මෛත්‍රීගේ යෝජනාව ඒකාබද්දේ පිළිගනී. මහින්ද අගමැතිධුරයට

Published in පුවත්
Sunday, 28 January 2018 12:23

එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් බිහි කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන විසින් කරන ලද යෝජනාව පිළිගන්නා බව ඒකාබද්ද විපක්‍ෂය සදහන් කරයි.

මෛත්‍රී පාර්ශ්වය මේ වන විටත් භාරකාර ආණ්ඩුවක් වශයෙන් නව ආණ්ඩුක්‍රම සංකල්පයක් ප්‍රකාශයට පත් කර ඇති අතර ඒ අනුව ඉදිරි දෙවර්ෂය සඳහා පිහි‍ටුවන භාරකාර ආණ්ඩුවේ අගමැතිධුරය මහින්ද රාජපක්ෂ මහතාට ලබාදිය යුතු බව එම කණ්ඩායම පෙන්වා දෙයි.

ඒකාබද්ද විපක්‍ෂයේ කැදවුම්කරු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා සදහන් කරන්නේ අගැමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්‍ෂ ඇමතිවරුන් එම ධුරයන්ගෙන් ඉවත් කරන්නේ නම් ජනාධිපතිවරයාගේ යෝජනාවට එකඟ වන බවයි.

ඉන් අනතුරුව පිහිටුවන නව ආණ්ඩුවේ භාරකාර ඇමති ධුරයන් ලබා ගැනීමටද සූදානම් බවද ඔහු සදහන් කරයි.

මේ අතර ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා සදහන් කරන්නේ නව ආණ්ඩුවේ අගමැති ධුරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ලබා දිය යුතු බවයි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us