කෘෂිකර්මයේ දැවෙන ප්‍රශ්න ඇති රටක වල් ඌරා ලොකුම ගැටලුව වීම

Friday, 21 September 2018 21:20

අපේ එක්තරා වන වගා ව්‍යාපෘතියක් තියෙනවා රක්වාන ප්‍රදේශයේ. මේක රක්වාන කඳුවැටියේ අක්කර 100 කට වඩා විශාල නිතර ගිනි තැබීම් වලට ලක්වෙන කන්දක්. අපි මේකේ අක්කර 10ක් මේ වෙනකොට හිටවල ඉවරයි. ඌරෝ අපිට තියෙන එක තර්ජනයක්. අපි මේ වෙනකොට හිටවල තියෙන පැල ප්‍රමාණය ආසන්න වශයෙන් 2500 ක්. මේකෙන් 30 ත් 50ත් අතර ප්‍රමාණයක් උපරිම වශයෙන් ඌරෝ හානි කරලා මැරුණා. ඒ කියන්නේ ප්‍රතිශතයක් විදිහට 2% ක් වගේ. අපි ඒවා ආපහු හිටෙව්වා.

නියඟයට අපේ පැල තවත් 100 ක් විතර මැරිලා. යන්තන් දවස් 3 කට කලින් වැස්ස. තව මැරෙන එකක් නෑ. එතකොට වියලීම හින්ද පසුගිය අවුරුද්දට පැල දෙතුන් සීයක්වත් මරුන. ඒක ප්‍රතිශතයක් විදිහට 10% කටත් වැඩියි.

හැබැයි අපිට ඕන ඌරෝ ටික මරන්න උන්ව එතනින් අයින් කරලා දාන්න. මොකද උන් හින්ද අපේ අස්වැන්නෙන් 2%ක් විනාශ වෙන හින්ද.

මෙන්න මෙහෙම තමයි හුඟාක් තැන්වල. වඳුරෝ ඌරෝ මොනරු ඉත්තාවෝ ඔක්කොම සත්තු මෙහෙම බලනකොට් මරන්න වෙනවා. ඒ වගේම තව ටික අලෙකින් වගා හානිය නිසා අලිත් මෙහෙම මරන්න වෙනවා. මොනවද අපි මේ කරන්නේ? පරිසරයේ සමතුලිතාව බිඳලා, සත්තුන්ගේ භුමි ආක්‍රමනයකරලා, උන්ගේ කෑම බීම හිඟ කරලා, උන් බොන වතුර ටික කොන්ක්‍රීට් කානුවලින් අපිට අරගෙන අන්තිම කෑම වතුර හොයාගෙන එන මේ සත්තුන්වත් මරණ කනවා.

ලංකාවේ භෝග හානිය වැඩියෙන්ම කරන්නේ වල් ඌරෝලු. කවුරුහරි දීපු වාර්තාවක් බලාගෙන අපේ නායකයෝ කියනව.ඒකත් කාලෙන් කාලෙට වෙනස් වෙනවා, වෙලාවකට එතනට අලි එනවා, වෙලාවකට වඳුරෝ. වල් ඌරෝ දකින්න ලැබෙන්නේ ප්‍රදේශ සුළු ප්‍රමාණයක පමණයි. ඉස්ස්සර ඒ ප්‍රදේශවල මිනිස්සු දැනන් හිටිය වගාව බේරගන්න. හැබැයි දැන් කම්මැලිවෙලා වගාව බේරාගන්නවා වෙනුවට වගාවට හානිවෙන හැම ජීවී අජීවී දෙයක්ම නැතිකරන්න පටන් අරන්. වස විස ගහන හැටියට, වතුරට පවා වස දාන, හක්කපටස් වලින් සත්තු මරණ විදියෙන් පේනවා අපි කොච්චර ආත්මාර්ථකාමීද කියල. හුඟාක් වෙලාවට මේ "හෙළ බොදු ගොවි".

අපේ අස්වැන්නෙන් බහුතරයක් විනාශ වෙන්නේ වෙළඳ පලට එන අතරතුර නැත්තන් ආවට පස්සේ. ඒකට විසඳුම් නෑ. නියඟයට එක පාර වගා රටපුරා විනාශ වෙනවා. ගන්වතුරටත් එහෙමයි. ඒ වගේමයි නොයෙක් රෝග වලින්. මේවට විසඳුම් හොයනවා වෙනුවට අපි ඌරෝ ටික මරමු.

අපි අපේ රක්වානේ වන ව්‍යාපෘතියට ගියාම ඉන්නේ කෑම්පින් ටෙන්ට් වල. හුඟාක් එලාවට රෑට ඇහෙනවා මෙයාල අහල පහළින්ම යනවා. රංචුවම. බල්ලොත් බුරනවා මේ ගොල්ලෝ යනකන්ම. හැබැයි උන් නෙමෙයි තකන්නේ. හොඳට කාල තේ වතු අස්සෙන් එලිමහනෙන් පිට්ටනිය ලඟින් පොලවා හාර හාර ගෙදර වගේ රෑ ජාමේ යනවා.
තව දෙයක් මේ ඌරෝ රංචුව ආසන්න වශයෙන් 20ක වගේ රංචුවක්. මම ඇස් දෙකට දැකපු අවස්ථා දෙකයි, හැබැයි උන් අපිව ගණන් ගන්නෙත් නෑ. මොකද මේ ප්‍රදේශයේ මිනිස්සු හොරෙන් ගස් කැපුවට, කසිප්පු පේරුවට සත්තු මරන්නේ නෑ. ලොකු වගා හානියකුත් නෑ.

ඒ වගේම අපි පෙරේද ඇල්ලුවා රක්ෂිතයකින් නිතර වල් ඌරෝ වගේ සත්තු මරණ කෙනෙක්. දැන් මේ වගේ අයටත් හොඳ උත්තරයක් තියෙනවා.

කොහොම නමුත් වැඩේ හොයල බැලුවම ඇමතිතුමාගේ උපදේශක කියනවා තාම මේක සාකච්ඡා මට්ටමේ විතරලු තියෙන්නේ. අපිව ඔය වගේ තීරණයක් ගන්නවනං අනිවාර්යෙන් කැඳවනවා කිව්වා සාකච්ඡාවකට. මන් ඇහුවේ කවුද ඔය වගේ උපදෙස් දෙන්නේ කියල. මොකද සංඛ්‍යාලේඛන අරගෙන බැලුවොත් මුලින්ම මරන්න වෙනේ අලි.

ඇමතිතුමාගේ මාධ්‍ය ලේකම් කියනවා එයත් අද පත්තරෙන් ලු දැක්කේ. එහෙම දෙයක් දන්නේ නෑලු. මම කිව්වා පත්තරවල හැටියට නම් තීරණ අරන් ඉවරයි වගේ කියල. හොයල බලල කියන්නම්ලු. ඔන්න ඕකයි අලුත් ම තත්වේ. ඌරෝ කියන්නේ අපේ වටිනා වන ජීවී සම්පතක්. මෙයාල එහෙම ලොකු කරදරයක් තියෙන සත්තු නෙමෙයි. සමහර වෙනත් වනජීවීන්ට වඩා බොහොම සාමකාමීයි. ඌරු-මිනිස් ගැටුමක් නෑ. මොකද එහෙම තියෙනවා කියනවනං මේ පොලවේ ඉන්න හැම සතා එක්කම මිනිස්සුන්ට ගැටුමක් තියෙනවා කියල ගන්න වෙනවා.

ඒක හින්ද මේ අලුත් යෝජනාව ගෙනාපු මස් වැද්දන්ගෙන් ඌරෝ ටික බේරගන්න වෙනවා. එහෙම නොවුනොත් ඌරා පිටින් දාල වෙනත් වනජීවීන්ටත්, රක්ෂිතවල ඉන්න සත්තුන්ටත් මේ ගොල්ල වැඩේ දෙනවා. මෙච්චර කෘෂිකර්මයේ දැවෙන ප්‍රශ්ණ තියෙන රටක ඌරා ලොකුම ගැටලුව වීම ලංකාව බුද්ධි ධර්ශකයේ ඉන්න තැනත් එක්ක ගත්තම මටනං ලොකු අරුමයක් නෙමෙයි. හැබැයි බුද්ධිමත් මිනිස්සු සුළුතරය හරි මෙතැනදී එකතුවුනේ නැත්තන් දේශපාලුවෝ සහ උන්ටත් වඩා අමන නිලධාරීන් බලධාරීන් විශේෂන්ඥයෝ උපදේශකයෝ එකතුවෙලා මේ වගේ තක්කඩි තීරණවලින් මේ රට තවත් විනාශ කරනවා.

-ජයන්ත විජේසිංහ-

Leave a comment

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us