සම්භාණ්ඩ - 2017 දී රු. බිලියන 18ක ආදායමක් ගෙනෙයි

Published in පුවත්
Sunday, 28 January 2018 12:11

2017 වසරේදී ශ්‍රි ලංකා පාවහන් හා සම්භාණ්ඩ කර්මාන්තයේ පුළුල් සංවර්ධනයක් සිදු වූ බවත්, ඒ සඳහා හොඳ අපනයන වෙළෙඳපොළක් ඇති වූ බවත්, 2017 වසරේදී පාවහන් හා සම්භාණ්ඩ අපනයනයෙන් රුපියල් මිලියන 18,480 ක් හෙවත් කෝටි 1,848 ක ආදායම් ලැබුණ බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියිදීන් මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදීය.

ශ්‍රි ලංකා පාවහන් හා සම්භාණ්ඩ අපනයන කර්මාන්තයට හොඳ ඉඩකඩක් ලැබී තිබෙනවා. මෙම කර්මාන්තයේ දෙස් විදෙස් පිළිගැනීමක් ඇති කිරීම සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයෙන් සුවිශාල දායකත්වයක් ලබා දුන්නේ ය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් කතා කළ රිෂාඩ් බදියුදීන් මහතා මෙසේද පැවසීය.

"අපේ සම්භාණ්ඩ හා පාවහන් කර්මාන්තය පුළුල් කිරීම සඳහා මගේ අමාත්‍යාංශයේත්, ආයතනවලත් පූර්ණ සහයෝගය ලබා දුන්නා. ඒ වගේම අපි විදේශ වෙළෙඳපොළ තව තවත් පුළුල් කිරීමටත්, නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීමටත් කටයුතු කරනු ලැබුවා. අප රටේ පාවහන් හා සම්භාණ්ඩ කර්මාන්තය තුළ සෘජු හා වක්‍ර වශයෙන් ලක්‍ෂ 03 කට ආසන්න පිරිසක් රැකියාවල නිරත වෙනවා. මෙම කර්මාන්තයේ සමස්ත නිෂ්පාදනවල වටිනාකම රුපියල් බිලියන 60 ක් හෙවත් කෝටි 6000 ක් පමණ වෙනවා. එයින් සියයට 75 ක්ම ලබා දෙන්නේ අපේ දේශීය නිෂ්පාදකයායි. එම නිසා අප අපගේ ආයතන වෙළඳපොළ තව තවත් පුළුල් කිරීමටත්, දේශීය පාවහන් නිෂ්පාදනවල ප්‍රමිතිය ඉහළ මට්ටමින් පවත්වාගෙන යාමටත් පියවර ගත යුතු වෙනවා. ඒ සඳහා දේශීය පාවහන් නිෂ්පාදකයාගේ සහායද අවශ්‍ය වෙනවා " යැයි පැවසීය.

biz.adaderana.lk

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us