විලි ලැජ්ජයි..දැන් හෙළුව වහගන්න අගමැතිට ඉල්ලා අස්වෙන්නලු.. යාපා තමා කීවේ..

Published in පුවත්
Friday, 30 March 2018 23:34

අද ශ්‍රිලනිපයේ නමින් ලක්ෂ්මන් යාපා අබේවර්ධන සුසිල් ප්‍රේමජයන්ත සහ ඩිලාන් පෙරේරා කොළඹදි පැවැත් වූ මාධ්‍ය හමුවේදී ප්‍රකාශයට පත් කළ සමස්තයේ අර්ථය, අගමැතිට එරෙහිව එල්ල කර ඇති විශ්වාසභංග යෝජනාවෙන් ජනාධිපතිවරයා පරාජයට පත්ව ඇති බවය.

මෙම විශ්වාසභංග යෝජනාව ඒකාබද්ධ විපක්ෂය විසින් කතානායකවරයාට බාර දුන්නද මෙහි නිර්මාතෘත්වය ජනාධිපතිවරයාගේ පාර්ශ්වය බව දැන් ප්‍රකට රහසකි. ජනාධිපති පාර්ශ්වය හා ඒකාබද්ධ විපක්ෂයේ ගෝඨා පාර්ශ්වය විසින් එක්ව නිර්මාණය කරන ලද විශ්වාසභංග යෝජනාව ආරම්භයේ සිටම පැවැතියේ පරාජයේ මුව විටය. අගමැතිවරයාව පාර්ලිමේන්තුවේ දී පරාජය කළ නොහැකි බව දැන් සක්සුසක් සේ තහවුරුය. ඒ නිසා අද මේ පරාජිත පාර්ශ්වය මාධ්‍ය හමුවේදී පැවැසූවේ හොඳ ළමයෙක් වගේ ජනපතිගේ ජාමේ බේරා අගමැති ඉල්ලා අස්විය යුතු බවය. නැත්නම් සම්මුතික ආණ්ඩුව අවසන් කරන බවට කනනෙඳිරි ගෑමක් ද කළේය.

ගුණමකුවන්

මෙහි ඇති ලොකුම විහිලුව නම් මේ ඇමැති තුන් කට්‍ටුවම රාජපක්ෂගේ රෙද්ද අස්සේ ලැග සිට පරාජයෙන් පසුව ඇමැතිකම් ඉල්ලාගෙන මෛත්‍රීගේ රෙද්ද අස්සට රිංගූ තක්කඩියන් තිදෙනෙකු වීමය.. අගමැතිවරයාගේ ඉල්ලීම පිට මෙම සම්මුතික ආණ්ඩුව හැදුවා මිසක මේක හැදුවේ ජනාධිපතිවරයා හෝ ශ්‍රීලනිපය නොවේ. සම්මුතික ආණ්ඩුව බිහි කිරීමේ අනෙක් උවමනාව වූයේ ජනාධිපතිවරයාව හුදකලා නොකොට ඔහුට ශක්තිමත්ව ධුරය තුළ කටයුතු කිරීමට අවස්ථාව සලසා දිමටය. එසේ නොවන්නට ශ්‍රීලනිපයෙන් හත් අට දෙනෙකු රැගෙන එජාපයට තනි ආණ්ඩුවක් සැකසීමේ හැකියාව වුවමනාවටත් වඩා තිබිණි.

එපමණක් නොවේ.. ජනාධිපතිවරයාව බිත්තියටම හේත්තුකර තැබීමේ හැකියාවද තිබුණේය..එහෙත් යහපාලනය නමින් වඩා ශිෂ්ඨ සම්පන්න දේශපාලනයක් කරන්නට ගොස් රනිල් වික්‍රමසිංහ මේ ගුණමකුවන් හමුවේ අභියෝගයට ලක්වීමය මේ සිදුව ඇත්තේ.

එම තත්වයන් හමුවේ මේ ඇමැති තුන් කට්‍ටුවේ මේ ගොන් කතා ජනාධිපති මාධ්‍ය අංශයෙ ගොබ්බයන්ට හා සිරසේ නිවේදක පිම්පියන්ට සුරාන්තයට පත් වීමට තරම් වූවාට රට්‍ටුන්ට රිලා විහිලුවලට වඩා දෙයක් නොවේ.

හිස් මාර්ස්ටර්ස් වොයිස්

එසේම යන්න කොහෙද මල්ලෙ පොල් වැනි කතා කියමින් ශ්‍රීලනීපය විශ්වාසභංගයට එකඟ බව කියමින් තවමත් තීන්දුවක් ගත්තේ නැති බවද කිවේය. පක්ෂයක් ලෙස ඒකමතික තීන්දුවක් ගත් බව කියමින් පක්ෂය මොන තීන්දු ගත්තත් මන්ත්‍රීවරුන්ට හෘද සාක්ෂිය අනුව ඡන්දය පාවිච්චි කිරීමද කළ හැකි බවද කීවේය.

පක්ෂය එවැනි තද තීන්දුවක් ගත් බව කියමින් අගමැතිවරයාට ඉල්ලා අස්වන බවට දියාරු ඉල්ලීමක් කරන තැනට ලක්ෂ්මන් යාපා පත්වීම තුල සහතික ලෙසම පෙන්වා දෙන්නෙ ජනාධිපතිවරයාගේ පරාජිත බවය. මෙම හදිසි මාධ්‍ය හමුව සඳහා ලක්ෂමන් යාපාව කැඳවා තිබුණේද ජනාධිපතිවරයාම විසින් බව ජනාධිපති මාධ්‍ය අංශයේ මිතුරන් හරහා අපට දැන ගැනීමට හැකි විය. එනම් මේ පරාජිත දුර්වල දියාරු මතය ජනාධිපතිවරයාගේම මතයම විය යුතුය.

ඒ අස්සෙ දිනපු පළාත්පාලන ආයතන වලත් බලය ගිලිහීමේ වියවුල ගැන ඩිලාන් කීවේ ශ්‍රිලනිපයයි එජාපයයි එකට එකතු වෙලා ගියා නම් මෙහෙම වෙන් නැති බවය. එජාපය හා මේ ගමන යන්න බෑ කියමින් ආයෙත් කිව්වෙ එජාපය හා සම්මුති ආණ්ඩුව හැදීම ගැන පොහො‍ටුවේ අයට චෝදනා කළ නොහැකි බවය මන්ද දැන් පොහොට්‍ටුව එජාප හා ශ්‍රිලංකා කොටස් සමඟ එක් වී බලය පිහි‍ටුවීමට කර ඇති නිසා යයිද කීවේය.

ජනාධිපති ජෝකරයකු කිරීම

මේ අනුව පැහැදිලි වන්නේ ජනාධිපතිවරයා දේශපාලනික වශයෙන් දැවැන්ත බංකොළොත් භාවයකට පත්ව ඇති බවය.

මෙහි දී සිරස අධිපති කිලී මහරාජා රනිල් විරෝධයේ ප්‍රමුඛ කාර්යභාරය ඉ‍ටුකළ තැනැත්තාය. ජනාධිපතිවරයාව පසුගිය කාලය පුරාම රූකඩයක් මෙන් නටවමින් ජනාධිපති ජෝකරයකු, රටට නිර්මාණය කිරීමේ ගෞරවයද ඔහුට හිමි විය යුතුය. අද ජනාධිපති මාධ්‍ය අංශය මුලුමනින්ම ඔහුගේ මෙහෙයවීමට යටත් කරගෙන තිබෙන අතර ඒ හරහා ව්‍යාජ පුවත් හා එකිනෙකා කෙටවීම වෙනුවෙන් පුවත් මවමින් හා මාධ්‍ය සාකච්ඡා සංවිධානය කරමින් සම්මුතික ආණ්ඩුව තුල ගැ‍ටුම් ඇති කිරීමටද ඔහු සමත්ව තිබේ. අද පැවැති ශ්‍රීලනීප මාධ්‍ය හමුවද එහිම කොටසකි.


රාජ්‍ය මාධ්‍ය ප්‍රධානින්ට තර්ජන

මෙම මාධ්‍ය හමු පැවැත්වීමෙන් නොනැවතී ඒ සදහා වාඩි කරන කිලීගෙන් වරදාන ලබා ගන්නා මැති ඇමැතිවරුන් ලවා කියවා ගන්නා කෙබර රාජ්‍ය මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කරවා ගැනීමට රාජ්‍ය මාධ්‍ය ප්‍රවෘත්ති අංශ ප්‍රධානින් වෙත තර්ජනාත්මක දුරකතන ඇමැතුම් ලබා දීමට තරම් මේ කිලීගේ ගෝලයන් චන්ඩින් වී තිබේ. ඒවාට යටත් නොවේ නම් රූකඩ ජනාධිපති ලවා මාධ්‍ය ප්‍රධානින්ට පරුෂ භාෂාවෙන් බැණ වද්දවීමටද මේ කිලී මහරාජාට හැකියාවක් තිබේලු. අද පැවැති මාධ්‍ය හමුව සම්බන්ධයෙන්ද එවැනිම පියවරක් අනුගමනය කෙරී ඇති බව රාජ්‍ය මාධ්‍යයන් හී අප මිතුරන් සඳහන් කර සිටී. මේ වදය ඉවසා ගත නොහැකිව රාජ්‍ය මාධ්‍ය ප්‍රධානියකු මේ සියල්ල හෙළිදරව් කරමින් තනතුරෙන් ඉල්ලා අස්වීමටද සූදානමින් සිටින බවද දැන ගැනීමට තිබේ.

කොහොම නමුත් ලක්ෂ්මන් යාපා කියන පරිදි විශ්වාසභංග යෝජනාවේ ඇතුලත් චෝදනා 14 තුලට ඇතුලත් කර තිබෙන චෝදනා 13 ක්ම ශ්‍රීලනීපයේ මෛත්‍රීපාර්ශ්වය විසින් මිට පෙර බැඳුම්කර ප්‍රශ්නය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද ඒවාම බවය. ඒ අනුව හොරාට කලින් කෙහෙල් කැන වැට පැන තිබේ.


සුමිත් විජිතමුණි අගමැති රකියි!

ඒ කෙසේ නමුත් සිරස අධිපති කිලී මහරාජා ජනාධිපතිවරයාව රූකඩයක් මෙන් නටවමින් මොන පිස්සුව කෙලියත් දැන් ඒ සියල්ල අණාවරණය වෙමින් තිබේ..අද දිනම මාධ්‍ය හමුවක් පවත්වමින් ශ්‍රිලනිප ඇමැති සුමිත් විජිතමුනි සොයිසා කීවේ විශ්වාසභංගය නියත ලෙසම පරාජය කළ යුතු බවය. ශ්‍රිලනීපය ඒ වෙනුවෙන් පෙනී සිට ජනවාරි 08 ජයග්‍රණය රැකිය යුතු බවය.

එසේම මේවන විටත් ශ්‍රීලනිපයේ මෛත්‍රීපාර්ශ්වයේ ඇමැතිවරු ගනනාවක්ම විශ්වාසභංගයට එරෙහි විය යුතුය යන ස්ථාවරයට පැමිණ තිබේ. මන්ද යෝජනාව දිනුවොත් කැබිනට් මණ්ඩලය අහෝසි වන බැවිනි. ඉන් අනතුරුව කවරාකාර ආණ්ඩුවක් සැකසෙයිද යන සැකය නිසා ඇමැතිවරු එම අවදානම ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.

මිලියන 200 කප්පම්

එසේම එජාපයේ එක්තර මන්ත්‍රීවරයකු අගමැතිවරයාට එරෙහිව පෙනී සිටීමට මිලියන් 200 ක කප්පමක් ජනාධිපති පාර්ශ්වයේ මහ කෙරුමෙකුගෙන් ලබා ගෙන තිබෙන බවට හාහූවක් පැතිර යාම නිසා අගමැතිට එරෙහි වන්නට නම් තමන්ටත් කප්පම් අවශ්‍ය බවට ශ්‍රීපනිප ඇමැතිවරු කිහිප දෙනෙක් අදාල ව්‍යාපාරිකයාට දැනුම් දීද තිබේ. එය ලබා දෙන බවටත් පොරොන්දුවක් ලැබී තිබෙන බවත් ඒ වෙනුවෙන් ව්‍යාපාරිකයක් දෙදෙනකු ඉදිරිපත්ව තිබෙන බවත් පැවසේ.

Last modified on Friday, 30 March 2018 23:38

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us