වසරකට බිලියන 10,000 ක කොමිස් ගන්න ඇමැතිවරයෙක් !

Published in පුවත්
Monday, 29 January 2018 12:26

කිරිපිටි හා තිරිගු පිටි ආනයන කරන සමාගම් සදහා බදු සහන ලබාදීමට කටයුතු කර ඇති ඇමැතිවරයකු වසරකට රුපියල් බිලියන 10,000 ක පමණ කොමිස් ආදායමක් ලබන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ හෙළිදරව් කරයි, ජනාධිපතිවරයාට යොමු කර තිබෙන ලිපියක මේ බව සඳහන් කර තිබේ.

'....එම ඇමැතිවරයා විසින් කොමිස් ගැසීම සඳහා එම සමාගම්වලට ලබා දෙන සහනාධාරයේ ප‍්‍රමාණය වසරකට රුපියල් බිලියන 52,000කි. ඊට ලැබෙන කොමිස් මුදල 20%ක් ලෙස ගණන් බැලූව ද එම ප‍්‍රමාණය රුපියල් බිලියන 10,000කට වැඩි වේ. ඒ අනුව එම වංචාව දෙවැනි වන්නේ මහා බැඳුම්කර වංචාවට පමණි....'

එම ලිපිය

ජනාධිපතිතුමනි,

භාණ්ඩාගාර බැඳුම්කර මගඩිය පිළිබද සාකච්ඡ කිරීම සඳහා සර්වපාක්‍ෂික නියෝජිත කැඳවීම

ඔබතුමා විසින් ජනාධිපති ලේකම්වරයා හරහා ජාතික නිදහස් පෙරමුණ වෙත එවන ලද 2018-01-26 දිනැති ලිපිය හා බැඳේ.

ඕනෑම රටක සෑම ශිෂ්ටසම්පන්න ආණ්ඩුවක් පමණක් නොව දේශපාලන පක්ෂ, සංවිධාන සහ පොදු මහජනයා විසින් ද වචනයෙන් පමණක් නොව ක‍්‍රියාවෙන් ද දූෂණයට, වංචාවට සහ අල්ලසට එරෙහිව කළ හැකි සියලූ දේ කළ යුතු ය.

එම පොදු පිළිගැනීම පිළිබඳව ක‍්‍රිස්තු පූර්ව 4 වැනි ශතවර්ෂයේ දී වානක්‍ය හෙවත් කෞටිල්‍ය පඩිතුමා විසින් ද සඳහන් කරන්නට යෙදිණි. ඒ නිසා ඒ පිළිබඳ අපට විවාදයක් නැත. නමුත් වංචා දූෂණ පිළිබඳව පමණක් කතා කරමින් රට හමුවේ පවතින සෙසු බරපතළ ප‍්‍රශ්න යටපත් කිරීමට ද ඉඩ දිය යුතු නොවේ.

බැඳුම්කර වංචාව අප රටේ ඉතිහාසයයේ සිදු වූ බරපතළම සහ නිර්ලජ්ජිතම මූල්‍ය මංකොල්ලය බව සියලූ රටවැසියන් විසින් දැන් පිළිගෙන හමාර ය. ශ්‍රේෂ්ඨාධිකරණයේ දැනට අසුන් ගන්නා විනිසුරුවරුන් දෙදෙනෙකු ගෙන් සමන්විත වූ ජනාධිපති කොමිසම මගින් ඊට අදාළව චූදිතයන් වූ පිරිස් වැරදිකරුවන් බවට සාක්ෂි ඉදිරිපත් කොට ඇත. ඒ පිළිබඳව අපට තවදුරටත් වාද කිරීමට දෙයක් නැත. දැන් අවශ්‍ය වන්නේ චූදිතයන්ට විරුද්ධව වහා නඩු පැවරීම ය. ඒ සඳහා නව නීති රිති අවශ්‍ය නැත. බලධාරීන්ට අවශ්‍ය නම් තිබෙන නීති යටතේ වහා එම ක‍්‍රියාවලිය ආරම්භ කළ හැකි බව නීති විශාරදයින්ගේ මතය වේ. නමුත් සිදු නොවන්නේ ද එයම ය. එපමණක් නොව ජනාධිපති කොමිසම හමුවේ ඉතා දක්ෂ ලෙස සාක්ෂි මෙහෙය වූ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නඩු පැවරීමේ ක‍්‍රියාවලියෙන් ඉවත් කිරීමෙන් මහජනයාට ලබා දෙන සංඥාව කුමක් ද?

ඔබතුමා සහ රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා මෙන්ම ඔබතුමාලාගේ ආණ්ඩුවේ පාර්ශවකරුවකු වන විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා ද බැඳුම්කර නාඩගම රඟපාමින් සමස්ත මැතිවරණ කාලයම ගෙවා දැමීමට සූදානම් වන බව පෙනේ. ඒ තුළ රට බෙදීමේ ව්‍යවස්ථා සංශෝධන ක‍්‍රියාවලිය, බෙදුම්වාදීන් සතුටු කිරීම සඳහා කරනු ලබන ආරක්ෂක හමුදා දුර්වල සහ දුර්මුඛ කිරීමේ ක‍්‍රියාවලිය, රාජ්‍ය දේපළ තුට්ටු දෙකට විකුණාගෙන කෑම ආදී සෙසු බරපතළ ජාතික ගැටළු හිතාමතා යටපත් කෙරෙන බවක් දැකිය හැක. පසුගිය වසර 3 තුළ රටේ ආර්ථිකයට සිදු වූ විනාශය තව වසර තිහක් ගත වුව ද නිවැරදි කළ නොහැකි තරම් බරපතළ වේ. උදාහරණයක් ලෙස බැඳුම්කර මගඩියට වගකිව යුතු දෙවන පෙළ නායකත්වයක් පාන්පිටි සහ කිරිපිටි සමාගම්වලට අසීමිත බදු සහන ලබා දීම නිසා වී ගොවිතැනට සහ කිරි ගොවිතැනට සිදු වන දීර්ඝකාලීන අනර්ථය යටපත් වී ඇත.

එම ඇමැතිවරයා විසින් කොමිස් ගැසීම සඳහා එම සමාගම්වලට ලබා දෙන සහනාධාරයේ ප‍්‍රමාණය වසරකට රුපියල් බිලියන 52,000කි. ඊට ලැබෙන කොමිස් මුදල 20%ක් ලෙස ගණන් බැලූව ද එම ප‍්‍රමාණය රුපියල් බිලියන 10,000කට වැඩි වේ. ඒ අනුව එම වංචාව දෙවැනි වන්නේ මහා බැඳුම්කර වංචාවට පමණි.

මේ මහා පින්තූරය පිළිබඳ ඔබතුමා මුනිවත රකියි. ඊට අමතරව දූෂණ, වංචා මුලිනුපුටා දැමීමේ නාමයෙන් බලයට පත්වූ ඔබතුමා පළමු වටයේ දී බැඳුම්කර වංචාව හෙළිදරව් කරමින් නිකුත් කළ ‘ඩිව් ගුණසේකර වාර්තාව’ යටපත් කිරීම සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. ඔබතුමාට එම වගකීමෙන් නිදහස් වීම සඳහා සහ මහජන විශ්වාසය දිනා ගැනීම සඳහා කතා පැවැත්වීමෙන් ඔබ්බට ගොස් වහා ක‍්‍රියාමාර්ග ආරම්භ කිරීමට සිදු වේ. එම දිනයේ දී ඔබතුමාගේ කාරුණික ඉල්ලීම සලකා බැලමට අපි කටයුතු කරන බව ගෞරවයෙන් දන්වා සිටිමු.

මෙයට,
විශ්වාසී,

විමල් වීරවංශ (පා.ම.)
නායක,
ජාතික නිදහස් පෙරමුණ

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us