හුටා... ශ්‍රීලනීප තක්කඩි, ඇමැතිකම් ටික බේරගන්න තීන්දු කරලා...!

Published in පුවත්
Monday, 02 April 2018 23:54

විශ්වාසභංගය විවාදයට ගැනීමට නියමිත් 04 වන දාට පෙර අගමැතිවරයා තනතුරෙන් ඉල්ලා අස්විය යුතු බවට ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම (42ක් සිටි බව පවසයි) අද සවස පැවැති සාකච්ඡාවකදී තීරණය කළ බව රාජපක්ෂ අගුපිලෙ වැටී සිටින ශ්‍රිලනිප ඇමැතියෙක් වන ලක්ෂමන් යාපා අබේවර්ධන පැවසූ බව මාධ්‍ය වර්තා කරයි. මෙය ජනාධිපතිගේ උපදෙස් මත ගත් තීරණයක් බවද පැවැසේ..

විශ්වාසභංගයෙන් අගමැතිවරයාව පරාජය කරන බවට වහසි බස් දෙඩවූවන් දැන් අගමැතිවරයාට ඉල්ලා අස්වන ලෙස කියන්නේ වෙන කිසිවකට නොව එය පරාජය වුවහොත් ආණ්ඩුව විසුරුවීමට සිදුවන බැවිනි. ඉන් පසුව අගමැති රනිල් යටතේ මේ ශ්‍රිලනිපයේ තක්කඩියන්ට ඇමැතිකම් නොලැබීම නියත වශයෙන්ම සිදු වනු ඇත..

එය වලක්වා ගැනීමට නම් අගමැති ඉල්ලා අස්වී තමන්ට නැටවිය හැකි එජාප මන්ත්‍රීවරයෙක් අගමැතිධුරයට පත් කර ගැනීමට අවස්ථාව තිබේ. මේ අවස්ථාව ලබා ගැනීමට මේ වන විට සජිත් ප්‍රේමදාස සැදී පැහැදි සිටින බවත් වාර්තා වේ.

එහෙත් එජා පෙරමුණ අද සවස ඒකමතික තීන්දුවක් ගෙන තිබුනේ විශ්වාසභංගය පරාජය කිරීමටය. අගමැති ඉල්ලා අස් නොවීමටය. ඒ අනුව සජිත් ප්‍රේමදාස ඇතුලු රනිල් විරෝධීන්ට ඒ වෙනුවෙන් අත එසවීමට සිදු වනු ඇත. එසේ නොවුන හොත් එජාපය පරාජය වීමෙන් පසුව ජනාධිපතිවරයා පිහි‍ටුවනු ලබන අලුත් ආණ්ඩුවක මේ කට්ටියට ඇමැතිකම් විශ්වාස නැත. රාජපක්ෂලාගේ සහයද ඒ අලුත් ආණ්ඩුවට ගැනීමට සිදුවන නිසා එජාපයේ වත්මන් ඇමැතිවරුන්ට ලැබෙන අවස්ථාව සීමා සහිතය.

මේ අතර දෙමළ ජාතික සංධානය අගමැතිවරයාට සහය පළකිරිමට තීරණයක් ගෙන ඇත. එය හෙට ප්‍රකාශයට පත් කරනු ඇත. එසේම මේ තත්වය හමුවේ ශ්‍රීලනීපයේ ඇමැතිවරු 15 දෙනෙකු පමණ ඡන්දය දීමෙන් වැලකී සිටිනු ඇති බව දැනගැනීමට තිබේ.

Last modified on Monday, 02 April 2018 23:55

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us