ඊයේ අනුරාධපුර තඹුත්තේගම පැවැති ගොවි උද්ඝෝෂණයට හේතුව 2011 වසරේදී රාජපක්ෂ ආණ්ඩුව ආරම්බ කළ පානීය ජල ව්‍යාපෘතියට එරෙහිව බව දැන ගැනීමට තිබේ.

අද අනුරාධපුර තඹුත්තේගම පැවැති උද්ඝෝෂණයක් විසුරුවා හැරීම සඳහා පොලීසිය ඉතා නරුම ප්‍රහාරයක් දියත් කර තිබේ.

ජනාධිපතිවරයා තමාගේ පොළොන්නරු චින්තනය අනුව ආර්ථිකය හැසිරවීම සියත ගෙන ඇති බවට අද පුවත් පත් වාර්තා කිහිපයක්ම පළ වී තිබේ. ඒ අනුව අගමැති රනිල් වික්‍රමසිංහගේ අධීක්ෂණය යටතේ යටතේ ක්‍රියාත්මක වූ ආර්ථික කළමනාකරණ පිළිබඳ කැබියට් අනු කමිටුව අහෝසි කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඊයේ (27 වැනිදා) පැවැති කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීමේදී තීරණය කර තිබේ.

රනිල් වික්‍රමසිංහව එළවා ගැනීම දැන් සියලු දේශපාලන පක්ෂවල අභියෝගය වී තිබේ. ලංකාවේ දේශපාලනය තුල එසේ අභියොගාත්මක වූ තවත් චරිත තිබුණේ දෙකක් පමණි ඒ ජේ ආර් ජයවර්ධන හා වේලුපිල්ලේ ප්‍රභාකරන්ය.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට නීතිය හා සාමය අමාත්‍යංශය බාර දීමට එජාප නායකත්වය විසින් තීරණය කර තිබුණද ඊට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයට හිතැති කහකඩධාරීන්ගේ විරෝධය පි‍ටුපස සිටින්නේ ජනාධිපතිවරයාගේ පාර්ශ්වයේම කොටසක් බවට තොරතුරු අනාවරණය වේ.

දේශපාලකයන්ගේ බලය ඉදිරියේ දණ නොගසන තරුණ පරපුරක් නිර්මාණය කළ යුතු බව ඇමති මංගල සමරවීර මහතා පවසයි. ඔහු මේ බව සදහන් කළේ අද මාතර බාලිකා විදුහලක පැවති උත්සවයකට සහභාගි වෙමින්ය.

පළාත් පාලන මැතිවරණයෙන් ඉක්බිති රටේ විවිධ පාර්ශ්ව දැවැන්ත විලි රුදාවකින් පෙළෙන්නට විය. ඒ, අගමැතිවරයා සිය ධුරයෙන් ඉවත්විය යුතුය යන විලිරුදාවෙනි.

ජනාධිපතිවරයා පසුගිය පළාත් පාලන මැතිවරණ වේදිකාව පාවිච්චි කළේ රනිල් හොරා කියන්නය. අගමැති තනතුර වෙනස් කරන්නත් මහ මෙහෙයුමක් දියත් කළේය. තමුන් මේ හොරු අල්ලා අවීචි මහනරකාදියට යවා මිසක් තනතුරෙන් යන්නේ නැති බවද කීවේය.

සංගීතවේදී චිත්‍රාල් සෝමපාල සිය ෆේස්බුක් සටහනක් මඟින් මේ රටේ මජරකම ගැන දැමූ අදහසට සිංහල බෞද්ධ ජාතිවාදී උන්මන්තකයන්ගේ ලේ කෝප වී තිබේ. සුපුරුදු පරිදිම චිත්‍රාල්ගේ අම්ම අප්පා මතක කරමින් බැණ වදිමින් තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව වන බලවේගවලින් ඔහුව රැක ගතයුතු බව අගමැතිවරයා එජාප මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දී තිබේ. කිලී මහරාජා සහ ඔහුගේ මාධ්‍ය නඩයත් ,ඔහුගෙන්ම වරප්‍රසාද ගන්නා ගොබ්බ ජනාධිපති උපදේශකයෝ , මහරාජා යටතේ තිබෙන් ජනාධිපති මාධ්‍ය අංශයත් සහ මහින්ද රාජපක්ෂගේ පොහොට්‍ටු කණ්ඩායමත් විසින් මේ වන විට ජනාධිපතිවරයාව දැඩී පීඩනයකට ලක් කර ඇති බවත් එම නිසා මේ මොහොතේදී ඔහුට ශක්තියක් වීම මිස ඔහුව විවේචනයට නොකරන ලෙස අගමැතිවරයා අවධාරණය කර තිබේ.

Connet With Us