පසුගිය 11 වැනි දා රාවය පුවත්පතේ “රාවයේ අයිතිය සහ මාර යුද්ධය” මැයෙන් වික්ටර් අයිවන් දීර්ඝ ලිපියක් ලිවීය. එම ලිපිය තුළ පුවත්පතේ කීර්ති නාමයේ පූර්ණ අයිතිය තමන් වෙත පවරා ගනිමින්, රාවය ගොඩනැගීමට සහ මේ දක්වා එය පවත්වාගෙන ඒමට උරදුන් සියල්ලන් පරිහාසයට ලක්කොට තිබුණි.

අගමැති රනිල් වික්‍රමසිංහ අද සවස පැවැති මාධ්‍ය හමුවේදී තමන් අගමැතිධුරයෙන් ඉවත් නොවන බවත් ආණ්ඩුව මෙලෙසම පවත්වාගෙන යන බවත් කීවේය.

ජනාධිපතිවරයා හා අගමැතිවරයා මේ වන විට කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් සඳහා එකඟ වී ඇති බව එජාප ආරංචි මාර්ග පවසයි ඒ අනුව සාගල රත්නායක මහතා නීතිය හා සාමය අමැති තනතුරෙන් ඉවත් වන අතර ඒ වෙනුවට විදුලි බල හා බලශක්ති ඇමැතිධුරයට යෝජනා කර තිබේ. නිතිය හා සාමය ඇමැතිධුරයට ජෝන් අමරතුංග ගේ නම යොජනා වී ඇත.

නව ආණ්ඩුවක් පත් කර ගැනීම වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන , සහ කිලී මහරාජා හා ජනාධිපති උපදේශකයො ටික පසුගිය දින කිහිපයේදී කෙතරම් වලිකෑවද ඒ සියලු කුමන්ත්‍රණ මේ වන විට එළිදරව් වී අවසන් වී ඇත.

මහින්ද රජපක්ෂගේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන කණ්ඩායම ඇතුලු ශ්‍රීලනීප මන්ත්‍රීවරු 96 දෙනාට ජනාධිපති සිරිසේන විසින් අලුත් ආණ්ඩුවක් පිහි‍ටු වීමට ආරාධනා කර තිබෙන බව පැවැසේ. මේ.. ඒ දෙවනවරටය.. පසුගිය පළාත් පාලන මැතිවරණ වේදිකාවේ සිට මෙම යෝජනාව මුල් වරට ප්‍රකාශ කළ අතර අද දෙවන වරට ශ්‍රිලනීප මැති ඇමැතිවරුන් පිරිසක් හමුවේ ප්‍රකාශ කර තිබේ.

මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් මේකට ඡන්දය දෙන්න කියා පොල් ලෙල්ලක් දැම්මත් ඒකට ඡන්දේ දෙන වහලුන් පිරිසක් තමන්ට සිටින බව බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා ඊයේ පැහැදිලිවම ප්‍රකාශ කර තිබිණි. මෙම ප්‍රකාශයෙන් මන්ත්‍රීවරයා කුමක් බලාපොරොත්තු වූවද මෙය මහින්ද රාජපක්ෂට කළ බරපතල අපහාසයක් බව නම් පැහැදිලිය.

පළාත්පාලන මැතිවරණයෙන් පසුව මහා දේශපාලන කුණා‍ටු හැමනෙන්නට පටන් ගෙන තිබුණද අවාසානයේ අධෝ වාතයක් තරමකවත් ප්‍රතිපලයක් ඇති වී නැත .ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් ප්‍රශ්නය විසඳන්නට කමි‍ටුවක් පත්කර තිබේ.

හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග මහතා රැගෙන ඒමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පිටත්ව ගිය මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරියා ඇතුළු රාජ්‍ය නිලධාරීන් කණ්ඩායම ඊයේ (13දා) ආපසු මෙරටට පැමිණ තිබේ.

ජනාධිපති තාත්තා ගැන හද කම්පිත කරන රචනා ලියන චතුරිකා ළඟකදී තාත්තාගේ ඇස් වලින් කඳුලු වැටනවා දු‍ටු බවද කියා තිබිණි.

පළාත්පාලන මැතිවරයෙන් දැවැන්තම පරාජය අත්පත් කරගත් ජනාධිපති සිරිසේන නම්බු පිටින් පක්ෂ සභාපතිත්වයෙන් ඉවත් වී එය මහින්ද රාජපක්ෂට ලබා දිය යුතු බවට ශ්‍රිලනිපයේ මැති ඇමැතිවරු ගනනාවක් ඒකාබද්ධ ලියවිල්ලක් සකස් කරමින් සිටින බව ශ්‍රීලනිප ආර්ංචි මාර්ග පවසයි.

Connet With Us