ලොක්කට කොන්දක් නෑ.. ශ්‍රීලනිප මන්ත්‍රීන්ට කැමති තීරණයක් ගන්න ඉඩ දෙයි.

Published in පුවත්
Friday, 30 March 2018 16:18

අගමැතිවරයාගේ නමින් ආණ්ඩුවට එරෙහිව එල්ල කර තිබෙන විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ඡන්ද විමසීමේ දී ශ්‍රිලනිප මන්ත්‍රීන්ට තම තමන්ගේ හෘද සාක්ෂිඅය අනුව ඡන්ද පාවිච්චි කිරීමට ඉඩ කඩ සලසන තීන්දුවක් ගැනීමට ජනාධිපතිවරයා ප්‍රමුඛව ශ්‍රිලනිප ජේෂ්ටයන් මේවන විටත් තීන්දුවකට පැමිණ තිබෙන බව ශ්‍රිලනීප ආරංචි මාර්ග පවසයි. එළඹෙන 02 වන දින ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී මේ සම්බන්ධයෙන් නිල තීන්දුව ගැනිමට නියමිතය.

ශ්‍රීලනීපය විශ්වාසභංගයට ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ බවට ප්‍රසිද්ධ ප්‍රකාශ සිදු කළද ඡන්ද විමසීමේදී නිශ්ක්‍රීයව සිටීමට සිදුවනු ඇත. මන්ද මිට පක්ෂ වුවහොත් මෙහිදි සමස්ථ ආණ්ඩුවම විසුරුවා හැරීමකට ලක්වීම නිසා ජනාධිපතිවරයා දේශපාලනිකව හුදකලා වීමකට පත්ව ඔහුගේ පැවැත්ම අහෝසිවීමේ දැඩි අවධානම් සහගත බවක් ගොඩනැගෙනු ඇති නිසාය. විරුද්ධව ඡන්දය දීමට නොහැක්කේ ශ්‍රිලනිපය එජාප විරෝධීන් ලෙස ගොඩ නඟාගෙන තිබෙන දේශපාලන ස්ථාවරයන් හා ගැටෙන බැවිනි. පොහොට්‍ටුවේ එජාප විරෝධී ලණු කෑම නිසා ජනාධිපතිවරයා දැන් සිටින්නේ එය දිරවා ගත නොහැකි තැනකය. එම නිසා ජනාධිපතිවරයාට සෘජු තීන්දුවක් ගැනීමේ හැකියාවක් නැත.මේ නිසා රනිල් විරෝධීන්ට කැමති  නම් යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කිරීමට ඉඩ දෙනවා හැර වෙනකක් කළ නොහැකිය. එහෙත් ශ්‍රීලනිපයේ මැති ඇමැතිවරු බහුතරය එම මෝඩ තීන්දුව නොගනු ඇති බව ශ්‍රීලනීපයෙන් ලැබෙන තොරතුරු මාර්ග තහවුරු කරයි. මෛත්‍රීපාල සිරිසේන මහතා මේවන විට මුහුණ දී තිබෙන ගැටලුව නම් තමන්ට ස්ථිර සාර දේශපාලන් ස්ථාවරයක් නොවීම හා දැඩි දේශපාලන පෞර්ෂයක් නොමැති වීමේ ගැටලුවය

එක්සත් ජාතික පක්ෂය ඊයේ සිය කෘත්‍යාධිකාර මණ්ඩල රැස්වීඑමේදී ආණ්ඩුව ආරකෂා කර ගැනීම සඳහා මෙම විශ්වාසභ්ංග යොජනාව පැරදවිය යුතු බවට නිශ්චිත තීන්දුවක් ගෙන තිබිණි. මෙම යෝජනාව ඉදිරිපත් කර තිබෙන්නේ ආණ්ඩුවට එරෙහිව වන නිසා යෝජනාව ජයග්‍රණය කළ හොත් සම්මුතික ආණ්ඩුවේ සමස්ත කැබිනට් මණ්ඩලයම විසුරුවා හැරීමට සිදු වෙයි. එමෙන්ම ආණ්ඩුවේ ප්‍රධානියා ලෙස එය ජනාධිපතිවරයාටද බල පවත්වනු ඇති බවට නීතිමය තර්කයක්ද මතුව තිබෙන නිසා එය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විසදිය යුතුව තිබේ. යම්හෙයකින් ජනාධිපතිවරයාටද ඒ බලපැවැත් වන බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැන්වුව හොත් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව අනුව රාජ්‍ය නායකයා වන්නේ කතානායක වරයාය. ඒ අනුව යළි ජාතික මැතිවරණ සමයක් උදා වනුද ඇත.

මේ අතර විශ්වාසභංගය පරාජය කිරීමන් පසුව එජාපය තනිව ආණ්ඩුවක් පිහි‍ටුවන බවට එජාප මැති ඇමැතිවරු ගනනාවක්ම ප්‍රකාශ කර ඇති අතර ශ්‍රිලනිපය අද පැවැති මාධ්‍ය හමුවකදී ද පවසා සිටියේ අගමැතිවරයා ජයගත හොත් ජාතික අණ්ඩුවෙන් ඉවත් වීමට ශ්‍රීලනිපය තීරණය කර ඇති බවය. ඒ අනුව එජාපය යම් හෙයකින් තනිව ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් ඊට අගමැතිවරයාට පක්ෂපාත ශ්‍රීලනීප මන්ත්‍රීන්ට ද එක් වීමේ අවස්ථාව හිමිවනු ඇත. ඒ සඳහා වත්මන් ශ්‍රීලනීප ඇමැතිවරු 15 දෙනෙකු පමණ සූදානම් බව එජාප ආරංචි මාර්ග පවසයි. දෙමළ ජාතික සංධානය ද ආණ්ඩුව ආරක්ෂා කරන බවට මේ වන විට ප්‍රකාශකර ඇති බැවින් අගමැතිවරයාගේ ජයග්‍රහණය තහවුරුව තිබේ.

Last modified on Friday, 30 March 2018 16:20

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us