හෝමාගම තාක්ෂණ නගරයට කවුරුවත් බය විය යුතු නෑ - චම්පික රණවක.

Published in පුවත්
Monday, 29 January 2018 13:36

ජනතාව බිය වැද්දීම් සෑම දෙනාම සිදු කරගෙන යනවා. ඇතැම් අවස්ථාවල මිනිසුන්නට බය හිතෙන විදිහට, මිනිසුන් අනාරක්‍ෂිත වන විදිහට නොයෙක් ප‍්‍රකාශ කරගෙන යනවා. මම එනකොට දැක්කා අක්කර 4000 ක් අපි ගන්න යනවයි කියලා. අමූලික පට්ටපල් බොරුවක්.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළකරේ, තාක්ෂණ නගරයට ඉඩම් ලබාගැනීම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් අද (29) දින හෝමාගම, දාම්පේ වෙරළුපාගොඩ සංවිධානය කර තිබූ ජනහමුවකට සහභාගී වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, මම දේශපාලනයේ කිසිම අවස්ථාවක කිසිම බොරුවක් ප‍්‍රකාශ කර නැහැ. මේක අමූලික පට්ටපල් බොරුවක්. කවුරුහරි 4000 කතාව කියන අය ඒ අයට මේ පට්ටපල් බොරුවට පිළිතුරු දෙන්න කියලා අපේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. කිසිම ආකාරයක අක්කර 4000 ක කතාවක් නැහැ.


මහහේනවත්ත කියන ඉඩමේ අක්කර 92 ක් තිබෙනවා. ඒක අත්පත් කරගෙන එහි තාක්ෂණ නගරයක් හදනවා. ඒ තාක්ෂණ නගරය ප්‍රෝඩාවක් නෙමෙයි. එහි දැනට නැනෝ තාක්ෂණ ආයතනය තිබෙනවා. හරිත විශ්ව විද්‍යාලය තිබෙනවා. එන්.ඩී.ටී. තාක්ෂණ පීඨය තිබෙනවා. ඊට අමතරව අපි කොළඹ විශ්ව විද්‍යාලයේ, ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ හා මොරටුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨ 3 කට අපි ඉඩම් ලබාදී තිබෙනවා, ඒ වගේම හරිත විශ්ව විද්‍යාලය පුළුල් කිරීමටත් ඉඩම් ලබාදී තිබෙනවා. මේ කිසිම කෙනෙක්ගේ පෞද්ගලික ඉඩම්, නිවාස තිබෙන ඉඩම් අපි අරගෙන නැහැ. ඒ වගේම පසුගිය රජය යටතේ ලබාගත් ඉඩම් සියල්ලමටත් වන්දි ලබාදීමට අපි කටයුතු කරගෙන යනවා. එම ආයතන පිහිටුවා තිබෙන තැන්වල. ඊට අමතරව අපි හෝමාගම නගරයේ සිට මාහේන වත්තට පාරක් සාදනු ලබනවා. එම පාර මේ වසරේදී ආරම්භ කරනවා. ඉතිරි කොටස් ටික අපි අදාල ජනතාවත් සමග සාකච්ඡා කර ලබන වසරවලදී ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. අවශ්‍ය ප‍්‍රමාණයේ මාර්ගයක් නොමැතිව එම නගරය ගොඩනැගීමට නොහැකි නිසයි මෙම මාර්ගය සෑදීමට බලාපොරොත්තු වන්නේ.

විශ්ව විද්‍යාලයක් එනවා කියන්නෙ ගමකට ආලෝකයක්. ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය කියන්නේ අද එම ප‍්‍රදේශයේම ජනතාව ආලෝකයක්. එම විශ්ව විද්‍යාලයේ 14,000 ක් ශිෂ්‍යයෝ ඉගෙන ගන්නවා. එම 14,000 ට නවාතැන්, ආහාරපාන ලබාදෙන්නෙ ප‍්‍රදේශවාසීන්. එම ප‍්‍රදේශවාසීන්ට එමගින් දවසකට විශාල ආදායමක් ලැබෙනවා. ප‍්‍රදේශයම දියුණුවෙලා වර්ධනය වෙලා තිබෙන්නේ ඒ නිසා. විශ්ව විද්‍යාලයකට එරෙහි වෙන්න, උපාධි නැති මිනිස්සු තමන් උගත්තු හැටියට රටේ දේශපාලනය කළාට, විශ්ව විද්‍යාලයකට එරෙහි වෙන කවුරු හරි ඉන්නවා නම් මේ වගේ බොරු ප‍්‍රචාර යවලා ඒ අයටත් ඒ අයගේ දරුවන්ටත් එය ශාප වෙනවා.

ඒ වගේම මෙම ප‍්‍රදේශවල පෞද්ගලික නිවාසවලට හානි කරන්න වතුවලට හානි කරන්න අපේ කිසිම අදහසක් නැහැ. මේ විශ්ව විද්‍යාල 4 පිහිටුවලා මේ විශ්ව විද්‍යාල 4ට එම දරුවෝ ආවහම අනිවාර්යයෙන්ම එම දරුවන්ට කෑම බීම, නවාතැන් ඉඳුම් හිටුම් ලැබෙන්නේ අපේ මේ ප‍්‍රදේශවල ජනතාවට. මේකට එරෙහිවන කවුරුහරි ඉන්නවා නම් මේකට බොරු කියන කවුරු හරි ඉන්නවා නම් ඒක සාපයක්. ඔබතුමාලා ඔක්කොටම තව වසර 3 කින් මෙම කටයුත්ත තමන්ගේ ඇස් පනාපිට දැක ගන්න පුළුවන්.

ඊට අමතරව අපි අක්කර 800 ක් මිල්ලෑවේ වත්තේ අරං තිබෙනවා. අපිට වෙන ඉඩම් අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම අපි පෞද්ගලික විශාල වතු 4ක් හඳුනාගෙන එම වතු 4 අයිතිකරුවන් සමග සාකච්ඡා කරගෙන යනවා. එම වතු සම්පූර්ණයෙන්ම පුද්ගලික ඉඩම් හිමියන්ට අයිති වතු. ඒ අයත් සමග අපි සාකච්ඡා කර අක්කර 246 ක් ගන්න මෙය පුළුල් කිරීමේ අවස්ථාවක් හැටියට. ඒ කිසිම අවස්ථාවක කිසිම ආකාරයක පොඩි ගෙවල්වල, වතුවලට අපි අත තියන්න බලාපොරොත්තුවක් නැහැ. විශේෂයෙන්ම අපේ ප‍්‍රාදේශීය ලේකම්වරුන්ටත් මම කිව්ව මේ ඉඩම් පිළිබඳ ගැටළු එනකොට ඒ පිළිබඳව දැනුවත් කරන්න කියලා. ඒ දැනුවත් කිරීම්වල අඩුපාඩුමකම් නොයෙක් අවස්ථාවල තිබිය හැකියි. මම ඔබතුමන්ලාට පොරොන්දු වෙනවා එවැනි කිසිම දෙයක් වෙන්නේ නැහැ. මේ ඡන්දයක් ඉදිරියේ තිබියදී, ඡන්ද ගුන්ඩුවක් විදිහට මිනිස්සු බියගන්වන්න සමාජය ඉදිරියේ බොරු වීරයෝ වෙන්න කවුරුවත් උත්සාහ කළ යුතුත් නැහැ. මම ඉංජිනේරුවෙක් විදිහට, තාක්ෂණ ඇමති විදිහට නැනෝ තාක්ෂණ ආයතනය මෙතනට ගෙනාවා. එම කටයුත්ත එක්ක මේ රට ඉදිරියට ගමන් කරනවා. ඒ ගමන් කිරීම මිසක් මෙමගින් රට ආපස්සට යන්නේ නැහැ.

නගරයක් දියුණුවීමට නගරයට තේමාවක් අවශ්‍යයි. නගරයකට ඉදිරි ගමනක් අවශ්‍යයි. මේ නගරයේ තේමාව තාක්ෂණය. එම තාක්ෂණය සමගයි අප ඉදිරියට ගමන් කරන්නේ. ඒක නිසා ඔබතුමාලගේ අදහස් උදහස් සමග අපි සාකච්ඡා කරලා ඉදිරියේ කරනවා මිසක් කිසිම කෙනෙකුට එරෙහිව කටයුතු කරන්න අපේ අදහසක් නැහැ. අපි මාලබෙත් මේ වගේ ගියා, මේ වගේ ගැටළුවක් තිබුණා. අපි සාක්ච්ඡා කර එය විසඳා ගත්තා. මම කියන්නේ සත්‍ය කතා කරන සත්‍යයත් සමග ගණු දෙනු කරන පිරිසත් සමග ගණුදෙනු කරන්න, කටයුතු කරන්න, ඇහුම්කන් දෙන්න ලැහැස්තියි. හැබැයි කලබල කරන්න හදන, බොරු ප‍්‍රචාර හරහා බොරු දේශපාලන වීරයෝ වෙන්න හදන කිසිම පුද්ගලයෙකු සමග අපි ගණුදෙනු කරන්නේ නැහැ. මොකද මෙය දරුවන්ගේ අනාගතය පිළිබඳ ගැටළුවක් නිසා. ඒ නිසා කිසිම කුඩ පෞද්ගලික ඉඩමක් කිසිම ආකාරයකට අත්පත් කර ගන්න අපි යන්නේ නැහැ. නමුත් විශාල වතු 4ක් අපි අරගෙන තිබෙනවා. එම වතු 4 ප‍්‍රධාන ඉඩම් හිමියෝ අයටත් අපි අවස්ථාවක් ලබාදී තිබෙනවා, අපේ මේ තාක්ෂණ නගරයට තමන්ගේ යොජනා ඉදිරිපත් කරන්න. ඒ වගේම අපි මේක ඉදිරියේදී කොරියානු ආධාර ඇතිව දියුණු වෙනවා. ඒ දියුණු වෙනකොට ඉදිරි කාලයේදී අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම ගුවන්විදුලි සංස්ථාවට අයිති ඉඩමේත් නාගරික සංවර්ධන අධිකාරියට අයිති ඉඩමේත් විද්වත් පුරවයන් දෙකක් ගොඩනගන්න. විශ්ව විද්‍යාල ගුරුවරුන්ට හා දරුවන්ට. එතකොට ඒ අයත් මෙහේ පදිංචි වෙනවා රජයට අයිති ඉඩම්වල. ඒ ඇරෙන්න වෙන කිසිම ආකාරයක කාරණයක් නැහැ.

අනවශ්‍ය බිය වැද්දීම්, අනවශ්‍ය කි‍්‍රයාවලින් කරන්න එපා කරුණාකරලා, ප‍්‍රශ්න තිබෙනවා නම් ඒවා සාකච්ඡා කරලා විසඳන්න සූදානම් බව මා ප‍්‍රකාශ කරනවා. ඒ වගේම මෙමගින් ලැබෙන ආලෝකය ගැන හැම කෙනාම හිතන්න. ගම් බිම් විනාශ කරන ප්‍රොඩාකාරී, ප්‍රෝඩාවක් නෙමෙයි ඒක එතන පේන්න තිබෙනවා. ඒ ගොඩනැගිලි ඉදිකිරීම දැන් එතන කෙරීගෙන යනවා. මාර්ගය ඉදිිකිරීම දැන් කෙරීගෙන යනවා. ඒ විශ්ව විද්‍යාලය තව අවුරුදු 3 කින් විවෘත වෙනවා.

මේ කිසිම දෙයක් නැතිව රටක අනාගතය ගැන හිතන්නේ නැති පිරිස් විසින් ප‍්‍රකාශ කළාට මේ ප‍්‍රදේශයට ලැබෙන්න තිබෙන මේ වාසනාව විශාල අවස්ථාවට විරුද්ධ වෙලා කරුණාකරලා ඒ මහා පාපයට දායක වෙන්න එපා කියලා මම සියළු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. මොකද අපේ ජනතාවට අති විශාල ශක්තියක් ලැබෙන දෙයක්. නිකං බොරුවට මිනිස්සු කලබල කරලා ඒවයින් යම් යම් අය ප‍්‍රයෝජන ගන්නවා. ඉතිහාසය පුරාම එවැනි කලබල කරලා අවසානයේ සිදු උනේ කිසිම ප‍්‍රයෝජනයක් නැති දේවල්වලට රට ගමන් කිරීම පමණයි. ඒක නිසා මේ සම්බන්ධව අපි විධිමත්ව ඔබත් සමග මේ පිළිබඳව සාකච්ඡා කර ඉදිරි කාලයේ මේවා සිදු කරගෙන යනවා.

අපි දැනට මේ විශ්ව විද්‍යාල 4 ට පමණයි අවස්ථාව ලබාදී තිබෙන්නේ. මේ කර්මාන්තපුරය ගොඩනැගෙන්නේ මිල්ලෑව වත්තේ. එම වත්ත දැන් අත්පත් කරගෙන තිබෙනවා අක්කර 800 ක් අපේ මේ ඉදිරි දශක තුනහමාරකට පමණ තිබෙන ඉදිරි සැලසුමට හොදටම ප‍්‍රමාණවත්. ඊට අමතරව මේ පුද්ගලික වතු යායවල් 4 සම්බන්ධයෙන් එම අයගේ ආයෝජන සැලසුම්වලට අනුව කටයුතු කරන්නේ. එම වතු තමයි දඹගොල්ලවත්ත, හොරගොල්ලවත්ත, දෙහිගහවත්ත, තලගල්ලවත්ත යන වතු 4. එම වතු 4ම පුද්ගලික ඉඩම් හිමියන්ට අයිති ඉඩම් විශාල ප‍්‍රමානයේ අක්කර 30, 40 ට ඇති ඉඩම්. ඒ වගේම එතුමන්ලට ද අපි වන්දි ගෙවන්න කටයුතු කරනවා. ඒ ඇරෙන්න අනෙක් කිසිම කෙනෙකුගේ පොඩි ඉඩම් ගන්න අපි කටයුතු කරන්නේ නැහැ. ජනතාව කුලප්පු කිරීම, ජනතාව බියවැද්දීමේ උනක් තිබෙන අය සිටිනවා. ඒවාට කිසිම කෙනෙක් රැවටෙන්න එපා. මේ ලංකාවේ දේශපාලනයේ අපි ගොඩක් දේවල් සිදු කර තිබෙනවා. ගොඩක් දේවල් ගොඩනගලා තිබෙනවා. කෝම්පිට්ටුවක්වත් හදලා නැති අය තමයි මේවාට විරුද්ධ වෙන්නේ. මේක ඔබේ පොදු යහපත වෙනුවෙන් සිදු කරන කටයුත්තක්. ඒ නිසා ඔබ සියළු දෙනාගේම සහයෝගය බලාපොරොත්තු වෙමින්, ඔබ කිසි කෙනෙක් මේ බොරු ප‍්‍රචාරවලට, බොරු රැවටිලිවලට රැවටෙන්න එපා. මොකද ඔබ වැනි පීඩිත මිනිසුන්ට හානි කරන්න බලාපොරොත්තුවක් අපේ නැහැ. මමත් සාමාන්‍ය පවුලකින් ඉගෙන ගෙන ඇවිල්ලා විශ්ව විද්‍යාලයට ගිහිල්ලා ඉංජිනේරු උපාධිය අරගෙන, ඉංජිනේරුවෙක් ගුරුවරයෙක් විදිහට වැඩ කරලා අධ්‍යාපන සුදුසුකම් ලබාගෙන තිබෙන කෙනෙක්. ඒ වගේම ප‍්‍රදේශ ගණනාවකටම, අද මේ ප‍්‍රදේශවල තිබූ විදුලිය වැනි විවිධ ගැටළු, අපේ කාලවල අපි විසඳලා දුන්නා.

ඒ නිසා අපි කවදාවත් මේ පීඩිත, දුප්පත් මිනිසුන්ට හානි කරන්න අපේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. මේ සියල්ලෙන් සිදුවෙන්නේ මේ රටේ ඉතාම වැදගත් විදිහට උසස්පෙළ සමත්වෙන දරුවන්ට ලැබෙන එක. එම විශ්ව විද්‍යාල දැන් ගොඩනැගිලා ඉවරයි. දැන් ගොඩනගාගෙන යනවා. එම ඉඩම් ලබාදී තිබෙනවා. මේ මැතිවරණය නිසා අපට සාකච්ඡා කිරීමට තිබෙන ඉඩකඩ අඩුයි. නැවතත් මෙය විධිමත්ව කතා කරන්න ලැහැස්තියි. කිසි කෙනෙක් බියට පත් වෙන්න එපා. මේ කි‍්‍රයාදාමය අපි සිදු කරන්නේ ඔබ සියළු දෙනා සමගම සාකච්ඡා කරමින්, ගැටළු තිබෙන අය සිටිනවා නම් කාරුණාකර ඉරිපත් කරන්න. ඒවා සාකච්ඡා කර කටයුතු කරන්න අපි සූදානම් යැයි පැවසීය.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us