පොහොර අර්බුධයකුත් නෑ.. හොර ගනුදෙනුවකුත් නෑ. - රෝෂණ වඩුගේ, සභාපති, 'ලක් පොහොර සමාගම' Featured

Thursday, 11 January 2018 23:14

යූරියා පොහොර අර්බුධයක් සම්බන්ධයෙන් පසුගිය සති කිහිපයේ... විවාදාත්මක තත්වයක් ඇති වී තිබුණද එය මේවන විට සමතයකට පත් කිරීමට රජයට හැකිව තිබේ. ඒ කෙසේ නමුත් මෙම යූරියා පොහොර අර්බුධය හා කාබනික දියර පොහොර සම්බන්ධයෙනුත් වන විවේචනාත්මක ප්‍රශ්න කිරීම මෙතෙක් අවසන්ව නොමැත. මේ සම්බන්ධයෙන් පළවන තොරතුරුවල පවතින පරස්පරතා හා අසත්‍ය කරුණු අඩංගුව ඇති බව අප විසින් මීට ඉහතදි පෙන්වා දෙනු ලැබුවේය. (හිතළු ලිවීමේ ගවේශනාත්මක මාධ්‍ය කරණයට අසුවූ පොහොර මා‍ෆියාව)

ඒ කෙසේ නමුත් මෙම පොහොර අර්බුධය සම්බන්ධයෙන් ලක් පොහොර සමාගමේ වත්මන් සභාපති රෝෂණ වඩුගේ මහතා අප සමඟ අදහස් හුවමාරුවකට කැමැති වූ අතර එම සාකච්ඡාව පහත දැක්වේ.

ඔබ ආයතනය විසින් මෙරට කෘෂි වෙළඳ පලට හඳුන්වා දුන් කාබනික දියර පොහොරය ප්‍රචලිත කිරීමේ අරමුණින් බොරු පොහොර හිඟයක් මවා පෑවා නේද?

කාබනික පොහොර වුණත් පළමු අදියරේදි රසායනික පොහොරත් සමගම තමයි භාවිතයට ගන්න ඕනේ. ඒ කියන්නේ කාබනික පොහොර අලෙවි කරන්න වෙන්නෙත් රසායනික පොහොර සමගමයි. ඉතිං රසායනික පොහොර නෑ කියලා බොරු පොහොර හිඟයක් මවාපෑවොත් අපිට කාබනික පොහොර අලෙවි කරගන්නත් බැරි වෙනවානේ.

අනෙක මේ රටේ කෘෂි කර්මාන්තය සඳහා වන පොහොර අවශ්‍යතාවයෙන් සියයට හැටක්ම සපුරාලන්නේ ලක් පොහොර සහ කලම්බු කොමර්ෂල් කියන රාජ්‍ය ආයතන දෙක. ඉතිරි සියයට හතලිහ තමයි පෞද්ගලික ආයතන සපුරන්නේ. සැබවින්ම පසු ගිය කාලයේ පකිස්ථාන රජය විසින් පොහොර අපනයනය සීමා කළ නිසා තමයි යම් පොහොර හිඟයක් මතු වුනේ. ඒත් වගකීම් දරන රාජ්‍ය ආයතන විදිහට අතිගරු ජනාධිපතිතුමාගේ නිවැරදි මග පෙන්වීමත් , කෘෂිකර්ම ඇමතිතුමාගේ නිවැරදි නායකත්වයත් යටතේ නොසිතූ ලෙස මතු වුන ඒ අභියෝගය අපි ජයගත්තා. පසුගිය ජනවාරි අට වෙනිදා හදීසි මිලදී ගැනීමක් මගින් පොහොර හිඟය නැති කිරීමට උවමනා කරන පොහොර තොගය රැගත් නෞකාව අපේ රටට සේන්දු වුනා. ඉතිං ඒ වගේ මුලු රටම දන්න ඇත්තකට බොරුවක් කියලා කියන්නේ කොහොමද ?


මෙච්චර කාලයක් මේ රටේ  පාවිච්චි කළේ ආනයනික රසායනික පොහොර නම් දැන් මොකටද ඔය කාබනික පොහොර ප්‍රචලිත කරන්න දඟලන්නේ ?

එතකොට ඇයි සංවර්ධිත රටවල්වල වගේම විශේෂයෙන්ම රසායනික පොහොර නිෂ්පාදනය කරන රටවල් පවා රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර පාවිච්චි කරන්නේ ? අපි මෙච්චර කාලයක් කළේ වැඩිපුරත් සල්ලි වියදම් කරලා ලෙඩ රෝග මිලදී ගත්ත එක. රසායනික පොහොර භාවිතය නිසා මූලික වශයෙන් වකුගඩු රෝග ඇතුලු මොන තරම් ලෙඩ රෝග ප්‍රමාණයකට අපේ රටේ මිනිස්සු ගොදුරු වෙනවද ? ජීවිත විනාස වෙනවද ? මේ රටේ අනාගත පරපුර ඒ නිසා දැඩි අනතුරක ඉන්නේ. ඒ විතරක් නෙමෙයි ජල මූලාශ්‍ර වලට සිදුවන හානිය, වගාබිම් නිසරු වී යාම වගේ මේ රට නුදුරේදිම දැඩි ව්‍යසනයකට තල්ලු කරලා දාන දිගුකාලීන හානිදායක දේවල්.. තව මොනතරම් හානි රසායනික පොහොර නිසා සිද්ධ වෙනවද ? ඉතිං රටේ ජනතාවගේ සෞඛ්‍යය, කෘෂි කර්මාන්තය, පරිසරය, රටේ මුදල් සහ ආර්ථිකය මේ හැමදේම හොඳින් රැකගන්න අපි කළයුතු හරි දේ දැන්වත් කරන්න දඟලන එක වැරදිද?


ගොවියා කාබනික පොහොර භාවිතයට වැඩි කැමැත්තක් නැහැ ?

ලක් පොහොර සමාගම කියන්නේ අවුරුදු පනහකටත් අධික කාලයක් මේ රටේ ගොවීන්ගේ ළඟම හිටපු හිතවතා. ඉතිං අපේ ආයතනය තරම් ගොවියා ගැන දන්නා හඳුනන ගොවියාගේ යහපත ගැනම හිතන වෙන කව්රුවත් නෑ. මේ රටේ පොහොර අධිකාරිත්වයක්, පොහොර මාෆියාවක් ගෙනියන පෞද්ගලික අංශයේ වෙළෙන්දන්ට එහෙමත් නැත්තං බහුජාතික සමාගම් වලට ඒවගේ හැඟීමක් කොහෙත්ම නෑ. ඒක නිසා අපි මේ රටේ ගොවි ප්‍රජාව හරිහැටි දැනුවත් කරලා තමයි මේ කාබනික පොහොර අලෙවිය සිදු කරන්න පටන් ගත්තෙත්. තවමත් ඒ දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මකයි.

ඒ වගේම මේ වෙනකොට අපේ සංස්ථා කාබනික පොහොර යෙදූ ගොවී මහත්වරුන්ගෙන් අපිට ඒ සඳහා තියෙන ඉල්ලුම දවස ගාණේ වැඩි වෙනවා. ඊට සාපේක්ෂව රසායනික පොහොර අලෙවිය දැන් කෙමෙන් කෙමෙන් අඩු වීගෙන යන්නේ. කාට බොරු කළත් ගොවීන්ට බොරු කරන්න බෑනේ. එයාලත් දැන් දන්නවා හරි දේ හොඳ දේ මොකද්ද කියලා. අනික රසායනික පොහොර වලට වඩා කාබනික පොහොර වලට අඩු වියදමක් දැරීමට සිද්ධ වෙන්නෙත්. අඩු වියදමකින් වැඩි ප්‍රතිලාභ ගන්න පුලුවන් නිසා එයාලා වැඩි වැඩියෙන් කාබනික පොහොර භාවිතයට පෙළඹෙනවා. ඒ වගේම ගොවිජනතාවගේ ඉල්ලුම වැඩිවීම නිසාත්, වැඩිපුර අලෙවි වට්ටම් ලැබෙන නිසාත් අපේ අලෙවි නියෝජිත මහත්වරුනුත් කාබනික පොහොර අලෙවියට ලොකු උනන්දුවක් දක්වනවා. ඒ විතරක් නෙමෙයි මෙතෙක් අප ආයතනය ලබපු හොඳම ලාභය වාර්ථා වෙන්නෙත් කාබනික පොහොර අලෙවියෙන්.

නමුත් ඔබ ආයතනය විසින් නිසි ක්‍රමවේදයකින් තොරව ඔය ලබාගන්නේ බාල වර්ගයේ කාබනික පොහොර දියරයක් ?

රාජ්‍ය ආයතන වල නායකයන් විටින් විට වෙනස් වුනාට ඒවායේ පවතින ක්‍රියාපටිපාටිය අපිට ඕනේ ඕනේ විදිහට, හිතෙන හිතෙන වෙලාවට වෙනස් කරන්න බැහැනේ. මේ කාබනික දියර පොහොර ව්‍යාපෘතිය පටන් ගත්තේ 2017 වර්ෂයේ මුල් භාගයෙදි. දැනට පවතින රාජ්‍ය ක්‍රම වේදයට අනුව පුවත්පත් දැන්වීම් හරහා අපි ව්‍යාපෘති යෝජනා ගෙන්වා ගත්තා. ඒ ආපු අයදුම්පත් පරික්ෂා කළේ මේ රටේ පොහොර වලට වගකියන පොහොර ලේකම්වරයාගේ විධානයෙන්, කෘෂිකර්ම අමාත්‍යංශයේ කාබනික අංශය භාර ප්‍රධානියගේ මූලිකත්වයෙන් සැදුම්ලත් කමිටුවක් විසින්.
ඔවුන් මුලින් තාක්ෂණ කමිටුවකුත් (Tech commitee), ඊට පස්සේ ඇගයීම් කමිටුවකුත් (Evaluation Committee), පවත්වලා ඒ හරහා තමයි මේ ව්‍යාපෘතිය සඳහා සුදුසු යෝජනා සහා ආයතන පිළිබඳ නිර්ණයකට එළඹුනේ. ඒ අනූව තෝරා ගැනුනෙත් කාබනික පොහොර නිෂ්පාදනය සඳහා කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ තිබෙන පොහොර ලේකම් කාර්යාලයේ පූර්ණ අනුමැතිය ලත් ආයතන දෙකක්. ඔවුනුත් වසර ගණනක් තිස්සේ ඒ නිෂ්පාදනය පිලිබඳව පර්යේෂණ කරපු ආයතන.
ඊටපස්සේ ඒ නිෂ්පාදන අපේ තත්ත්ව පරීක්ෂණ මධ්‍යස්ථාන වලට, විද්‍යාගාර වලට යොමු කරලා ගුණාත්මකභාවය පිලිබඳව නිවැරදිව පිරික්සුවා, ඒ වගේම මීට පළමුව ඔවුන් වෙළඳ පොළ තුල අලෙවි කර තිබූ එම කාබනික පොහොර පිලිබඳව ගොවි මහත්වරුන්ගෙන් ද තොරතුරු විමසා බලා ගවේශනය කළා, ඒවායින් ලැබුනු නිර්දේශ වලට අනුකූලව ලංකා පොහොර සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට යොමු කරලා, අදාල අනුමැතිය ලබාගෙන අවසානයේ අපි එම ආයතනයත් සමග ගිවිසුම් ගතවුනේ. නැතුව මේක අපේ කාගෙවත් පෞද්ගලික කැමැත්තට ගත්ත තීරණයක් නෙමෙයි.


එතකොට ඒ ආයතනයට රුපියල් මිලියන 125 ක බැංකු ඇපකරයක් දුන්නේ ?

පසුගිය වසර දහය පහලොව අතර කාලයේ මේ රටට පොහොර ගෙන්නුවේ ‘ණයවර ලිපි’ ( LC ) පිලිවෙතට අනුව. ඒකෙදි ජාත්‍යන්තර ව්‍යාපාර ක්‍රම වේදයන්ට අනූව ඔවුන් ඔවුන්ගේ මුදල කලින්ම ලබා ගන්නවා. නමුත් අපි කවදාවත් දැකලා නැති සැපයුම්කරුවෙකුට, ගුණාත්මකභාවය පිළිබඳ කිසිවක් නොදන්නා භාණ්ඩ තොගයකට තමයි මේ මිලියන ගණනක මුදලක් අපි වියදම් කරන්නේ. ඒ වගේම ඒ එන පොහොර තත්වයෙන් බාල ඒවා වුනත් අපිට වෙන කරන්න දෙයක් නෑ ඒවා බාරගන්නම සිද්ධවෙනවා. ඒත් මෙතනදි අපට විශ්වාසවන්ත සැපයුම්කරුවෙකුට, අපි දන්නා තත්වයෙන් උසස් නිෂ්පාදනයකටයි බැංකු ඇපකරයක් නිකුත් කළේ.

අනික ඔය ගිවිසුම් ගතවීමට පෙර අදාල ආයතනය විසින් ඒ සඳහා බැංකු ඇපකරයක් අවශ්‍ය බව අපට දන්වා සිටියා. එයට හේතුව තමයි මේ කාබනික දියර පොහොරය නිෂ්පාදනය කරන්නේ සංස්ථා නාමය යටතේ පමණයි. ඒ වගේම ඒවා ලබා දෙන්නෙත් ලක් පොහොර සමාගමටම විතරයි. ඒ නිසා එම නිෂ්පාදන ක්‍රියාදාමය බලගැන්වීම (mobilization) සඳහාත්, කව්රුත් දන්නා පරිදි කාබනික පොහොර නිෂ්පාදනයට යම් කාලයක් ගත වෙන නිසා ඒ සදහා අවශ්‍ය කරන ස්වාරක්ෂක තොග (buffer stock) පවත්වා ගැනීමටත් සහතික කිරීමක් විදිහටයි ඒ බැංකු ඇපකරය අපි අදාල ගිවිසුම් ප්‍රකාරව නිකුත් කළේ. ගිවිසුමෙන් පරිභාහිරව කිසිදු දෙයක් අපි කරලා නැහැ.

සමහරු කියලා තිබුණා ඒ බැංකු ඇපකරය අවුරුදු තුනකට ලබාදීලා තිබුණා කියලා. ඒක පට්ටපල් බොරුවක්. ගිවිසුම් ප්‍රකාරව අවුරුද්දකටයි අපි ඒක නිකුත් කලේ. ඒකත් සෑම භාණ්ඩ ලබාගැනීමකදීම ඒ බැංකු ඇපකරයෙන් සියයට තිහක් අඩු කරගැනීමේ එකඟතාවයක් මත. ඒ අනූව මේ ගිවිසුම්ගත වී සිටින මාස හයක කාලය ඇතුලත මේ වෙනකොට එයින් මිලියන පනහකටත් වැඩි මුදලක් අපි අඩු කරගෙනත් ඉරවයි.

එතකොට පොහොර අවශ්‍ය ප්‍රමාණයට වඩා මිල දී ගෙන ගබඩා කරන් ඉන්නේ ?

පොහොර නෙමෙයි ඕනම භාණ්ඩයක් හෝ සේවාවක් අපිට දිවයින පුරා ව්‍යාප්ත කරන්න, ප්‍රචලිත කරන්න පුලුවන්කමක් නැහැනේ. ප්‍රමාණවත් තොගයක් අප සතුව නැත්තම්. ලක් පොහොර සමාගමේ අලෙවි නියෝජිතයින් 1800කට අධික ප්‍රමාණයක් සිටිනවා. ගොවිජන සේවා මධ්‍යස්ථාන 556ක්, ඒ වගේම සුවිශාල ගබඩා සංකීර්ණ 48ක් තිබෙනවා. ඉතිං ඒවා හා සංසන්ධනාත්මකව බලනකොට දිවයින පුරා මේ නිෂ්පාදනය ප්‍රචලිත කරන්නනම් අවම වශයෙන් අපි සතුව පොහොර ලීටර් 250,000 ක්වත් තියෙන්න ඕනේ.
ඒත් ඇත්තටම අපි මේ වෙනකොට අරගෙන තියෙන්නෙත් ඊට අඩු ප්‍රමාණයක්. ඒ ගත්ත ප්‍රමාණයෙනුත් ලීටර 50,000 ක් මේ වෙනකොට විකුණලත් ඉවරයි. ඉතිං කොහොමද කියන්නේ අනවශ්‍ය ප්‍රමාණයක් අරගෙන ගබඩා කරගෙන ඉන්නවා කියලා ? රටට, ගොවියාට, සාමාන්‍ය ජනතාවට, හැමෝටම වගකියන රාජ්‍ය ආයතනයක් විදිහට අපි කවදත් අරගත්තේ නිවැරදි තීරණ.

ගන්න තීරණ නිවැරදිනම් මේ තරම් අය විරුද්ධ වෙන්නේ ඇයි?

සාමාන්‍යයෙන් සෑම අවුරුද්දකම රසායනික පොහොර ආනයනය කිරීම සඳහා අවම වශයෙන් රුපියල් බිලියන 32ක් ඒ කියන්නේ රුපියල් මිලියන 32,000ක වගේ අති විශාල මුදලක් අපේ රටෙන් පිටරටට ඇදී යනවා. ඒ තරම් විශාල මුදලක වියදම් කරලත් අපේ රටට එන්නේ අපේ ශරීර, අපේ අනාගත පරපුර ලෙඩ කරවන පොහොර වර්ග. නමුත් කාලාන්තරයක් තිස්සේ මේ පොහොර ව්‍යපාරයේ යෙදී සිටින පෞද්ගලික හා බහුජාතික සමාගම් මේ පොහොර වලින් අසාමාන්‍ය ලෙස ලාභ ලබනවා. කාබනික පොහොර ප්‍රචලිත වීමෙන් ඒ සියල්ල නැතිවී යන නිසා ඔවුන් මෙයට දැඩිව විරුද්ධයි.

අනික පසුගිය කාලයේ මෙරටට රසායනික පොහොර ආනයනය කළේ නුසුදුසු ක්‍රමවේදයක් හරහා. ඒ නිසා වැඩි වාසිදායක මූල්‍ය ගනුදෙනු සඳහා ලොව සංවර්ධිත රටවල් වල පවා වැඩි ප්‍රවණතාවක් තිබෙන ‘ණය පදනම මත බැංකු හරහා ගනුදෙනු කිරීමේ’ ( DA ) ක්‍රමවේදය අපි හඳුන්වා දුන්නා. එමගින්, කලින් ණයවර ලිපි හරහා පොහොර ගෙන්වීමේ දී සිදුවුන චැඩි අවාසි සහගත තත්වයක් වෙච්ච බාල පොහොර ලබා ගැනීමට සිදු වීමේ අවධානම මග ඇරිලා යනවා.

ඒ වෙනුවට පොහොර වල තත්වය පරික්ෂා කරලා බලලා මෙරටට එවන බාල පොහොර ප්‍රතික්ෂේප කරලා යවන්නටත් , බිලියන ගණනක මෙරට මුදල් වල සුරක්ෂිතතාව තහවුරු කරගන්නටත් අපිට හැකියාව ලැබෙනවා. මෙන්න මේ ආකාරයේ රටට වැඩි වාසිදායක දේවල් සිදුවෙන එක බලාගෙන ඉන්න බැරි උදවිය තමයි ඔය වැඩිපුර ප්‍රශ්න ඇති කරන්නේ. තර්ජන කරන්නේ. මඩ ප්‍රචාර දියත් කරන්නේ. කොටින්ම මේ වෙනකොට අපේ රාජ්‍ය ආයතන වල යම් නිළධාරීන්ව පවා නොයෙකුත් ආකාරයෙන් ඔවුන්ගේ ග්‍රහනයට ලක් කරගෙන අපි මේ යහපත් හෙටක් සඳහා දරන්නා වූ අපරිමිත උත්සාහය, දැවැන්ත වැඩපිලිවෙල කඩාකප්පල් කරලා දාන්න ඉතා දැඩි ලෙස උත්සාහ දරමින් සිටිනවා.

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ‘වස විසෙන් තොර රටක්-නිරෝගිමත් පරපුරක්’ යන උදාර සංකල්පය කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමාගේ නිවැරදි නායකත්වය යටතේ අපි නිසි ලෙස ක්‍රියාවට නංවන්නේ අපේ යුතුකමක් සේ සළකලා. ඒ නිසා ඔය DA ක්‍රමවේදය හඳුන්වා දුන්න මොහොතේදිත් ඉතා දැඩි ලෙස අපිට විරුද්ධව නොයෙකුත් කඩාකප්පල්කාරී වැඩ සිදු කරපු කණ්ඩායම තවමත් ඒවා ඒ ආකාරයෙන්ම සිදු කරගෙන ගියත් ඒ කිසිවකින් නොසැලී මේ දරන උත්සාහය කුමන බාධක කම්කටොලු ආවත් අත්නොහැර, ඉදිරියටම ගෙනියලා රටේ අනාගතය වෙනුවෙන් අපගේ යුතුකම් අපි අවංකව ඉෂ්ඨ කරනවා.

roshana 2


මොන යුතුකම්ද ?

අංක එක, රටේ අනාගතය නිරෝගිමත් කරන වසවිසෙන් තොර පොහොර ලංකාවෙම නිෂ්පාදනය කරලා මේ රටේ කෘෂිකර්මාන්තය නගා සිටුවීමට යොදා ගැනීම, අනික කාබනික පොහොර නිෂ්පාදනය හරහා රට තුල ව්‍යවසායකයින් බිහි කිරීම වගේම රටේ දැවෙන ප්‍රශ්නයක් වෙච්ච විරැකියාවට විසඳුම් විදිහට නව රැකියා අවස්ථා ඇති කිරීම. ඊළඟට රසායනික පොහොර සඳහා මේ රටින් පිටරටට බහුජාතික සමාගම් වලට ඇදී ගිය මහාපරිමාණ මුදල් අපේ රටේම ඉතිරි කර ගැනීම. ඒ විතරක් නෙමෙයි මෙරටින් පිට රටට මුදල් ඇදී යෑම වෙනුවට පිටරටින් අපේ රටට මුදල් ගෙන්වා ගත හැකි වන ලෙස වස විසෙන් තොර පොහොර නිෂ්පාදනය කොට අපනයනය කිරීම. අවසාන වශයෙන් අපේ රටට උවමනා කරන පොහොර අප රටේම නිෂ්පාදනය කිරීම වගේ දේශහිතෛශී අරමුණූ රැසක් යුතුකම් සේ සළකා ඉෂ්ඨ කිරීමට අපි කැපවෙනවා.

ඒ අරමුණු වචන වලට පමණක් සීමා වෙයිද ?

කටින් බතල හිටවපු කාලේ ඉවරයි. අපේ අරමුණු සැබෑ කරගන්න දැරිය යුතු උපරිම උත්සාහයන් අපි දැනටමත් දරනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මේ වෙනකොට ලක් ඉතිහාසයේ මුල් වරට ලාංකික නිෂ්පාදනයක් ලෙස සංස්ථා කාබනික පොහොර අපනයනය කිරීම අපි ආරම්භ කළා. එහි මුල් පියවර ලෙස මාලදිවයින සහ කොරියාව යන රටවල් වලට සංස්ථා පොහොර අපනයනය කළා. ඒ වගේම ලොව අංක එකේ කාබනික පොහොර නිෂ්පාදනය කරන රටක් වන ජපානයේ රසායනාගාර කිහිපයකටම අපගේ සංස්ථා කාබනික පොහොර වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කරලා තිබෙනවා. ඒවායේ තත්ත්ව සහතිකයන් ලැබුණ හැටියම අපට ජපන් වෙළඳ පොලටත් අපගේ පොහොර හඳුන්වා දෙන්න පුලුවන්.

අනික මෙතුවක් අපේ සමාගමේ මෙහෙයුම වුනේ මේ රටට අවශ්‍ය රසායනික පොහොර ගෙන්වීම සහා බෙදා හැරීම. නමුත් මේ වෙනකොට අපි රටට වැඩිවාසිදායක, රටේ මුදල් රටේම ඉතිරි කරන වස විස නැති කාබනික පොහොර රටට හඳුන්වා දීලා තිබෙනවා. ඒ වගේම ඉදිරියේදි වගා සංග්‍රාමය යටතේ කෘෂි කර්මාන්තයට අවශ්‍ය උදැල්ල , නගුලේ සිට හාවස්ටරය දක්වා ඇති මෙවලමුත්, තවමත් මෙරට භාවිතා නොකරන අධි තාක්ෂණික කෘෂි උපකරණ පවාත් සංස්ථා නාමය සහ රජයේ වගකීමක් යටතේ මේ රටේ ගොවි ජනතාවට සහනදායි මිල ගණන් වලට ලබා දීමට අපි කටයුතු සූදානම් කරගෙන යනවා. ඒ කියන්නේ නුදුරේදිම සියලු පුද්ගලික ආයතනද අභිබවා අපි මෙරට කෘෂිකර්මාන්තයට සවි බල දෙන අංක එකේ ශ්‍රී ලාංකීය සැබවින්ම ලාබ ලබන රාජ්‍ය කෘෂි ව්‍යාපාර ආයතනය බවට පත් වෙන එක කාටවත්ම නවත්තන්න බැහැ.

පොහොර සමාගම පෞද්ගලික බූදලයක් කියලා හිතාගෙන වැඩ කරනවා කියලා චෝදනාවක් තියෙනවා ?

පෞද්ගලික බූදලයක් කියලා හිතාගෙන නැහැ. හැබැයි පෞද්ගලික දේකටත් වඩා වැඩි උනන්දුවකින් අපි මේක ආරක්ෂා කරනවා. ‘වස විසෙන් තොර රටක් - නිරෝගිමත් පරපුරක් ’ කියන අතිගරු ජනාධිපතිතුමන් දුන් උදාර සංකල්පය ක්‍රියාවට නැංවීමයි මේ සිද්ධ වෙන්නේ. එහිදී කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමාගේ නිවැරදි නායකත්වය යටතේ ලක් පොහොර සමාගමේ සභාපති විදිහට මට තමයි මේ සියලු වගකීම් පැවරිලා තියෙන්නේ. ඒ අනූව තමයි අපි හැමෝම වහාම ක්‍රියාත්මක වෙලා මෙම වැඩපිළිවෙල ආරම්භ කළේ. අපිට පුලුවන් වුනා ලක් ඉතිහාසයේ පළමු වරට සංස්ථා සන්නාමය යටතේ වස විසෙන් තොර කාබනික පොහොර මෙරටදීම නිෂ්පාදනය කරලා අපේ වෙළඳ පොලට හඳුන්වා දෙන්න. අපේ රටින් පොහොර අපනයනය කරන්න.

වංචා දූෂණ වලින් තොරවෙලා, අවංකව, සද්භාවයකින් කැපවුන නිසයි අපිට ඒ දේවල් කරන්න පුලුවන් වුනේ. ඔය සමහරු කියන අතයට කොමිස් වලට වහල් නොවී, නිවැරදි ක්‍රියාපටියට අනූව විනිවිදභාවයකින් සියලු කටයුතු කරපු නිසයි මේ විදිහට ඒ හැම රාජකාරී කටයුත්තක්, ගනුදෙනුවක් පිලිබඳවම කෙළිං කතා කරන්න පුලුවං වෙලා තියෙන්නේ. ‘ඵල ඇති රුකට ගල් පොලු වදින බව ’ දන්න හිංදා අපිට විරුද්ධව මොන බොරු මඩ ප්‍රචාර දියත් කළත් අපේ උත්සාහය අපි අත්හරින්නේ නැහැ. 2018 වර්ෂය සඳහා වන පොහොර අවශ්‍යතාවයෙන් සියයට තිහක්ම කාබනික පොහොර හරහා සපුරමින් ලොකු මුදලක් අපේ රටට ඉතිරි කරලා දෙන්නත් අපි දැනටමත් සූදානම්.

Last modified on Thursday, 11 January 2018 23:15

Leave a comment

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us