එමෙන්ම විරුද්ධ පාක්ෂිකයන් විසින් පනතේ අඩංගුවේ ඇති සත්‍ය දේ වෙනුවට එය විකෘති කරමින් අදහස් පළ කිරීමද සිදු කරමින් තිබේ. මාධ්‍ය විසින්ද ඇත්ත වෙනුවට මේ විකෘතියම ප්‍රචාරය කරමින් ඇත. ඊයේ දිනයේදී දෙරණ නාලිකාව විසින් උපයන විට ගෙවීමේ බදු පදනම යනුවෙන් ප්‍රචාරය කළ වාර්තාව ද සම්පූර්ණ විකෘතියකි. එහෙත් එය මේ වන විට සමාජ ජාල තුල සීග්‍රයෙන් බෙදා හැරෙමින් පවතින අතර. වැරදි සහගත පණිවිඩයක් සමාජ ගත වෙමින්ද තිබේ.
ඒ කොහොම නමුත් රජයේ වගකිව යුතු කිසිවෙක් මේ පනත සම්බන්ධයෙන් ගොඩනැගී තිබෙන විකෘතිය නිවැරදි කර ඒ ගැන සමාජය හමුවෙ සත්‍ය තත්වය ගැන නිසියාකාරයෙන් කරුණු දැක්වීමට අසමත්ව තිබේ. රාජ්‍ය මාධ්‍ය තුලද ඒ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමක් නැත. ජනතාව හා මේ ගැන සංවාදයක් ගොඩ නැගීමේ අවස්ථාවන් රාජ්‍ය මාධය විසින් මඟ හැර තිබේ. ඒ තබා මේ පනත සම්බන්ධයෙන් සරල පැහැදිලි කරුණු දැක්වීමක් කිරීමට මුදල් අමාත්‍යංශයද අපොහොසත් වීම තුල රාජ්‍ය මාධ්‍යවලට කරන්න දෙයක්ද නැත.
රාජ්‍යයක් පවත්වාගෙන යෑමේදී ඒ වෙනුවෙන් තමන් උපයන ආදායමෙන් යම් බදු ප්‍රතිශතයක් රජයට එක්කර දීම ඕනැම සමාජයක සමාජ වගකීමක් කොට තිබෙනෙකි. නමුත් අපි එහෙම නැත. බදු අය කිරීම අපව හූරාගෙන කෑමකි. ඊට අතිශය සාධාරණ හේතු තිබේ. ඒ... මේ එකතු කරන බදු මුදල් රජයේ සංවර්ධනය කෙසේ වෙතත් , රාජ්‍ය යාන්ත්‍රණයේ මුල් පුටු අල්ලාගෙන සිටින හොර තක්කඩි ටිකක් නඩත්තු කරවීම වෙනුවෙන් යොදවන බැවිනි. එය ඇස් පනා පිට පෙනෙන සත්‍යයයි.
ජනතාව බදු ගෙවිය යුතු නැත
දුෂණය නාස්තිය හොරකම ඉවවහා ගිය රටක ජනතාව බදු ගෙවිය යුතු නැත.
මේ හොර තක්කඩියන්ට එරෙහිම නීතිය ක්‍රියාත්මක නොවන රටක ජනතාව බදු ගෙවිය යුතු නැත.
නිසි සංවර්ධන වැඩ පිලිවෙලක් ඒ ගැන ජාතික ප්‍රතිපත්තියක් නැති රටක ජනතාව බදු ගෙවිය යුතු නැත.
දේශපාලන අධිකාරිය රාජ්‍යයේ සංවර්ධනය, යහපත් අනාගතය ගැන තීන්දු තීරණ ගන්නවා වෙනුවට තමන්ගේ බලය හා බඩගොස්තරය වෙනුවෙන් ප්‍රමුඛතාවය දක්වනවා නම් ඒ රටේ ජනතාව බදු ගෙවිය යුතු නැත.
මේ ආකාරයෙන් මෙරට ජනතාව බිදු ගෙවීම කළ යුතු නැති බවට තදබල හේතු සාධක ඕනෑ තරම් තිබේ.
රටේ ජනතාව බදු ගෙවීම කළ යුතු බවත් එය සමාජ වගකිමක් බව කියන්නට පෙර රටේ බලය හොබවන දේශපාලන අධිකාරිය මේ ගැටලුවලට පිලිතුර ලබාදීම කළ යුතුව තිබේ.
එසේ නොමැතිව බදු ක්‍රමය සාධාරණ ලෙස හැදුවා පොඩි මිනිහාට සහන දුන්නා. ලොකු මිනිහාගෙන් වැඩියෙන් ගන්නවා... ආදී මොක කිව්වත් එය රටේ මිනිහාට අදාල නැත. මන්ද මේ එකතු කරන බදු යෙදෙන්නෙ මොනවාටද යන්න ගැන මිනිස්සු දන්නේ හොරකමට නාස්තියට දූෂණයට පමණක් බවය.
ඒ නිසා අපි බදු ගෙවන් නෑ යැයි කවුරුන් හෝ කියනවා නම් ඒ වැරදි නැත.