අර්ජුන්ගේ සමාගම් 28 ක බැංකු ගිණුම් අත්හි‍ටුවීමට පියවර ගනී

Published in පුවත්
Sunday, 28 January 2018 13:23

ව්‍යාපාරික අර්ජුන් ඇලෝසියස් ට අයත් පර්පෙච්චුවල් සමූහය හා අනුබද්ධ තවත් සමාගම් 28 ක බැංකු ගිණුම් අත්හි‍ටුවීමට ශ්‍රීලංකා මහ බැංකුවේ, මූල්‍යමය බුද්ධි සේවා ඒකකය තීරණය කර ඇති බව මහ බැංකු අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙයි. මේවන විට මහ බැංකුව විසින් බැඳුම්කර ගනු දෙනුවලට අදාලව සිදු කරගෙන යන විමර්ශන වලට යටත්ව මෙම පියවර ගැනීමට නියමිතය.

මීට පෙර එම සමාගම් සමූහයේ ප්‍රධාන ගිණුම් දෙකක අත් හි‍ටුවීමටද පියවර ගෙන තිබිණි. එමඟින් රුපියල් බිලියන 12.5 ක මුදල් මහ බැංකුව රඳවාගෙන ඇත.

කෙසේ නමුත් මෙම සමාගම් 28 මඟින් වෙළඳපොළ තුල ආයෝජනය කර ඇති මුදල් තව දුරටත් සංසරණය වීම හා එම ව්‍යාපාරික සම්බන්ධතා ව්‍යාපාරික ලෝකයට සිදුකරන ලද බලපෑම ආදිය මෙන්ම එම සාමාගම් හී සේවය කරන සේවක සේවිකාවන්ගේ වැ‍ටුප් ආදිය ගෙවීම මේ නිසා බරපතල අර්බුදධයකට මුහුණ දෙනු ඇත.

මෙම සමාගම් සමූහයට අයත්ව තිබෙන Integrated Media Networks (Pvt) Ltd ආයතනය මඟින් ප්‍රකාශයට පත් කරන ලද ' ජනයුගය ' පුවත්පත නවතා දැමීමට පසුගියදා සිදු කළ අතර එම සේවක සේවිකාවන්ට පසුගිය ඔක්තොබර් මාසයේ සිට වැ‍ටුප් ගෙවීම සිදු කර නොතිබිණි. එසේම මෙම සමාගම් සමූහයට අයත් W M Mendis & Co Ltd මත්පැන් නිශ්පාදන කර්මාන්ත ශාලාවේ විශාල සේවක පිරිසක් සේවය කරති. ගිණුම් අත් හි‍ටුවීම සිදු කළ හොත් එම නිශ්පාදන වෙළඳ පොලට පැමිණීමද වැලෙකෙන අතර එම සේවකයන්ට වැ‍ටුප් ගෙවීමද සිදු කළ නොහැක.

මේ හේතුව නිසා මහ බංකුව මෙම පියවර ගැනීමේදී ඇතිවන අර්බුදකාරී තත්වය වැලැක්වීමට විශේෂ පියවරක් අනුගමනය කිරීමටද අවධානය යොමු කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

ක්‍රීඩා

SL vs AUS 2nd Test: තරගයේ දෙවන දිනය අදයි

SL vs AUS 2nd Test: තරගයේ දෙවන දිනය අදයි

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද (07) ක්‍රියාත්මක...

Connet With Us