පොහොට්‍ටු ඡන්ද රටේ ජනමතය නොවේ... එය ආගමික මතයකි. Featured

Wednesday, 14 February 2018 17:36

මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් මේකට ඡන්දය දෙන්න කියා පොල් ලෙල්ලක් දැම්මත් ඒකට ඡන්දේ දෙන වහලුන් පිරිසක් තමන්ට සිටින බව බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා ඊයේ පැහැදිලිවම ප්‍රකාශ කර තිබිණි. මෙම ප්‍රකාශයෙන් මන්ත්‍රීවරයා කුමක් බලාපොරොත්තු වූවද මෙය මහින්ද රාජපක්ෂට කළ බරපතල අපහාසයක් බව නම් පැහැදිලිය.

ඒ පොහොට්ටු පක්ෂයට ඡන්දය දුන් සියලු දෙනා ඒ තරම්ම පහත් නිවට වහලුන් ලෙස මේ නායකයා සලකන බව ගුණවර්ධන මන්ත්‍රීවරයා ගේ කතාවේ මූලික හරය වන නිසාය.

එමෙන්ම පොල් ලෙල්ලකට ඡන්දය දෙන්න තරම් පොහොට්ටු පාක්ෂිකයා පිරිහුණු අයෙකු බව නිල වශයෙන්ම පවසා තිබීම පොහොට්‍ටු පක්ෂයේ ජයග්‍රහණයේ ඇත්ත කතාව පැහැදිලි කරගැනීම පහසු වී තිබේ.

ගුණවර්ධන මන්ත්‍රීවරයා මේ කියන්නේ පොහොට්‍ටු පාක්ෂිකයාගේ ගොත්‍රික වහල් මානසිකත්වය ගැනය. ගෝත්‍රික වහල් භාවයේ ගිලී සිටින්නකුට ඡන්දය පාවිච්චි කිරීම ගැන හිතන්න, දේශපාලන හෝ ආර්ථික ප්‍රතිපත්ති ගැන වන සාකච්ඡාවක් අවශ්‍ය නොවේ. සංවාද විසංවාදයන්හී සහභාගිත්වයක් අවශ්‍ය නැත. හරි දේ කුමක්ද වැරදී දේ කුමක්ද යන්න ‍තෝරා ගැනීමක් අවශ්‍ය නැත. හොඳ නරක විමසීම අවශ්‍ය නැත. ගමට රටට වැඩදායකද යන්න දැන ගැනීම අවශ්‍ය නැත. ඒ තබා තමාට තමන්ගේ අඹුදරුවන්ට යහපතක් වේවිද යන්න ගැන විශ්වාසයක් ද අවශ්‍ය නැත. මහින්ද දිනුවාම ඇතිය. මේ සුරුවම් වන්දනාවක් මිස වෙන කෙහෙම්මලක් නොවෙයි.

ගෝත්‍රික වහලා කියන්නේ දෙන නියෝගයක් ඉ‍ටු කිරීමට අනිවාර්යෙන්ම බැඳී සිටින අසරණ පීඩිතයෙකි. තමන් පීඩාවට ලක්ව සිටින බවත් ඔවුන් දන්නේ නැත, අත පයේ වන විලංගු ශරීරයෙම කොටසක් යැයි කල්පනා කරන්නේ මේ අසරණ මිනිසුන්ය.

රාජපක්ෂ පවුල් පාලන සමයේ දී ගොඩනැඟුවේ වහල් මානසිකත්වයක් සහිත පිරිසකි. ඒ නිසා මහින්ද රාජපක්ෂ නමින් පොල්ලෙලක් දැමුවත් ඊට කැමැත්ත ප්‍රකාශ කරන මුග්ධ ඡන්දදායක ප්‍රජාවක් තමන්ට සිටින බව බන්දුල ගුණවර්ධන කියන කතාව සත්‍යයකි.

පොල් ලෙලි කතාවේ අලුත්ම තත්වය නම් ගමට පත්කර ගත් නියොජිතයා ගැහැනියක්ද පිරිමියෙක්ද කියා හෝ තවම පොහොට්ටු පාක්ෂිකයාටවත් දැනගැනීමට නොහැකිවීමය. දැන් දැන් වාර්තා වෙන තොරතුරු අනුව පොහොට්‍ටුවෙන් මහජන නියොජිත්යන් ලෙස තොර පත් කර ගත් වුන් අතර මිනීමරුවන් මං පහරන්නන්, ස්ත්‍රී දූෂකයන් වැනි අපරාධකරුවන් මෙන්ම එක් තැන් වූ අබ්බගාතයන්ද , වලපයයයි ගොඩ පයයි ඉන්නා ආච්චි අම්මලා සීයලා මෙන්ම , තමන් මන්ත්‍රීවරයකු දැයි තවමත් නොදන්නා පිරිසක්ද වේ.. ඇතැම් නියෝජිතයන් පත්ව ඇත්තේ තමන් ජීවිතේට පය නොගහපු ප්‍රදෙශවලිනි. ඊට සුපිරි උදාහරණය මහරගමින් වාර්තා වී තිබේ. ඒ පොහොට්‍ටුවේ මන්ත්‍රීවරු 22 ගෙන් මහරගම වාසීන් වෙන්නේ දෙදෙනකු පමණි. ඉන් එක් අයකු අ‍ඳෙන් නැගීට ගැනීමට බැරි කතා කළ නොහැකි අංශ භාග රොගියෙකි. 20 දෙනෙක් ගම්පහ හා වැල්ලවත්ත පදිංචිකරුවන්ය.

මේ නිසා තමන් ඡන්දය දුන්නේ කාටද කුමකටද කියාවත් නොදන්න පොහොට්ටු කාරයන්ගේ තීරණය රටේ සැබෑ ජනමතය ලෙස පිළිගත හැක්කේ පොල් කෝම්ඹ මෙන් ඔළුගෙඩි හිස් මිනිසුන්ට පමණි. අවාසනාවකට රටේ ජනාධිපතිවරයාවත් වැටෙන්නේ ඒ ගොඩටමය.

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us