News Items (18842)
සිනමා ටෙලි නාට්‍ය රචක සහ සිනමා කතා රචක නඩරාජා මනිවානන් මහතාගේ නිර්මාණයක් ඔහුගේ අනුදැනුමකින් තොරව චිත්‍රපටයක් තැනීම සඳහා භාවිතා කිරීම යන මූලික කරුණු යටතේ ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක මහතා සහ නිෂ්පාදිකා රේණුකා බාලසූරිය මහත්මිය වෙත නඩු පැවරීමට කටයුතු කරන බව මනිවානන් මහතා පවසයි.
එන්ජින් ධාරිතාව 1000ට අඩු වාහන ශ්‍රී ලංකාවට ආනයනය කිරීම වැඩිවීම නිසා විදේශ විනිමය පිට රටට ගලාගෙන යෑම වැළැක්වීමට එම ධාරිතාවයට අයත් වාහනවල බදු වැඩි කිරීමට කටයුතු කළ බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශකවරයා ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (16) පත්කර තිබේ.
ජනපති කියනවා නම් 16 කල්ලිය යළි ඇමැතිකම් බාරගැනීමේ තීරණයක
නව කැබිනට් මණ්ඩලයක් අද දින පත් කිරීම සම්බන්ධයෙන් විවිධ ප්‍රකාශ කෙරුණද ඒ ජනපතිගේ බ්‍රිතාන්‍ය සංචාරයෙන් පසුව සිදු වනු ඇති බව පැවැසේ. කෙසේ නමුත් අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයට පක්ෂව කටයුතු කළ ශ්‍රීලනිපයේ 16 දෙනා ඊයේ ඇමැතිකම් වලින් ඉවත් වූ බව ප්‍රකාශයට පත් කළද ජනධිපතිවරයා මිළඟ (22 දා) ශ්‍රිලනීප මධ්‍යම කාරක සභාව හමුවේ ගන්නා තීන්දුව මත යළි ඇමැතිකම් බාර ගැනීමේ බලාපොරොත්තු ද තබා ගෙන සිටී.
චීනයේ වෙරළක් යැයි සිතා ගෙන 1494 ඔක්තෝබර් 12 දින උදෑසන ක්‍රිස්ටෝපර් කොලොම්බස් බහාමාස් වල දූපතකට ගොඩ බැස්හ. ආගන්තුක සත්කාර වලට ලැදි ස්වදේශිකයෝ ඔහුට පළතුරු වර්ග, ධාන්‍ය වලින් සාදන ලද පාන් වර්ග,වියලි කොළ වර්ගයක් තෑගි කළහ. කොලොම්බස් වියලි කොළ ටික මුහුදට විසිකර අනෙකුත් දෙවල් තබා ගත්හ.
මිතුදම් සඳහා වන පාපන්දු (Football for Friendship) වැඩසටහන පළමු වරට ලංකාවේ දී
2018 FIFA ලෝක කුසලානය යනුවෙන් නම් කරන ලද ජාත්‍යන්තර ළමා සමාජ ව්‍යාපෘතිය සඳහා වූ පාපන්දු සමාජයේ හයවැනි පාපන්දු තරගාවලිය පැවැත්වෙන දින පිළිබඳව පසුගිය දා (5) නිවේදනය කරන ලදි.
අපිට ඕන උනේ ශ්‍රීලනීපය සීසී කඩ කරන්න. ඒක අපි කළා - ජී එල්
අගමැති රනිල් වික්‍රමසිංහ ඉලක්ක කරමින් ගෙන ආ විශ්වාසභංගයෙන් තමන් බලා පොරොත්තු වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සී සී කඩ කර ඉහිරවා දැමීමත් ආණ්ඩුව තුළ පැතිරීමක් සහිතව ගැටලු මතුකර එය අවුල් කර දැමීම බව පොදුජන එක්සත් පෙරමුණේ නායක මහාචාර්ය ජී එල් පීරිස් අද පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
විශ්වාසභංගයට පෙර ඇමැතිකම් අත්හරිති. එය නොගෙනෙන්නැයි ජනපතිගෙන් බලපෑම්.
අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංගයට පක්‍ෂව ඡන්දය දුන් ශ‍්‍රිලනිප ඇමතිවරුන් සියළු දෙනා තමන් සියළු දෙනා ඇමති ධුරවලින් ඉල්ලා අස්වීමට සූදානම් බවට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත ලිඛිතව දන්වා ඇත.
හැදෙනවා නම් මෛත්‍රීට තව එකම අවස්ථාවක් තිබේ. නැත්නම් කුණු බක්කිය තමා
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිධුරයට පත්වීම ඔහුට වෙනම ආතල් එකක් වූ බව පසුගිය වසර තුනකට ආසන්න කාලය තුලදී කළ කී දෑ වලින් ඔප්පුසිද්ධ කරනු ලැබ තිබෙන බව අමුතුවෙන් පෙන්වා දිය යුතු නැත. ඒ ගැන අප ඕනෑ තරම් ලියාකියා පෙන්වා දී ඇත.
තවත් වසර 75 කට පරාජය කරන්න බැරි යයි කිව් රාජපක්ෂලාගේ වියරු ඒකාධිපති පවුල් ආණ්ඩුව 2015 ජනවාරි 08 වනදා පෙරලා දැමීම අහම්බයක් නොව වසර ගනනාවක සැලසුමකි. පැති ගනනාවකින් ප්‍රහාරාත්මක බලවේග සූදානම් කෙරිණි. ඒ අතර ඇතුලතින් පහරදීමේ ක්‍රියාන්විතයක් ද දියත්ව තිබිණි. එනම් රාජපක්ෂලාගේ සැලසුම් අවුල් කිරීම මෙන්ම එහි කොටසක් කඩා වෙන් කිරීමය.
