දිලිත්ට යූඑන්පියේ ඇඩ්වර්ටයිසිං දෙන එකා මොන පිස්සෙක්ද? Featured

Tuesday, 30 January 2018 00:21

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට දෙරණ මාධ්‍ය ජාලයේ හිමිකරු ද වන දිලිත් ජයවීරට අයත් ' ට්‍රයිඇඩ් ' ආයතනයට රුපියල් කෝටි 150 ක කොන්ත්‍රාත්තුවක ලබා දී ඇති බව වාර්තා වෙයි. පසුගිය දින කිහිපයේ දී මෙය වෙබ් අඩවි කිහිපයක ගොසිප් පුවතක් බවට පත්ව තිබුණු නමුත් පෙරේදා (28) සන්ඩේ ටයිම් පුවත් පතේ පුවතක් බවටද පත්ව තිබිණි.

ප්‍රශ්නය තියෙන්නේ දිලිත් ජයවීර මහින්ද රාජපක්ෂගේ දේශපාලනය සමඟ එක පෙළට හිට ගැනීම ගැන නොවෙයි.. එයා ගෝඨාභය රාජපක්ෂගේ ළඟ හිතවතකු වීමත් නොවෙයි. සරත් අමුණුගමගේ බෑනා වීමත් නොවේ. මුදල් විශුද්ධිකරන චෝදනාවනට හසු නොවී තවමත් නිදැල්ලේ පසුවීමත් නොවේ. ලිබර්ටි ප්ලාසා අවනඩුවේ කොටස්කාරයකු වීමත් නොවේ.

ජනාධිපතිවරණයෙන් පහුවදා අගමැති රනිල් පිළිගන්න දිලිත් ජයවීර අරලිය ගහ මන්දිරයට වී බලා සිටීම වෙනම කතාවකි. ඊටත් පස්සෙ හැමදාම උදේට අරලියගහ මන්දිරයට රිංගාගෙන ඉඳීම ගැන ඕනෙම නැත.

ප්‍රශ්නය තියෙන්නේ ඒකා කරපු ඇඩ්වර්ටයිසිං වැඩත් එක්කය. පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ දිනවීම වෙනුවෙන් වැඩිම මැතිවරණ දැන්වීම ප්‍රමාණයක් හැදුවේ දිලිත් ජයවීරගේ ට්‍රයිඇඩ් ටීම් එක සහ ඊට අනුබද්ධව පවත්වාගෙන ගිය පොඩි පොඩි ඒජන්සි කට්ටිය මිසක් වෙන කවුරුවත් නොවෙයි. ඒ වාගේම එකල ආරක්ෂක අමාත්‍යංශයේ සියලු ප්‍රචාරක වැඩ වගේම 'රණවිරු රියලටි ස්ටාර්" , අපි වෙනුවෙන් අපි' වැනි ප්‍රචාරාත්මක වැඩ සටහන්ද කළේ දිලිත්ගේ ටීම් එකය.


දිලිත් මොන මොන සෙල්ලම් දමා එම ප්‍රචාරක කටයුතු කළත් අවසානයේදී මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ එජනිස කණ්ඩායමම කූජිත ලෙස පැරදුනේය.

මේ අසමත් මනුස්සයාට යූ එන් පියේ ප්‍රතිරූපය ඉහළ නංවන්නට කොන්ත්‍රාත් දෙන එකා පිස්සෙකු මිස වෙනකෙක් වෙන්නට බැරිය.

දිලිත්ගේ ඇඩවර්ටයිසිං ගැන කතාව එපමණය..

 

- චන්දරේ,


ඔව්... පාරේ තමයි ඉන්නේ.

 

චන්දරේගේ තවත් කතා

රාවය, වැහිලා ගියා කියලා අපිට පාාන් ද ?

Last modified on Tuesday, 30 January 2018 00:27

Leave a comment

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us