උදයංග ගේන්න ගිය පිරිස වන වන ඇවිත්

Published in පුවත්
Wednesday, 14 February 2018 06:06

හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග මහතා රැගෙන ඒමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පිටත්ව ගිය මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරියා ඇතුළු රාජ්‍ය නිලධාරීන් කණ්ඩායම ඊයේ (13දා) ආපසු මෙරටට පැමිණ තිබේ.

ඩුබායි ගුවන් තොටුපොළේදී ජාත්‍යන්තර පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව පැවැසු උදයංග වීරතුංග මහතා මෙරටට රැගෙන ඒම සඳහා විශේෂ නියෝජිත කණ්ඩායමක් ඉකුත් 8දා අවස්ථා දෙකකදී ඩුබායි බලා පිටත්ව ගියහ.

රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවලදී මතුවූ ගැටලු හේතුවෙන් උදයංග වීරතුංග මහතා එම නියෝජිත කණ්ඩායමට මෙරටට රැගෙන ඒමට නොහැකි වී ඇත. ජ්‍යාතන්තර වරෙන්තුකරුවන් ශ්‍රීලංකාවට බාර දීමට ඩුබායි රාජ්‍යය මෙරට හා බැඳී නොමැත. එහෙත් ඔහුව අත් අඩංගුවට ගැනීමට පොලිසිය එතරම් උනන්දුවක් දක්වා නැති බවද වාර්තා වේ. මුල්‍ය අපරාධ කොට්ඨාශ නිලධාරීන් රජපක්ෂ පවුලේ ඇතැම් සාමාජිකයන් හා ගනුදෙනු කරමින් සිටින බවට මීට පෙර අවස්ථා ගනනාවකදී වාර්තා වීද තිබිණි.

කෙසේ නමුත් උදයංග මෙතෙක් ඩුබායි රාජ්‍යයෙන් පිටමං නොවී සිය ආරක්ෂාව පතා එහි ‍රැඳී සිටින බවද වාර්තා වේ. උදයංගව අත් අඩංගුවට ෙගන තිබුණේ වෙනත් වංචාවකටය. ඒ නීත්‍යානුකූල නොවන ශ්‍රීලංකා ගුවන් ගමන් බලපත්‍රයකින් ඇමරිකාව සඳහා යෑමට ගත් උත්සාහයකදීය.

Last modified on Wednesday, 14 February 2018 06:06

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us