News Items (18842)
'මිනිස්සු' කියන්නේ.... 'ෆේස් බුක් එකවුන්ට්' විතරයි....
මීට අවුරුදු තිහ හතලිහකට පෙර මතයක යළි අවදිවන්නට පටන් ගෙන තියේ. රාත්‍රී කෑම මේසයේ... අම්ම තාත්තා අච්චි සීයා සහෝදර සහෝදරියන් එකට වාඩී වී අහර කිස ගත් හැටි ඇස් ඉදිරිපිට මැවෙන්නට පටන් අරගෙන.. විනෝද ගමන් වන්දනා ගමන් නෑදෑ මිත්‍රයන්ගේ එකතුවීම් පොඩි පොඩි සාජ්ජ.. සමාජ සේවා වැඩ... එහෙමත් ඒ අතර තිබුණා. රණ්ඩු සරුවල් එහෙමත් නැතුව නෙවෙයි.
සිංහල පමණයි....... බාගෙට තැම්බිච්ච අල ගෙඩියක්.
මහාචාර් රොහාන් ගුණරත්න, දේශපාලනික ප්‍රචණ්ඩත්ව හා ත්‍රස්තවාදී කටයුතු සමීක්ෂණය අරබයා සිංගප්පූරුවේ ස්ථාපිත ආර්.එස්.අයි.එස් ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස කටයුතු කරයි. ඔහු මෙම සාකච්ඡාවෙන් මතු කරන කරුණු වාර්ගික හා ආගමික අන්තවාදී තත්වයන්ගේ ඉස්මතුවීම පාලනයට සිංගප්පුරුවෙන් ලද හැකි පාඩම් පිලිබඳ සිහිපත් කර දෙයි.
ගෙවුණ දින කිහිපය මෙරට සාමය, සංහිඳියාව, ආර්ථිකය මෙන්ම සහජීවනයට ද කැලැල් මතු කළ වකවානුවකි. දෙමළ සිංහල ගැටුම 40 වසරක පමණ ශාප කාලයකින් පසුව යටපත්කර ගැනීමට සමත්වුවද, අන්තවාදීන්, අවස්ථාවාදීන් මෙන්ම ජන, කුල හා ආගම් මුල්කරගත් විවිධ මාදිලියේ ආකල්පවාදීන් වරින්වර සිදුකළ කඩාකප්පල්කාරී ක්‍රියාවන් නිසා තිරසර සාමයක් ළඟාකර ගැනීමට බාධා ඇති විය.
ලංකාවේ සිදුවන කාන්තා මිනීමැරුම්වලින් තුනෙන් එකක් ඔවුනගේ සමීපතම සහකරුගේ ප්‍රචණ්‌ඩත්වය හේතුවෙන් සිදු වන බව මෙරට පළාත් පහක කාන්තාවන්ගේ හා ගැහැණු ළමයිගේ අස්‌වාභාවික මරණ සම්බන්ධයෙන් එක්‌සත් ජාතීන්ගේ ජනගහන අරමුදල හා කැලණිය විශ්වවිද්‍යාලය ඒකාබද්ධව සිදුකරන ලද නවතම අධ්‍යයනයකදී අනාවරණය වී තිබේ.
ලෝක කාන්තා දිනයට සමගාමීව විවෘත අධිකරණවල පෙනී සිටින නීතිඥවරියන් හට නව ඇඳුමක් හඳුන්වාදීම ඊයේ (8දා) සිදු විය.
පතෝල වැටකොළු ආණ්ඩුව, ව්‍යවස්ථාවට වඳපෙති දෙයිද ?
ඇඳිරි නීතිය පනවා තිබියදීත් මුස්ලිම් විරෝධී ප්‍රහාර දියත් වෙලා. එයින් පෙන්වන්නේ මේ මිනීමරු ජාතිවාදී බලවේග සිය ලේ පිපාසාව නිවා ගන්නාතුරු තමන් ගේ ගමන නවත්වන්නේ නැහැ කියලා. එවගේම මේක සංවිධානාත්මක ප්‍රහාරයක්. එතකොට ආණ්ඩුවක්, නීතියක් මේ පිසාචයන් සළකන්නේ නෑ. මොකද, ආණ්ඩුවට පාණ්ඩුව හැදිලා.
කඩාකප්පල්කාරීන් , ආර්ථික වශයෙන් රටට විශාල හානියක් කළා - අගමැති
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ 2018 මාර්තු 08 වන දා කළ විශේෂ ප්‍රකාශය
මහනුවර දිස්ත්‍රික්කයේ ඊයේ පැවති තත්වය පිළිබඳව මා එදිනම විශේෂ ප්‍රකාශයක් සිදු කළා. තවදුරටත් ඊයේ රාත්‍රියේ සහ අද දින පවතින තත්වය පිළිබඳව ජනතාවට කරුණු පැහැදිලි කිරීම සුදුසු යැයි මම කල්පනා කළා.
ඓතිහාසික සෙංකඩගල පුරවරයේ උරුමක්කාරයන් යැයි කියන උඩරට සිංහල බෞද්ධයෝ දැන් තමන්ගේ රටේ අයිතිය ඇත්තේ තමන්ට පමණක් බව කියමින් මුසල්මානුවන් පන්නා දැමීමේ කටයුත්ත ආරම්භ කර තිබේ. රටේ ව්‍යවස්ථාපිත නීතිය උල්ලංඝනය කරමින් නීතිය රකින ආයතනවලටත් අභියෝග කරමින් ප්‍රදේශයෙ පාලනය සියතට ගැනීමේහි ත්‍රස්තවාදී ව්‍යාපාරයක් ආරම්බ කර තිබිණි.
ජාතිවාදී ත්රස්තයන් ගැන දැනුම් දෙන්න...රට සුරකිමු !
ජාතිවාදය හා ආගම්වාදය දඩමීමා කරගනිමින් කඩාකප්පල්කාරී ක්‍රීයාවන්හි නිරතවන්නන් පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා පැය 24 පුරාම ක්‍රීයාත්මක සහාය සේවා මධ්‍යස්ථානයක් පිහිටුවා තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මහනුවර දිස්ත්‍රික්කය පුරාම ත්‍රිවිධ හමුදාව, විශේෂ කාර්ය බලකාය හා පොලිසිය මේ වන විට යොදවා තිබෙන බවත් ඕනෑම ආකාරයක නොසන්සුන් තත්ත්වයක් පාලනය කිරීමට සුදානමින් සිටින ලෙස ඔවුන්ට උපදෙස් ලබා දී තිබෙන බවත් අද විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැතිවරයා පැවැසීය..
