එළඹෙන ජනාධිපතිවරණයේදී රාජපෂක්වරු යළි බලවත් වීම වැලැක්වීම සඳහා 2015 දී රාජපක්ෂ පවුල් ආණ්ඩුව පරදවීම වෙනුවෙන් ඒකරාශී වූ බලවේග යළි එකතු කිරීම වෙනුවෙන් මාදුළුවාවේ සෝභිත නා හිමියන් නායකත්වය දුන් ජනතා බලවේගය වහාම ක්‍රියාත්මක වන පරිදි යළි පණ ගැන්වීමට මහා සංඝ රත්නය ප්‍රධාන සිවිල් සංවිධාන පියවර ගනිමින් සිටියි.

සමාජ ජාලා ආණ්ඩුවේ අත් අඩංගුවෙන් මුදවන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර ගෙන් දියාරූ ඉල්ලීමක් කර තිබේ.

A convict in the assassination of former Indian Prime Minister Rajiv Gandhi has claimed that the man who made the bomb to kill the Indian politician is in Sri Lanka.

ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ආණ්ඩු විරෝධී බලවේග මර්දනය කිරීම සඳහා එවකට පැවැති එජාප ආණ්ඩුව 1983 ජුලි දෙමළ විරෝධී කැරලි කෝලහල යොදා ගත්තා සේ මෙවර මහනුවර සිදුවීම දඩමීමා කරගෙන සමාජ ජලා තහනම් කිරීමට පියවර ගෙන ඇත්තේ මෛත්‍රී විරෝධය උත්සන්න වීම නිසා බව මේ වන විට පැහැදිලිව පෙනෙන්නට තිබෙන සත්‍යය.

මහනුවර,තෙල්දෙණිය,දිගන ප්‍රදේශයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති පුජිත් ජයසුන්දර සහ මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස් එම් වික්‍රමසිංහ යන මහත්වරුන් සෘජුව වග කිව යුතු බවට ඒ සම්බන්ධයෙන් නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යංශය මගින් සිදු කෙරෙන මූලික පරීක්ෂණ ඔස්සේ හෙළි වෙමින් පවතියි.

රයිගම් ටෙලීස් 2017 සම්මාන උළෙල රූපවාහිනි මාධ්‍ය විශිෂ්ටතා සම්මාන 19 හා ටෙලිනාට්‍ය විශිෂ්ටතා සම්මාන 18 සඳහා නිර්දේශිත නාම 121ක් ප්‍රසිද්ධ කිරීමේ උළෙල පසුගියදා කොළඹ කිංස්බරි හෝටලයේදී පැවැත්විණි.

Viber නිදහස්

Published in පුවත්
Monday, 12 March 2018 23:39

අද සවස ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාකදී මේ වන විට තහනම් කර ඇති Viber (වයිබර්) සේවාව පමණක් මුදාහැරීමට තීරණය කර තිබෙන බව ශ්‍රීලංකා ගාර්ඩියන් වෙබ අඩවිය වාර්ථා කරයි.

Sri Lanka hope new software can power cricket recovery

Published in English
Monday, 12 March 2018 22:02

Sri Lanka is adopting an advanced software used by football club Barcelona to manage its injury-prone cricketers as the national team trains for the World Cup next year, officials said today.

සරත් ෆොන්සේකා මහතා කියන්නේ නීතිය හා සාමය අමාත්‍යංශය කරන්න බැරි පුද්ගලයෙක් නෙවෙයි. යුද්ධයට විශාල කැපකිරීමක් නායකත්වයක් දුන් පුද්ගලයෙක්. ඉතින් එතුමාට මේක බෑ කියලා කවුරු හරි කියනවා නම් ඒක බොරුවක්. හැබැයි දේශපාලනය කියන්නේ යුද්ධයක් නෙවෙයි. පොලිසිය කියන්නේ සියල්ලන්ටම සාධාරණයක් වන පරිදි පාලනය විය යුතු තැනක්.... බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් හා කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක ලංකාදීප පුවත්පතට ප්‍රකාශකර තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂනායක ධූරයේ කටයුතු කරමින් සිටිය දී පවා ඉවත් කිරීමට ඇතැම් පිරිස් උත්සාහ කළා. නමුත් ඉවත් කර ගැනීමට නොහැකි වුනා. විපක්ෂ නායක ධූරයේ සිටිය දී ඉවත් කර ගැනීමට නොහැකි වූ රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරයේ සිටිය දී ඉවත් කර ගන්නේ කොහොමද '' යනුවෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රශ්න කරයි.

Connet With Us