News Items (18842)
"උඹ මොනවද බොන්නෙ ?"
"උඹ මොනව බිව්වත් මෙහෙ තියෙන්නේ ප්ලේන්ටී විතරයි"
ජවිපෙ, කොට්ඨාස 500 ක් දිනන බව රාජ්‍ය බුද්ධි අංශ ලාල්ට කියලා.
එළඹෙන පළාත්පාලන ඡන්ද විමසීමෙන් පළාත්පාලන මැතිවරණ කොට්ඨාස 500ක ජයග්‍රහණය ජනතා විමුක්ති පෙරමුණට ලැබෙන බව රාජ්‍ය බුද්ධි අංශ පවසන්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන සභික කේඩී ලාල්කාන්ත මහතා පවසයි.
2020 ගෝඨා එනවා ! අමරිකානු පුරවැසිභාවය ඉවත් කරගනී !!
මීළඟ ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයෙක් ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ මහතා නියත වශයෙන්ම ඉදිරිපත් වීමට නියමිත බව ඔහුට සමීප ආරංචි මාර්ග පවසයි. මේ වන විටත් ඔහු අමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට ඉල්ලුම් කර ඇති බවත් ඒ ඉදිරියේදී ලැබෙනු ඇති බවත් එම ආරංචි මාර්ග පවසා සිටී.
ජවිපෙ දූෂණයෙන් තොරද..? කතිකාචාර්ය විජයානන්ද රූපසිංහ
එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දිය යුතු බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි රාවය පුවත්පතේ සිය තීරු ලිපියෙන් යෝජනා කර තිබුණි. එහි තර්කය වූයේ අනෙක් පක්ෂවල දූෂිත ස්වභාවයත් 1990න් පසු දැන් තිබෙන්නේ "වෙනස්" ජනතා විමුක්ති පෙරමුණක් බැවින් අතීත ක්‍රියාකාරකම් නොසලකා ඊට ඡන්දය ලබාදීම ගැටළුවක් නොවන බවයි.
මහින්දගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න ජනාධිපති ඉඩදෙන් නෑ - ඩිලාන්
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පසුගිය ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ස්වාධීන රූපවාහිනියට සිදු කළ මුල්‍ය වංචාව හේතුවෙන් ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු බවට ජනාධිපති කොමිසම විසින් නිර්දේශ කර තිබුණත් ඊට කිසිසේත්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෝ ශ්‍රිලනීපය ඉඩ ලබා දෙන්නෙ නැති බව ඇමැති ඩිලාන් පෙරේරා මහතා අද පැවැති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය.
ඡන්දෙන් පස්සේ.. ශ්‍රීලනීපයේ ජවසම්පන්න ප්‍රබලයෙක් එජාපයට !
පළාත් පාලන ඡන්ද විමසීමෙන් පසුව ශ්‍රීලනීපයේ ප්‍රබල තනතුරක් දරණ තරුණ ඇමැතිවරයෙක් එක්සත් ජාතික පක්ෂයට එක්වීමට සූදානමක් ඇති බව එම ඇමැතිවරයාට සමීප ආරංචි මාර්ග පවසයි.
රජිත් කීර්ති තෙන්නකෝන් කියන්නේ දූෂණ විරෝධියෙකි.. එයා දූෂණ විරෝධියෙකු වෙන තරමට තමා එයාට ජීවත් වෙන්න ඩොලර් ලැබෙනේ. ඉතිං ඒක එයාගේ රස්සාවය.
මෛත්‍රීව රැකගැනීමේ මෙහෙයුමක් එජාපය දියත් කරයි !
මෙවර පළාත්පාලන මැතිවරණ ප්‍රතිපලය සම්බන්ධයෙන් රජයට සම්බන්ධ බුද්ධි අංශ විසින් සිදු කර තිබෙන සමීක්ෂණයකට අනුව ශ්‍රීලංකා නිදහස් පක්ෂය බොහෝ දිස්ත්‍රික්කවල තුන්වන තැනටත් පහලට වැටී ඇති බව පෙන්නුම් කර තිබේ.
දිලිත්ට යූඑන්පියේ ඇඩ්වර්ටයිසිං දෙන එකා මොන පිස්සෙක්ද?
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට දෙරණ මාධ්‍ය ජාලයේ හිමිකරු ද වන දිලිත් ජයවීරට අයත් ' ට්‍රයිඇඩ් ' ආයතනයට රුපියල් කෝටි 150 ක කොන්ත්‍රාත්තුවක ලබා දී ඇති බව වාර්තා වෙයි. පසුගිය දින කිහිපයේ දී මෙය වෙබ් අඩවි කිහිපයක ගොසිප් පුවතක් බවට පත්ව තිබුණු නමුත් පෙරේදා (28) සන්ඩේ ටයිම් පුවත් පතේ පුවතක් බවටද පත්ව තිබිණි.
බැඳුම්කර ගනුදෙනු වලින් රජයට බිලියන 25 ක ලාබයක් වෙලා..!
බැඳුම්කර ගනුදෙනුවෙන් රජයට විශාල පාඩුවක් අත්පත් කර දුන් බවට චෝදනා එල්ල වී ඇති පර්පෙච්චුවල් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතා එම ගනු දෙනුවලින් රජයට රුපියල් බිලියන 25 ක ලාබයක් අත්ව ඇති බවට විශේෂ හෙළිදරව් කිරීමක් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.
