රාවය, වැහිලා ගියා කියලා අපිට පාාන් ද ? Featured

Sunday, 28 January 2018 22:44

වැඩේ තියෙන්නේ පත්තරයක බ්‍රැන්ඩ් නේම් එකේ නෙවෙයි.. පත්තරකාරයා තමයි අපිට වැඩ්ඩෙක් වෙන්න ඕන. එතන්දි හැබෑටම පත්තරකාරයාය කියන ගුණයෙන් යුතු මිනිහට පත්තර පඩංගුවේ බ්‍රෑන්ඩ් නේම් එකවත් අයිතිකාරයා ගැනවත් එකේ පැටිකිරියවත් අදාල නෑ.

රාවයේ ලියලා වීරයා වෙන මිනිහා තවත් පත්තරයකදී රිලා ජෝක් පෙන්වන්නෙක් වුනොත් ඒ වීර කතාව එතැනින් ඉවරයි. ඉතින් කෙනෙක් රාවයේ ඉන්නකොට එක විදිහකුත් තව තැනකදී තව විදිහකුයි වෙන්න බෑ. එහෙම වුනොත් වෙන්නේ අර රාවයේ වැඩ කරද්දීත් කළේ බොරුවක්, ඒ ස්වාමියාට ඕනෑ ලෙස පාර්ශ්විකව කටයුතු කළ බව පමණක් සපත වීම පමණයි.

ඉතිං මේකට උදාහරණ ඕන තරම් තියෙනවා රාවයේ ඉඳලා එළියට ආපු මිනිස්සුන්ට වෙච්ච දේ ගැන හෙව්වාම. රාවයේ ඉන්න අයට රාවය කියන පත්තර පි‍ටු අතර හැංගිලා වීරයෝ වෙන්න පුලුවන්. ඒ ඉන්නකම් ඒ අය වීරයෝ තමයි. එළියෙදි ඒ වීරකම් නෑ.. ඒ නිසා රාවය තමයි පත්තරේ කියමින් ඒ ඉන්න අයට ඇතුළේ ඉඳල ලොරි ටෝක් ඉෂූ කරන්න පුලුවන්...මේවා එක්ක බැඳිච්ච සුළු පිරිසක් එළියේ ඉන්න නිසා විසිල් අත්පුඩි එහෙමත් ලැබෙන කොට කට්ටියට මාර චූන්..මේක රාවයට විතරක් නෙවෙයි ගොඩක් මාධ්‍ය ආයතනවල වැඩකරන අයට පොදු දෙයක්.

ජනරංජන රාවයේ කතු කමෙන් අයින් වුණාම..රාවය වැටෙන්න දෙන්න බෑ කිය කියා. එතන කට්ටිය අලුත් කතුවරයෙක් පත් කර ගන්න අරගල කරනවා. නාම යෝජනාත් ඉදිරිපත් වෙලා. හේතු සාධකත් ඉදිරිපත් වෙලා.. මේ හේතු සාධක මේ කලින් කියපු රාවය කියන අවකාශය ඇතුලේ කරන බොරුවත් එක්ක සම්බන්ධයි. කරන බොරුව බොරුවක් ලෙස පේන්න ගත්තා. රාවයේ අනන්‍යතාවය හැදුනේ ගවේශනාත්මක වාර්තාකරණය කියන කාරණයත් එක්ක. ඒත් ඒකේ තේරුමවත් නොදන්න වුන් දැන් වේෂ නිරූපනය මඟින් ගවේශනාත්මක වාර්ථාකාරයෝ වෙලා.

මේ රාවය කියන නිදහස් අවකාශය හැදුවේ අයිවන්. අයිවන් ඉවත් වෙන කොට ඒකත් ඉවර වුණා... ඒ අවකාශයේ දිගක් පළලක් ගැන වෙන කාටවත් තේරුමක් තිබුණේ නෑ. යටිගං බලා කට්ටිය වේගයෙන් පිහිනගෙන ගියා.
ජනරංජන රාවය බොහෝ තරමකට විනාශ කරලා දැම්මා. රුහුණගේලා සහ ගෝල බාලයෝ ඒකට අඩු වැඩිය එකතු කළා.. දැන් ඉතුරු ටිකත් විනාශ කරලා දාන්න මිසක් වෙන කෙනෙක් එතෙන්ට පත් වීමට නියමිත නෑ. මොකද ඉන්න ඔක්කොමත් අර කලින් කියපු බොරුවක් නඩත්තු කළ පිරිස.

සිකුරාදා උදේට කළු අච්චු අකුරු සහිත පිළිවෙලක් නැති පත්තර කොළ ගොන්නක්, රාවය කියලා ආයේ අතට ආවට ඒක.., රාවය නෙවෙයි..

ඉතින් රාවය වැහිලා ගියාට අපිට පාන්ද?


- චන්දරේ,
ඔව්... පාරේ තමයි ඉන්නේ.

Last modified on Sunday, 28 January 2018 22:44

Leave a comment

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us