දූෂණ විරෝධියාගේ තක්කඩිකම... Featured

Wednesday, 31 January 2018 14:51

රජිත් කීර්ති තෙන්නකෝන් කියන්නේ දූෂණ විරෝධියෙකි.. එයා දූෂණ විරෝධියෙකු වෙන තරමට තමා එයාට ජීවත් වෙන්න ඩොලර් ලැබෙනේ. ඉතිං ඒක එයාගේ රස්සාවය. 

රස්සාවට කරන කියන වෙන දේවල් ගැන කැත කතා කිව යුතු නැත. කලින් රස්සාව කළ 'දූෂණ විරෝධි පෙරමුණ' ට උනේ මොකක්ද ගැන කතා කළ යුතුම නැත. ඒ හැම දෙයක්ම කරන්නේ තමන්ගේ අඹුදරුවන් පෝසනය කරන්නටය. වෙන කවුරුවත් එයාලට කන්න අඳින්න දෙන්නෙ නැත.

පහුගිය ටිකේම බැඳුම්කරය නිසා එයාට වැඩ වැඩි විය. හොරු අල්ලලා හිරේ දානකම් නින්ද යන්නේද නැත. නින්ද නොයාම නිසා ඔළුව විකාර වී නන්දොඩවන්නටද දැන් පටන් ගෙන තියේ.

පව් මේ බලන්නකො.."රවී කරුණානායක මහතා අර්ජුන ඇලෝසියස් සමග සබදතා පැවැත්වූ බව කොමිෂන් වාර්තාවේ දැක්වෙන බවත් ඔහුට යම් ප්‍ර‍තිලාභයක් ඒ මගින් ලැබෙන්නට ඇති බව අනුමාන කරන්නට හැකි බවද නමුත්, බැදුම්කර වංචාවේ මහ මොළය හා සැලසුම්කරුවන් එජාප නායකයා හා ඔහුගේ ගජ මිතුරන් බව ඉතා පැහැදිලියි. තිලක් මාරපන කමිටුව සැබෑ හොරුන් බේරා එජාප උප නායකයා ‘බිල්ල‘ ට දී තියෙනවා. මේක පැහැදිලි මැතිවරණ ඇස්බැන්දුමක්" මේ එයා කියපු කතාවක්.

රවී, ආර්ජුන් එක්ක සම්බන්ධ නිසා අර්ජුන්ගෙන් රවීට බැඳුම්කරෙන් මොනව හරි ලැබෙන්න ඇතිය කියා රජිත්ට හිතෙනවලු.. ඒ නිසා රවිත් හොරෙක් ලු. රනිලුයි එයාගේ ගජ මිතුරනුත් හොරුලු. දැන් මේවා කියන්නේ කිසිම වගක් , සාක්කියක් නැතුව. කොමිසම් වාර්තාවෙවත් එහෙම කිසි කතාවක් නැතුව. ඒ තියා එහෙම මොකේ හරි සාක්කියක් තියෙනව නම් ඒකවත් රජිත් ඉදිරිපත් කරන්නෙත් නෑ.... නිකම්ම කියලා දානවා.

කොහොම හරි රජිත්ගේ ලොජික් එක අනුව

දැන් රජිත් ශිරාල්ගේ යාලුවෙක්.. ශිරාල් ජනාධිපතිගේ ලේකම් කෙනෙක්..ඒ නිසා මේ රජිත් කියවන්නේ ජනාධිපති උවමනාව කියලා හිතුවට වැරදි නෑ. ඒවායෙන් වෙනත් ප්‍රතිලාබ තියෙනවා කියලා පැහැදිලිව කියන්නත් පුළුවන්.

දූෂණ විරෝධියාගේ තක්කඩිකම එසේය...... සාක්කියක් නැත.

 

- චන්දරේ

ඔව්, පාරේ තමයි ඉන්නෙ.

Leave a comment

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us