කුමාර්ගේ (පෙසප) අලුත්ම නාටකය

Friday, 02 January 2015 08:51

ආතර් කොනන් ඩොයිලි කියන ලේඛකයට නයිට් නාමයක් ලැබුණෙ එයා රහස්පරීක්ෂක ප්‍රබන්ධකරුවෙක් වුණ නිසා. එයාගෙ ප්‍රබන්ධ ඇතුළෙ හිටපු රහස්පරීක්ෂයගෙ නම ‘‘ෂර්ලොක් හෝම්’’ මේ ෂර්ලොක් හෝම් රහස් පරීක්ෂණ කරේ කොන්ත්‍රාත් පදනම යටතේ.

එයාට ලෝකයේ විවිධ රටවල්වලින් ඒ වෙනුවෙන් ලොකු මුදලක් ගෙව්වා. එයා විවිධ රටවල්වලට ගිහින් ඒ ඒ රටවල්වල බුද්ධි අංශවලටත් හොයාගන්න බැරිවුණ මිනි මැරුම්, මංකොල්කෑම් වගේ අපරාධ ගැන හොයල ඒවට සම්බන්ධ වුණ පුද්ගලයන්/කණ්ඩායම් නීතියේ රැහැනට අල්ලල දුන්නෙ ලෝකය ම පුදුමයට පත්කරමින්. හැබැයි ඉතින් ඒ හැම එකක් ම කරේ ප්‍රබන්ධ සාහිත්‍යය ඇතුළෙ හිටපු චරිතයක් මිස හැබෑ ලෝකයේ ජීවත්වුණ චරිතයක් නෙවෙයි.

ඒ වගේ ම අපි දන්නවා ලෝක සිනමා වංශ කතාවේ ජේම්ස් බොන්ඩ්ටත් හිමි වෙන්නෙ මේ වගේම තැනක්. එයත් මේ විදියට ම කොන්ත්‍රාත් පදනම යටතේ හොරු, මංකොල්ලකාරයො, කූට ව්‍යාපාරිකයො, මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයො නීතියට කොටුකරගන්න දිවි පරදුවට තියල සටන් කරන චරිතයක්. ඒ චරිතය සීමා වුණෙත් සාහිත්‍යයට සහ සිනමාවට විතරයි. ඒ මිසක එහෙම චරිතයක් සැබැවින් ම හිටියෙ නැහැ. නමුත් අපි කවදාවත් අහල නෑ දේශපාලන ව්‍යාපාරයක් රහස් පරීක්ෂක වැඩ කොන්ත්‍රාත් අරගෙන තියෙනව කියල. තමන්ගෙ පක්ෂයේ වුවමනාව වෙනුවෙන් විවිධාකාරයේ රහස් පරීක්ෂක වැඩ කරන බව ඇත්ත. නමුත් දේශපාලන භූමියේ අනෙකා වීමේ වුවමනාවට එහෙමත් නැත්නම් පවතින මිනිමරු පාලකයන්ගේ වුවමනාවට කොන්ත්‍රාත් කරපු බවක් නම් අපි අහල නැහැ.

21 වෙනි ශතවර්ෂයේ පළමු දශකය අවසන් වෙනකොට දේශපාලන ව්‍යාපාරත් (විශේෂයෙන් ම වමේ) රහස්පරීක්ෂක වැඩ කොන්ත්‍රාත් ගන්න යොමු වෙලා. මේ පක්ෂය තමයි ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වෙලා වෙනම පක්ෂයක් පිහිටව ගත්ත පෙරටුගාමී සමාජවාදී පක්ෂය. ඒකෙ නායකය තමයි මේ අලුත්ම රහස් ප‍රීක්ෂක කොන්ත්‍රාත්කාරයා. මොකක් ද මේ අයට බාර දීපු කොන්ත්‍රාත් එක? ජනතා විමුක්ති පෙරමුණයි මෛත්‍රිපාල සිරිසේනයි අතර ගැහුව කියන හොර ගිවිසුම මොකක් ද කියල හොයල ඒක රටේ ජනතාවට කියන එක. බලන්න පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ නායකය මේ ගැන මොනතරම් උනන්දු ද කියල... එයා ඒ වෙනුවෙන් ම ඕස්ට්‍රේලියාවෙ ඉඳල ඊයෙ ලංකාවට ආවා. නිකං නෙවෙයි එයා විසා නැතුව ලංකාවෙ හිටියට ගෙවන්න තිබුණ දඩ මුදලත් ගෙවලයි ආවෙ.

දැන් පෙරටුගාමීන් කියනවා ජනතා විමුක්ති පෙරමුණ සහ මෛත්‍රිපාල සිරිසේන අතර රහස් ගිවිසුමක් තියෙනවා කියල. ඒ විතරක් නෙවෙයි ඒ පක්ෂයේ ප්‍රධානියා වෙච්ච කුමාර් ගුණරත්නම් ඒක හෙළි කරන්න ඕට්‍රේලියාවෙ ඉඳල ලංකාවට එනවා. බලන්න මොනතරම් දක්ෂ රහස් පරීක්ෂක කණ්ඩායමක් ද කියල. මේකෙන් අපිට තව කාරණයක් ඔප්පු වෙනවා. ඒ තමයි ලංකාවේ රහස් පරික්ෂණ අංශයයි බුද්ධි අංශයයි හොඳටම පල්ලම් බහැපු බව. ඒකනෙ ආණ්ඩු පක්ෂයේ ලේකම්වරයා පොදු අපේක්ෂකයා වෙනකම් ඒගොල්ලොන්ට හොයාගන්න බැරිවුණේ. දැන් වෙද්දි ජනතා විමුක්ති පෙරමුණයි මෛත්‍රීපාල සිරිසේනයි අතර ගහපු ගිවිසුමක් හෙළි කරන්න කුමාර් ගුණරත්නම් ඕස්ට්‍රේලියාවෙ ඉඳල ලංකාවට එන්නෙත් ඒකනෙ. හැබැට ම රටකට ගිය කලක්!


කවුරු මොන විදියෙ දේශපාලනයක නිරත වුණත් අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි තමන්ගෙ අනෙකා පරද්දන්න හිතාගෙන රටේ ජනතාව බිල්ලට දෙන එකනම් නරක පූර්වාදර්ශයක්. මේ වෙලාවෙ ජනතා විමුක්ති පෙරමුණ කරමින් ඉන්නෙ රටේ ජනතාව වෙනුවෙන් කරන්න පුළුවන් හොඳ ම දේ කියන එකේ ආයෙ තර්කයක් නැහැ. ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව මොනතරම් විවේචන තිබුණත් ඒ සියල්ල පැත්තකට දාල ඒ පක්ෂය මේ මොහොතෙ කරන දේ අගය කළ යුතුයි.

මොකද ඒ පක්ෂය කෙරෙහි අපේ කවදත් තිබුණෙ මිතුරු ප්‍රතිවිරෝධයක් මිස සතුරු ප්‍රතිවිරෝධයක් නෙවෙයි. (පෙරටුගාමීන් ගැනත් එහෙම ම තමයි) ජවිපෙ කරන හම වැඩක් ම නරකයි කියන්නත් හැම වැඩක් ම හොඳයි කියන්නත් අපිට වුවමනා නැහැ. ඒ පක්ෂය විසින් ඉතිහාසයේ වැරදි තීරණ ගත්ත වෙලාවෙ ඒක වැරදියි කියන්න අපි පසුබට වුණේ නැහැ වගේ ම මේ මොහොතෙ ඔවුන් කරමින් ඉන්න කටයුත්ත හොඳයි කියන්නත් අපි පසුබට වෙන්නෙ නැහැ.

ඒ වගේ ම පෙරටුගාමීන් මේ මොහොතෙ කරන්නෙ මොකක් ද කියලත් අපිට විවේචනයක් තියෙනවා. මොකද එයාල මේ මොහොතෙ කරන්නෙ තමන්ගෙ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් පවතින දූෂිත පාලනයට උඩගෙඩි දෙන එක. ඒ කොන්ත්‍රාත් එක වඩාත් හොදින් කරගෙන යන්න තමයි රාජ්‍ය අනුග්‍රහය ඇතුව ම ඒ පක්ෂයේ නායකය සහ දරු පවුල ලංකාවට එන්නෙ. මොකද දැන් පවතින්නෙ රාජපක්ෂ පවුල කුජිත වෙලා ඉන්න මොහොතක්. ඒකෙන් ගැලවෙන්න රාජපක්ෂ පවුල ඕනම දෙයක් කරන්න සූදානම්.

පෙරටුගාමීන් කරන්නෙ මේ අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන තමන්ගෙ එකම හතුරයි කියල හිතාගෙන ඉන්න ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳ ජනතාව අතර අප්‍රසාදයක් අති කරන්න. මේ දෙගොල්ලොම එදා කිව්ව රනිල් ප්‍රභා හොර ගිවිසුමක් තියෙනවා කියල. දෙගොල්ලම යුද්ධය කරගෙන යන්න උඩගෙඩි දුන්නා. ඒකෙ අවසන් ප්‍රතිඵලය වුණේ උතුරේ අහිංසක ජනතාව හතළිස් දහසකටත් වැඩියෙන් තිරිසන් විදියට ඝාතනය කරපු එක. දැන් ඒ ඝාතනයට හවුල් වුණ එක කණ්ඩායමක් වුණ පෙරටුගාමින් හදනවා ඒ ක්‍රෑර පාලකයාගේ පරාජය වළක්වන්න.

දේශපාලකයො ඉතිහාසයේ හැමදාමත් මේ විදියට ජනතාව රවැට්ටුවා. දැන් රාජපක්ෂවරුන් සහ උන්ගෙ බත්බැලයො හැම තැනම කියමින් යන්නෙ මොකක් ද ‘‘රහස් ගිවිසුම්, රහස් ගිවිසුම්, රහස් ගිවිසුම්’’ කියල. රටක බුද්ධි අංශයක් තියෙනවා, රහස් පරීක්ෂණ අංශයක් තියෙනවා. ඒ කාටවත් හොයාගන්න බැරි වුණ රහස් ගිවිසුමක් හොයන්න පිට රටක ඉඳල වාමවාදි පක්ෂයක නායකයෙක් එනවා. මේක තමයි මම හිතන්නෙ විසිඑක්වන සියවසේ හොඳම විහිළුව. හැබැයි කුමාර් මහත්තයෝ ඔයාල දැනගන්න ඔයාල මේ කරන්න හදන්නෙ ඉතිහාසයේ ලොකු ම සහ නින්දිත ම පාවා දීම බව.

එදා හිටපු හොඳම පාවා දෙන්නා විදියට ප්‍රසිද්ධ වුණේ පිළිමතලාවේ ඇතුළු කණ්ඩායම. ඔයාල ඔය විදියට රාජපක්ෂලාට කඩේ ගියොත් වෙන්නෙ පිළිමතලාවේ තියපු වාර්තාව කඩලා ලක් ඉතිහාසයේ හොඳම පාවා දෙන්නා/කණ්ඩායම විදියට කුමාර් ගුණරත්නම්/පෙරටුගාමි සමාජවාදි පක්ෂය ඉතිහාසගතවෙන එක. ඒ විතරක් නෙවෙයි ඒ වෙනුවෙන් වන්දි ගෙවන්නත් වෙන එක සිකුරුයි. ඒ නිසා ඔයාල ඔයාලගෙ දේශපාලනය කරගෙන යන්න ඒ ගැන අපේ හිතේ අබමල් රේණුවකවත් තරහක්, ඊර්ෂ්‍යාවක්, ක්‍රෝධයක් නැහැ. හැබැයි තමන්ගේ අනෙකාට වඩා ඉහළින් යන්න ගිහින් රටේ ජනතාවගේ අනාගතය බිල්ලට දෙන්න එපා. එහෙම වුණොත් වෙන්නෙ කුඤ්ඤය ගලවන්න ගිය වඳුරට වෙච්ච දේ.

ගයාන් නානායක්කාර - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Last modified on Friday, 02 January 2015 08:54

Leave a comment

Gossip

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us