ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයේ හා ජනාධිපතිවරයාගේ ආශිර්වාදය සහිතව ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු විශ්වාසභංග යොජනාවක් ගෙන ඒමට මූලිකම හේතුව වූයේ මෙම පනතය. එමඟින් අපරාධ චෝදනා එල්ලවී ඇති රාජපක්ෂ සමයේ චූදිතයන්ට එරෙහිව නීතිය ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට හැකීවීම මෙයට හේතුවය.
ත්‍රී පුද්ගල මහාධිකරණ කිහිපයක් මඟින් නඩු ඉක්මනින් විසඳීම සිදුවුව හොත් රාජපක්ෂ කණ්ඩායමේ අති බහුතරයක් මෙන්ම දැන් මෛත්‍රීපාල සිරිසේන සමඟ එකඟතාවයකට පැමිණ සිටින ශ්‍රීලනිපයේ මැති ඇමැතිවරුන් ගනනාවකට හිරේ විලංගුවේ වැටීමට සිදු වීම අනිවාර්යය. පවතින අධිකරණ පද්ධතිය මඟින් නඩු විසැඳීමට වසර දහයක් පහළොවක් පමණ කාලයක් ගත් වීම සිදු වෙයි.එම තත්වයන් තුල මේ චූදිතයන්ට එම නඩු වලින් ගැලවී යාමට ඇති හැකියාව ඉතා ඉහළය. ආණ්ඩුව පෙරළා දමා අධිකරණය තමන්ගේ රූකඩ සංදර්ශනයක් බවට පත් කර ගැනීමට ඔවුන්ට ඇති හැකියාව නිසා වත්මන් ආණ්ඩුව පෙරලා දැමීම හැර මේ චූදිතයන්ට වෙන විකල්පයක් නොවීය. විශ්වාසභංගයේ මූලික හේතුව ආණ්ඩුව පෙරලා දැමීමවන්නේ එබැවිනි.
ජනාධිපතිවරයාද 62 ලක්ෂයකගේ අභිලාෂයන් පාවා දී රජපක්ෂ වරුන් රැක ගැනිමේ පිළිවෙතකට මාරු වී සිටීම තුල ඔහුගේ පූර්ණ සහයද මේ වන විට විශ්වාස භංගය සඳහා ලැබී තිබේ. කිලී මහරාජාගේ රනිල් විරෝධය වෙනුවෙන් මේ වන විට ජනධිපතිවරයාව රූකඩයක් ලෙස මහරාජා පාවිච්චි කරන අතර ඔහුගේ සම්පූර්ණ මෙහෙයුම යටතෙ තිබෙන ජනාධිපති මාධ්‍ය අංශය මෙන්ම ජනාධිපති කාර්යාලයද මේ මොහොත වන විටත් විශ්වාසභංගය ජයග්‍රහණ්ය කර වීම සඳහා කටයුතු කරමින් තිබේ.
අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත ඉකුත් 2018 මාර්තු 06 වෙනිදින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද නමුත් කළබලවූ හොර තක්කඩියන් ඊට එරෙහිව පෙත්සම් හතක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහාචාර්ය ජී.එල්. පීරිස්, මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, මහාචාර්ය ජනිත අබේවික්‍රම ලියනගේ, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති යූ.ආර්. ද සිල්වා, වෛද්‍ය චන්න සුදත් ජයසුමන, නීතිඥ කල්‍යානන්ද තිරාණගම, ඩබ්ලිව්.ඩී.ආර්.ධර්මසිරි ගුණරත්න යන පිරිස මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් ගොනුකර තිබේ.මේ සියලු දෙනා රාජපක්ෂගේ අසූචි රස වැනුව පිරිස වේ.
දැන් මරාගෙන මැරී හෝ 04 වෙනිදාට අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ගෙදර යැව්වෙ නැත්නම් මේ හොරුන්ට ජීවිත කාලයේම හිරේ විලංගුවේ වැටී සිටීමට නියමිතය. ඒ අනුව විශ්වාසභංගය වෙනුවෙන් අත උස්සා ඡන්ද පාවිච්චිකරන්නන් යනු හොරකම වංචාව දූෂණය අනුමත කරන රටේ ඉන්න නොම්මර එකේ කාලකණ්නි සක්කිලි ටිකය.
මෙම පනත් කෙටුම්පතෙහි අඩංගු විධි විධාන මොනවාද?
2017 අගෝස්තු 21 වන දින රජයේ ගැසට් පත්‍රයේ පළ කරන ලද සංශෝධන:
අධිකරණයේ ගොඩ ගැසී ඇති නඩු නඩු සංඛ්‍යාව අවම කිරීමේ අරමුණින් මහාධිකරණ විනිසුරුවන් ගණන අසූපහක් දක්වා ඉහළ නැංවිය යුතුය.
නමුත් 2017/08/23 වෙනි දින පැවති නෛතික කටයුතු (දූෂණ විරෝධී) සහ මාධ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටු රැස්වීමේදී මහාධිකරණ විනිසුරුවන්ගේ ගණන අසූපහ දක්වා නොව 110 ක් දක්වා වැඩි කළ යුතු බව තීරණය කරන ලදි. එකී පදනම මත කමිටු මට්ටමින් සංශෝධනයක් ඇතුළත් කර ඇත.
අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත පිළිබද විවාදයට තුඩු දුන් යෝජිත සංශෝධන:
මූල්‍ය අපරාධ, වංචා සහ දූෂණ නඩු විභාග කිරීම කඩිනම් කිරීමේ අරමුණින් ත්‍රිපුද්ගල මහාධිකරණයක් පත් කිරීමට දැනට නීතිපතිවරයාට සහ අල්ලස් සහ දුෂණ කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට ඇති බලය පුළුල් කිරීම.
මහාධිකරණයේ නඩු විසඳීමට දීර්ඝ කාලයක් ගත වන හෙයින් මෙම නව අධිකරණවල දිනපතා නඩු විභාග පැවැත්වීමට හැකි වාතාවරණයක් ගොඩනැගීම.
අධිකරණය පැවැත්විය යුතු ස්ථානය තීරණය කිරීමේ බලය අධිකරණ අමාත්‍යවරයාට ලබා දීම.