'මිනිස්සු' කියන්නේ.... 'ෆේස් බුක් එකවුන්ට්' විතරයි.... Featured

Sunday, 11 March 2018 13:54

මීට අවුරුදු තිහ හතලිහකට පෙර මතයක යළි අවදිවන්නට පටන් ගෙන තියේ. රාත්‍රී කෑම මේසයේ... අම්ම තාත්තා අච්චි සීයා සහෝදර සහෝදරියන් එකට වාඩී වී අහර කිස ගත් හැටි ඇස් ඉදිරිපිට මැවෙන්නට පටන් අරගෙන.. විනෝද ගමන් වන්දනා ගමන් නෑදෑ මිත්‍රයන්ගේ එකතුවීම් පොඩි පොඩි සාජ්ජ.. සමාජ සේවා වැඩ... එහෙමත් ඒ අතර තිබුණා. රණ්ඩු සරුවල් එහෙමත් නැතුව නෙවෙයි.

අග නාගරික ප්‍රදේශයේ වූ  නිවසට පවා ආව ගිය මිනිස්සු ගොඩාක් හිටියා. ආරාධනා නැතුව ගොඩක් අය ආවා ගියා. වෙලාවක් කලාවක් විදිහක් තිබුණේ නෑ. ඇත්තටම සමාජීය ජීවිතයක් කියලා එකක් එදා තිබුණා. ඒ අවුරුදු තිහ හතලිහකට පස්සේ ඒ සියල්ල පැරණි බොඳවූ මතකයක් විතරක් වෙලා.

අද ඇත්තටම අපි ගත කරන ජීවිතයේ ඒ කිසිවක් නෑ. නෑදෑයෙක් යාලුවෙක්වත් මුණ ගැහෙන්නෙ කලා තුරකින්. අල්ලපු ගෙදර ඉන්න එකා මොකාද කියල දන්නෙ නෑ. පසුගිය පළාත්පාලන මැතිවරණයෙන් දිනපු ගමේ මන්ත්‍රී කවුද කියලාවත් තාම දන්නෙ නෑ. ඌ ඡන්දෙ ඉල්ලන්න ආවෙත් නෑ. දිනුවට පස්සෙ දකින්න තියා අහන්නවත් නෑ. මන්ත්‍රීව හොයන්න අන්තර්ජාලයේ සහය ගන්න වෙලා. යාලුවාව නෑදැයාව හොයන්න ෆේස්බුක් එකට යන්න වෙලා. කතා බහ කරන්න අදහස් හුවමරු කර ගන්න , බැනඅඬ ගහගන්න රටේ ලොකේ දේ දැන ගන්න ගමේ වෙන දේ දැන ගන්න ෆේස්බුක් එකට යන්න වෙලා. ආදරය කරන්න වෙලා තියෙන්නෙත් මේකෙන්ම තමයි. ඒ විතරක්ද ලිංගික ලලාසාවන් විඳින්න පහසුකමත් මෙතනින්ම හොයාගන්න පුළුවන්... මේ විදිහට මිනිසාගේ සහජ උරුවක් වෙච්ච සමාජීය ජීවිතය හොයාගෙන යන්න වෙලා තියෙන්නෙ ෆේස්බුක් එකට. කොටින්ම අපේ ජීවිතය තියෙන්නේ ෆේස්බුක් එකේ.

දැන් ෆේස්බුක් තහනම් කරලා දවස් 4ක් වෙන්න ආවා. හුදකලාව දරාගන්න බැරි තරම්. ගෙදර ඇතුලේ ඉන්න සාමාජිකයා එක්ක පවා අවුරුදු ගානකින් සමීප අධ්‍යාත්මික සම්බන්ධයක් ගොඩනඟා බැරිව ගෙවුනු අවුරුදු ගනනාවක් නිසා ඒ හුරුව දැන් නෑ. ගෙදර පාළුවටම ගිහිලා. ඉස්සරත් එහෙම වෙන්න ඇති.. ඒත් ඒක දැනුනේ නෑ. දැන් හැමෝම ඔහෙ බලාගත්ත ගමන්. අද හැමෝම හුදකලා ජීවිතවලට රජය විසින් බලහත්කාරයෙන් අදලා දාලා.

මේ අපිට පිළිගන්න සිද්ධ වෙලා තියෙන ධනේශ්වර සමාජක්‍රමය විසින් මිනිසුන්ගේ සමාජීය ජීවිතය අහිමි කරන බව මීට සියවස් ගානකට කලින් මේ සමාජ ක්‍රමයේ උත්තානය වෙන කොටම ඇතැමෙක් පෙන්වලා දුන්නා.. ෆේස්බුක් වැනි සමාජ ජාලා වල පරිණාමයත් එක්ක ඒක ගොඩක් තිව්‍ර ලෙස සිදුවෙලා. ආර්ථික සමාජ දේශපාලන සංස්කෘතික භාවිතාවන් සියල්ල සමාජ ජාලා වලට ගෙනත් හිර කරලා දැම්ම. මහ පොළොවේ කිසි දෙයක් සිදු වුණේ නෑ. හැම තීරණයක්ම සමාජ ජාලා විසින් පාලනය කළා.

දැන් සමාජ ජාලා තහනම්. උස්සල පොළොවෙ ගැහුවා වගේ. හැමෝම නන්නත්තාර වෙලා. දැන් හිතන්නේ රටක් රාජ්ජයක් පාලනය කිරීම අද හරිම ලෙහෙසියි කියලා. සමාජය මෙහෙය වීම අන්තර්ජාලයෙන් වෙබ් අඩවියකින් කරන්න පුලුවන් . සමාජ ජාලා තහනම් කිරීමෙන් දැනුන එකම දේ ඒක. හෙට මොනවා වෙයිද දන්නේ නෑ....ඒක දැන් අපිට තීරණය කරන්න බෑ.. අද 'මිනිස්සු' කියන්නේ 'ෆේස් බුක් එකවුන්ට් ගොඩක්' විතරයි....

ඉතිං මේකෙන් අපි වෙනස් වෙන්න ඕනිද ? අපිට වෙනස් ජීවිතයක් ඕනිද ?

 

- ෆේස්බුක් නැතුව පාළුවෙන් ඉන්න කෙනෙක්...මං

 

Last modified on Sunday, 11 March 2018 14:25

Leave a comment

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us