවසානයේ ඝාතනයට ලක්වුණ දේශපාලකයාගේ දියණියටත් ඒ පාලකයන්ට එරෙහිව හඬක් නගන්න විදියක් නැතුව උන් සමග ම එකතු වුණා. නමුත් මේ වන විට ඇය තමන්ගේ ගමන් මග වෙනස් කරමින් ඇගේ අයිතීන් වෙනුවෙන්; සිය පියාගේ ආත්ම ගෞරවය වෙනුවෙන් මිතුරු පාර්ශවය සමග අත්වැල් බැඳගෙන ඉන්නවා. ඒක අපිට ආඩම්බරයක්. නමුත් ඊට වඩා දැවැන්ත ඛේදවාචකයකට දැන් අපි මුහුණ දෙමින් සිටිනවා. මොකක්ද ඒ ඛේදවාචකය...?

පසුගිය 29 දින කුරුණෑගල කුඹුක්ගැටේ ප්‍රදේශයේ දී ‘‘නිල් බලකාය’’ කියන මැර බලකායෙ මැරයො පිරිසක් මේ රටේ යොවුන් කලාකරුවන් පිරිසකට පහර දුන්නා. ඒ පහර දීමෙදී සමනලි ෆොන්සේකා නමැති කලාකාරිනිය සහ ලක්ෂ්මන් විජේසේකර නමති කලාකරුවා තුවාල ලබනවා. සමනලිත් ඇත්තට ම සමනලියක් වගේ අහිංසකයි. ලක්ෂ්මන් විජේසේකර කියන්නෙත් සමනලයෙක් වගේ ම අහිංසක කලාකරුවෙක්. ඔහු මේ වනතුරු අත්තනෝමතික පාලකයන්ට කඩේ ගියෙත් නැහැ. වෙනත් කිසිම දේශපාලන ව්‍යාපාරයකට සම්බන්ධ වෙලා දේශපාලනය කරතේ නැහැ. නමුත් රටට වෙමින් පවතින මේ විනාශය දැක දැකත් නිහඬව සිටීමේ නොහැකියාව නිසා තමයි ඔහු වීදියට බැහැල තමන්ගෙ කලා මාධ්‍යය හරහා ජනතාව දැනුවත් කරන්න උත්සාහ කරන්නෙ.

නමුත් අවසානයේ ඒ මෘග රැළ ජයතිලක බණ්ඩාර නමැති විප්ලවකාරී, රැඩිකල් කලාකරුවට පහර දුන්න ආකාරයෙන් ම අමානුෂික ආකාරයට ලක්ෂ්මන් විජේසේකර කලාකරුවාටත් පහර දෙනවා. ජයතිලක බණ්ඩාර කියන්නෙ වසර ගණනාවක් අයුක්තිය අසාධාරණය වෙනුවෙන් තමන්ගෙ කලා මාධ්‍යය නිවැරදිව ම භාවිතා කරපු කලාකරුවෙක්. මුදලට නොවිකුණුණ කලාකරුවෙක්. මේ කිසිම කෙනෙක් පවතින මිනිමරු ආණ්ඩුවේ කිසිඳු පුද්ගලයකුගෙ ඥාතියෙක්, හිතවතෙක් හෝ මිත්‍රයෙක් නෙවෙයි. නමුත් සමනලී ෆොන්සේකා...?

සමනලී ෆොන්සේකා කියන්නෙ ‘හෙළයේ නිළි රැජන’’ නමින් විරුදාවලි ලබපු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනී මාලනි ෆොන්සේකා මහත්මියගෙ අයියගෙ දියණිය. (මිනී මරුවන්ට තමන්ට විරුද්ධ වෙන පුද්ගලයාගේ තරාතිරම වැදගත් නොවන බව මේ මොහොතේ සිහිපත් කරන්න ඕන) දැන් තමන්ගෙ අයියගේ දිණියගේ ලේ සොලවන්නෙ තමන් නියෝජනය කරණ ආණ්ඩු පක්ෂයේ මැර කණ්ඩායමක්; රටේ ප්‍රධානියාගේ පුතා විසින් මෙහෙයවනු ලබන නිල ලත් මැර කණ්ඩායමක්. වඩාත් පැහැදිලිව කියනව නම් දැන් තමන් නියෝජනය කරන ආණ්ඩුවේ මැරයො තමන්ගෙම නිවසටත් ඇවිත් පහර දෙනවා.

නමුත් මේ ගරු මන්ත්‍රිතුමිය තවමත් ඇස් කන් සහ කටත් වහගෙන පැත්තකට වෙලා ඉන්නවා. මේ ගරු මන්ත්‍රීතුමිය පාර්ලිමේන්තුවට යන්නෙ තමන්ට තිබුණ ජනප්‍රියත්වය හේතුවෙන්. එහෙම නැතුව මන්ත්‍රීවරියක් වෙන්න කිසිම සුදුසුකමක් තිබුණ කාන්තාවක් නෙවෙයි. දැන් මොකද වෙලා තියෙන්නෙ? ඒ බල තන්හාව නිසා තමන්ගෙ දියණියට (තමන්ගෙ දරුව මොකද තමන්ගෙ අයියගෙ දරුව මොකද) පහර දීපු මැරයොත් එක්ක එක පතේ වළඳනවා. අවම වශයෙන් මේ කලාකරුවන්ට පහර දිපු එක සම්බන්ධයෙන් විරෝධතාවයක් ප්‍රකාශ කරන්නවත් මේ මන්ත්‍රීතුමිය කට ඇරියෙ නැහැ. මේ වෙන මොනවත් නෙවෙයි බල තන්හාව; ලජ්ජාවක් නැතිකම. මොකද අපි දන්නව මේ මන්ත්‍රීතුමියට එරෙහි ලිපිගොනු මොනවත් රටේ පාලකය ළඟ නැති බව. ඒත් මේ මන්ත්‍රිතුමිය තමන්ගෙ දරුවට පහර දුන්නමවත් ඒ පිළිබඳ කොන්ද කෙලින් තියාගෙන තිරණයක් ගන්නෙ නැහැ. පාර්ලිමේන්තුවේ ආණ්ඩුව නියෝජනය කරන අනෙක් අපත කලාකරුවන්ගෙන් නම් කොහොමටත් වැඩක් නැහැ. උන් හැම එකාම එක එක කාලවලදි ‘වාසි පැත්තට හෝයියා’ කියපු එවුන්. ඒත් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි මාලනී සෙනෙහලතා ෆොන්සේකා...?

ලජ්ජයි ගරු මන්ත්‍රිතුමියනි! ලජ්ජයි!! ඔබ ඇඳුමක් ඇඳගෙන තවත් ඔය පාර්ලිමේන්තුව නියෝජනය කරනවා කියන්නෙ නිරුවතින් පාරෙ බැහැල යනවටත් වඩා ලජ්ජයි!!! අවම වශයෙන් ඔබ තමන්ගෙ දියණිය ප්‍රමුඛ කලාකරුවන්ට පහරදීම පිළිබඳ විරෝධය පළ කරන්නවත් පෙලඹුණේ නැහැ. ඔබව ඔය තැනට ඔසවා තැබුවේ ඔබේ දක්ෂතාවන් වගේ ම මේ රටේ ඉන්න සුවහසක් ප්‍රේක්ෂකයො; රසිකයො. අවම වශයෙන් ඒ රසිකයන්ට, ප්‍රේක්ෂකයන්ට යුතුකම් ඉටුකිරීමක් ලෙස හෝ මේ මිනීමරු පාලකයන්ට එරෙහිව වීදි බසින්න; ඔය අසුචි වළෙන් ගොඩවෙලා මෙතෙක් කාලයක් ඔබතුමිය සමග හිටපු රසික රසිකාවියන් සමග අත්වැල් බැඳගන්න.

එහෙම නොවුනොත් හෙට දිනයේ ඔබේ සොහොයුරාටත් මුන් පහර දෙන එක හොඳට ම විශ්වාසයි. ඔබගේ සොහොයුරිය සහ ඇගේ සැමියත් ජනතාව වෙනුවෙන් වීදි බැහපු වෙලාවෙ ඔබ තවමත් විලි ලැජ්ජා නැතුව කාලකණ්ණි, අත්තනෝමත්ක, ඒකාධිපතියගෙ ආණ්ඩුවෙ මන්ත්‍රීවරියක් විදියට කටයුතු කරනවා. නැවත නැවතත් මේ ගැන හිතන්න; තමන්ට කොන්දක් තියෙනව ද කියල ඔබතුමිය ම තීරණය කරන්න. ඔබේ රසිකයන් දිහා. ඔබේ සොහොයුරා දිහා. ඔබේ සොහොයුරිය දිහා, ඔබේ දියණිය දිහා ආපසු හැරිල බලන්න. රටේ ජනතාව ගැන නෙවෙයි තමන්ගෙ එවුන් ගැනවත් හිතන්න. එසේ නොවණ හොත් ඉතිහාසයේ රන්බඳුනක තැන්පත් වෙන්න ඕන ඔබේ නාමය ඉතිහාසයේ කුණු බක්කියට වැටෙන එක නම් ඉර හඳ වගේ විශ්වාසයි.

 

ගාමිණී එදිරිසිංහ - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us